12/05/2026
2026/05/12
සහෝදර සාමාජිකයින්.
විශේෂ සමිති වාරයක් පැවැත්වීම සම්බන්ධවයි..
2026/05/17 වන ඉරිදා දින උදේ 08:30 ට පාසල් භූමියේදී මෙම සමිති වාරය පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා සියලුම සාමාජිකයන්ගේ පැමිණීම ඉතා වැදගත්ය.තවද 2022/2023/2024/2025/2026..යන වර්ෂයන් වල අප සංගමය හරහා පාසලට ළමුන් ඇතුළත් කළ සාමාජිකයන්ගේ පැමිණීම ඉතා වැදගත් හා අනිවාර්ය වේ.මෙම සමිති වාරය සඳහා අප පාසලේ විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිනියද සහභාගී වේ.තවද 2027 වර්ෂයට ද පාසලට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන සාමාජිකයන්ද පැමිණිය යුතුය.අප සංගමයේ සියලුම කාරක සභා නිලධාරීන් ඇතුළු සියලුම නිලයන්ගේ පැමිණීම අනිවාර්ය වේ...
තවද සාමාජික ඔබ විසින් මේ වනතෙක් සංගමයේ යම් තනතුරක කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධව සියලු තොරතුරු මෙම සමූහය වෙත හැකි ඉක්මනින් ලබා දීමට කාරුණික වන්න..
මෙම සියලු කටයුතු සිදුවන්නේ අප සංගමයේ ඉදිරි පැවැත්ම සඳහාය.ඒ වෙනුවෙන් ඔබ සෑම දෙනා ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකමි...
ස්තුතියි..!
උප සභාපතිතුමා,
ලේකම්තුමිය.