05/01/2024
ජෛව පද්ධති තාක්ෂණවේදී (ගෞරව) උපාධි පාඨමාලාව පිළිබඳ ඔබ දැනුවත්ද ? (Bachelor of Biosystems Technology Honours - BBST Hons)
තාක්ෂණවේදය විෂය ක්ෂේත්‍රය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ඔබට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ප්‍රධාන වශයෙන් උපාධි පාඨමාලා දෙකක් පිරිනමනු ලබයි.
එනම්,
1. ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව
2. ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව
ඒ අතරින් මෙම ලිපියෙහි විස්තර කරනු ලබන්නේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පිරිනමනු ලබන ජෛව පද්ධති තාක්ෂණවේදී සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාව පිළිබඳවයි .
රාජ්‍ය විශ්වවිද්‍යාලයකට මෙම පාඨමාලාව සඳහා බඳවාගනු ලබන්නේ අ.පො.ස උසස් පෙළ විභාගයට ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව යටතේ ඉහළ Z අගයන් ඇති විශ්වවිද්‍යාල අපේක්ෂකයින් වේ. තෝරාගැනීමට සලකන අවම Z අගය දිස්ත්‍රික්ක අනුව වෙනස් ව්ය හැක.
ගණිතය , භෞතික විද්‍යාව , රසායනික විද්‍යාව , ජීව විද්‍යාව , ජෛව තාක්‍ෂණය , ක්ෂුද්‍රජීව විද්‍යාව , සහ ජෛව පද්ධති තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය පරිචය සඳහා අවශ්‍ය පරිගණක භාවිතය සම්බන්ධ නිපුණතා සහිත, රටේ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා අවම පාරිසරික බලපෑම් සහිත ජෛව බලශක්ති, ඖෂධ සහ ජෛව තාක්ෂණ නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ විභවයක් සහිත වෘත්තිකයින් බිහි කිරීම අරමුණ වේ.
මෙය වසරකට සාමාසික (Semesters) දෙක බැඟින් වූ මුළු සාමාසික 8 කින් සමන්විත සිව් අවුරුදු උපාධි පාඨමාලාවකි. මෙම පාඨමාලාවට ඇතුළත් වන සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් තම අධ්‍යයන කටයුතු හදාරණ අතර වසර හතර අවසානයේ ඔවුන්ට ජෛව පද්ධති තාක්ෂණවේදය පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හිමි වේ.
පළමු වසර දෙක තුල පොදු විෂයන්ගෙන් සමන්විත වේ.
තෙවන වර්ෂයේ සිට ජෛව බල ශක්තිය (Bio-Energy) , ජෛව තාක්ෂණය (Bio technology ) , ඖෂධ අනාවරණය ( drug discovery ) යන ප්‍රධාන විෂය මාලා තුනක් යටතේ අධ්‍යයන කටයුතු කිරීමට ඉඩ සලසා දී ඇත.
හතරවන වසර (හතරවන වසර පළමු සාමාසිකය ) අධ්‍යයන කාලය තුලදී කර්මාන්තගත පුහුණුක් සඳහා ඔබට අවස්ථාවක් හිමි වන අතර ඒ සඳහා පහත සඳහන් ආකාරයේ සේවා ස්ථාන තුල අවස්ථා හිමි වේ.
Bioenergy
◼️Ethimale Sugar Plantation
◼️Agro Bio Fuels Pvt Ltd
◼️Lanka Sugar
◼️ATG Ceylon (pvt) Ltd
◼️BIofuel Lanka Pvt Ltd
◼️Hayleys Fabric PLC
◼️AEN Palm Oil Processing Pvt. Ltd
◼️Silvermill Group
Biotechnology
◼️Plant Genetic Resources Centre
◼️Pelwatte Dairy Industry LTD
◼️Watawala Plantations Palm Oil Mill
◼️Rubber Research Institute
◼️Coconut Reesearch Institute
◼️Rice Research and Development Institute
Drug Discovery
◼️National Dangerous Drug Control Board
◼️ACE Healthcare PVT Ltd
◼️Industrial Technology Institute
◼️Navesta Pharmaceuticals
◼️Kelun Lifesciences Pvt
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ අධ්‍යයන අංශයට අදාළව විද්‍යාගාර 4 ක් වේ.
1. Biotechnology Laboratory
2. Pharmaceutical Laboratory
3. Bioenergy Laboratory
4. Microbiology Laboratory
මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් සඳහා දේශීය සහ විදේශීය රැකියා වෙළඳපොළෙහි විශාල ඉල්ලුමක් පවතී . පහත දක්වා ඇති රැකියා අවස්ථාවන් සඳහා තම රුචිකත්වය අනුව ඉල්ලුම් කිරීමේ අවස්ථාව පවතී.
• Biotechnologist
• Research Scientist in Biotechnology
• Bioprocess Engineer
• Bioenergy Analyst
• Renewable Energy Engineer
• Biogas Plant Operator
• Drug Discovery Researcher
මෙලෙසින් දැනුමෙන් , ආකල්පයන්ගෙන් , තාක්ෂණික , පර්යේෂණ කුසලතා සහ හැකියාවන් වලින් සන්නද්ධ නායකත්ව ලක්ෂණ වලින් පිරිපුන් , ජාතික මෙන්ම අන්තර්ජාතික ජෛව තාක්ෂණ රැකියා ක්ෂේත්‍රය තුළ පුරෝගාමීන් ලෙස කටයුතු කරන උපාධිධාරීන් ලොවට දායාද කිරීමට සබරගමුව විශ්වවිද්‍යාල මාතාව මහඟු මෙහෙවරක් ඉටුකරයි.
Are you aware of the Biosystems Technology (Honours) degree programmes?
(Bachelor of Biosystems Technology Honours - BBST Hons)
Sabaragamuwa University of Sri Lanka offers two main degree courses in technology
they are,
1. Bachelor of Biosystems Technology Honours - BBST Hons
2. Bachelor of Engineering Technology Honours - BET Hons
Among them, this article describes the four-years honors degree programme
in Biosystems Technology offered by the Sabaragamuwa University of
Sri Lanka.
Bioenergy, pharmaceuticals and biotech products with minimum environmental impact to ensure sustainable development of the country
with computer related skills required for professional practice in mathematics, physics, chemistry, biology, biotechnology, microbiology,
and biosystems technology. The aim is to produce professionals with potential.
This is a four-year degree course consisting of a total of 8 semesters with two semesters per year. Students study their studies only through English medium and at the end of four years they will be awarded the Honors Degree of Biosystems Technology.
The first two years consist of general subjects.
From the third year, allowed to study under three main
courses: Bio-Energy, Biotechnology, and Drug Discovery.
During the fourth year (fourth year first semester) have industrial training and for that you have opportunities in the following workplaces.
Bioenergy
◼️Ethimale Sugar Plantation
◼️Agro Bio Fuels Pvt Ltd
◼️Lanka Sugar
◼️ATG Ceylon (pvt) Ltd
◼️BIofuel Lanka Pvt Ltd
◼️Hayleys Fabric PLC
◼️AEN Palm Oil Processing Pvt. Ltd
◼️Silvermill Group
Biotechnology
◼️Plant Genetic Resources Centre
◼️Pelwatte Dairy Industry LTD
◼️Watawala Plantations Palm Oil Mill
◼️Rubber Research Institute
◼️Coconut Reesearch Institute
◼️Rice Research and Development Institute
Drug Discovery
◼️National Dangerous Drug Control Board
◼️ACE Healthcare PVT Ltd
◼️Industrial Technology Institute
◼️Navesta Pharmaceuticals
◼️Kelun Lifesciences Pvt
Faculty of Technology of Sabaragamuwa University has 4 laboratories related to Biosystems Technology.
1. Biotechnology Laboratory
2. Pharmaceutical Laboratory
3. Bioenergy Laboratory
4. Microbiology Laboratory
There is a great demand for students who have completed this degree
course in the local and foreign job market. There is an opportunity to apply for the following jobs according to your interest.
• Biotechnologist
• Research Scientist in Biotechnology
• Bioprocess Engineer
• Bioenergy Analyst
• Renewable Energy Engineer
• Biogas Plant Operator
• Drug Discovery Researcher
In this way, Mother of Sabaragamuwa University is fulfilling a great mission to endow the world with graduates who are equipped with knowledge, attitudes, technical, research skills and abilities, and are full of leadership characteristics, who will act as pioneers in the field of national and international biotechnology
employment.