06/06/2026
ගණිත පොතේ ගැටළු වලට
ජිවිත පොත ගලපගන්න
තර්කනයෙන් ඒ පැන වල
හොඳම පිළිතුරක් සොයන්න
ශිල්ප සතර පිරි සයුරක
සවිමත් වී කිමිද යන්න
පරපුරකට ලොව දිනන්න
යදම් ලෙසින් අත් බඳින්න
ජ්‍යාමිතියේ රස මුසු තැන්
ඔබත් සමග සොයා යන්න
වර්ගඵලය, භාග, කෝණ
ගැටළු පහසුවෙන් දිනන්න
නැණ ගුණ පිරි කුලක වලින්
මේලය ගෙන සවි ලබන්න
මතු දිනයක කිරුළු දරන
සුහුඹුල් අංකුර රකින්න
සා. පෙළ ළඟ උස පිම්මක්
නොබියව ජවයෙන් පනින්න
නව අරුණළු කිරණ අරන්
හෙට ලොවකට දළු දමන්න
රුහුණු වෘක්ෂයේ සෙවණින්
ඒ බිජු පෝෂිත කරන්න
මෙහෙරක්ව ඔබ පසුපස
සවියකවී පියමනින්න
2026/2027 අධ්‍යන වර්ෂයට අදාළව රුහුණ විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගණිත විෂයට අත්වැලක් සැපයීම උදෙසා සිදු කෙරෙන "මෙහෙවර" ගණිත සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්.
අප හා සම්බන්ධ වීමට ඔබත් කැමති නම් දැන්ම අපිට කතා කරන්න.
විමසීම් සඳහා : 0770164632
මෙහෙවර - Mehewara
#මෙහෙවර