SETI Campus

SETI Campus Successful Entrepreneurship Training Institute��

🏛SETI CAMPUS🤩හැමෝම හොයන පාඨමාලා තුනක් ADVANCE CERTIFICATE COURSE එකක් විදියට මාස 04න් ඉවර කරගමුද? 📜Graphic Desing Advanc...
13/01/2025

🏛SETI CAMPUS

🤩හැමෝම හොයන පාඨමාලා තුනක් ADVANCE CERTIFICATE COURSE එකක් විදියට මාස 04න් ඉවර කරගමුද?

📜Graphic Desing Advance Certificate Course
📜Ms Office With Basic IT Knowledge Advance Certificate Course
📜Video Editing Advance Certificate Course

-----------------------------------

⏰පාඨමාලා කාලය - මාස 04
🎥Zoom ඔස්සේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සහභාගි විය හැක
💎වයස් සීමාවකින් තොරව සම්බන්ධ විය හැක
🎞Recording බැලීමේ පහසුව

🛑පාඨමාලාව සදහා පළමුව ලියාපදිංචි වන සිසුන් 100 දෙනා සදහා 50% ක විශේෂ වට්ටමක් හිමි වේ.

🛑වාරික වශයෙන් ගාස්තු ගෙවීමේ හැකියාව

-----------------------------------

📝පාඨමාලාවේ වැදගත්කම

💎වර්ථමාන සහ අනාගත රැකියා වෙළදපොල තුර වැඩිම ඉල්ලුමක් ඇති පැතිකඩක් වීම
💎මූලික දැනුමක් අවශ්‍ය නොවීම
💎තමන්ගේම ව්‍යාපාරයක් මේ තුළින් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබීම
💎අන්තර්ජාල මුදල් ඉපයීමේ හැකියාව ලැබීම සහ අප ආයතනය තුලින් ඒ සදහා ඔබට මග පෙන්වීම
💎පාඨමාලා අවසානයේ වටිනා සහතිකපත්‍රයක් හිමි වීම

-----------------------------------

නොමිලේ සම්මන්ත්‍රණය සදහා සහභාගී වීමට පහත Whatsapp Group එකට සම්බන්ධ වෙන්න 👇
https://chat.whatsapp.com/BgVr27ALzWz4BzJXbQBK4H

එසේ නොමැතිනම් ඔබගේ සම්පූර්ණ නම සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ නම සදහන් කර පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
☎️072-790 5552

තවත් දරුවෙක් වෙනුවෙන් share කරන්න ❤️

🏛SETI CAMPUS👨‍🎓Diploma In Tamil👩‍🎓දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවමුල සිට සරලව ඉගැන්වෙන ඩිප්ලෝමා පාඨමාලාවේ 2025 පළමු කණ්ඩායම සදහා ...
13/01/2025

🏛SETI CAMPUS

👨‍🎓Diploma In Tamil👩‍🎓
දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව

මුල සිට සරලව ඉගැන්වෙන ඩිප්ලෝමා පාඨමාලාවේ
2025 පළමු කණ්ඩායම සදහා බදවා ගැනීම් ඇරඹුනා 🤩

📜භාෂා හා සංස්කෘතික සංවර්ධන අංශයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමීම
⏰කාල මාස 03
🎥Zoom ඔස්සේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සහභාගී විය හැක
💎වයස් සීමාවකින් තොරව සහභාගි වීමේ හැකියාව
📝විභාගය online පැවැත්වීම
🎞Recording බැලීමේ පහසුව

💎පාඨමාලාවෙන් පසුව ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්වේ....

🛑පාඨමාලාව සදහා පළමුව ලියාපදිංචි වෙන සිසුන් 100 දෙනා සදහා රු.3000/-ක වට්ටමක්

🛑වාරික වශයෙන් ගාස්තු ගෙවීමේ හැකියාව

-----------------------------------

👨‍🏫ගුරුවරයා ගැන

🏷️විශ්ව විද්‍යාල දෙකක දෙමළ භාෂාව හැදෑරු හිමි නමකි
🏷️භාෂාවන් හයක උගතෙකි
🏷️ප්‍රාචීන පණ්ඩිත දෙමළ හැදෑරුවෙකි.
🏷️ඉංග්‍රීසී මාධ්‍ය පිරිවනක දෙමළ ගුරුවරයෙකු ලෙස සේවය කෙරුවෙකි.
🏷️භාෂා හා සංස්කෘතික සංවර්ධන අංශයේ කථිකාචාර්යවරයකි
🏷️දෙමළ භාෂාව මෙන්ම තරග විභාග (සාමාන්‍ය දැනුම හා බුද්ධි පරීක්ෂණ) දේශකයකි.
🏷️කෑගල්ල, මවනැල්ල ,මහනුවර,අවිස්සාවේල්ල ,කුරුණෑගල නගර වල සහ online කරනයෙන්14000 කට එහා සිසුන්ගේ හිත දිනාගත් බාලතම දෙමළ ගුරුවරයා

-----------------------------------

නොමිලේ සම්මන්ත්‍රණය සදහා සහභාගී වීමට පහත Whatsapp Group එකට සම්බන්ධ වෙන්න 👇

https://chat.whatsapp.com/CAbrFzDBBBDH1hCLmQEUDN

එසේ නොමැති නම් ඔබගේ නම සහ Diploma in Tamil ලෙස සදහන් කර පහත අංකයට Whatsapp කරන්න
☎️072 790 5552

තවත් දරුවෙක් වෙනුවෙන් Share කරන්න ❤️

ලොජර් නෝනා වැඩට යන සෑම දිනකම නේහා බැල්කනියේ සිට තේ පානය කරමින් දුරකතන ඔබමින් ඇය දෙස බලා සිටියි.සෑම දිනකම ලොජර් නෝනාගේ සි...
28/12/2024

ලොජර් නෝනා වැඩට යන සෑම දිනකම
නේහා බැල්කනියේ සිට තේ පානය කරමින් දුරකතන ඔබමින් ඇය දෙස බලා සිටියි.

සෑම දිනකම ලොජර් නෝනාගේ සිතුවේ නේහා ගෙවන නිදහස් ජීවිතය ගත කිරීමට ඇත්නම් කියාය.එපමණක් නොව ඇය නේහාගේ නිදහසට බෙහෙවින්ම ඊර්ෂ්‍යා කළාය.

කාලය මෙසේ වේගයෙන් ගෙවී යන්නට විය. දිනක් ලොජර් නෝනා වැඩට යන දිනක සුපුරුදු පරිදිම නේහා බැල්කනියේ සිට තේ පානය කරමින් බලා සිටින්නට විය. එදින ලොජර් නෝනා ඇයගෙන් මෙසේ විමසන්නට විය.

"ඔයා මම වැඩට යන සෑම දිනකම මම දිහා බලාගෙන ඉන්නව දකිනවා. ඇත්තටම එහෙම කාලය කාදමමින් ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොනවද?"

අහිංසක නේහාගේ වචන මෙලෙස එලියට එන්නට විය,

"මම දන්නව, මම බලාපොරොත්තු වෙන දේ කවදාවත් මට ලැබෙන්නෙ නෑ කියල. උදේ ඉදන් රෑ වෙනකන් වැඩට යන්න, වැඩ ඇරිල ගෙදර එන්න එහාට මෙහාට යන මිනිස්සු දැක්කම මට පුදුම වේදනාවක් දැනෙන්නේ.අනේ මටත් එයාල වගේ වෙන්න තිබුණනම් කියල හිතෙනවා."

"ඉතින් ඔයත් එළියට ඇවිත් ඒ මිනිස්සු වගේ වැඩ කරන්නකෝ.එතකොට ඔයා බලාපොරොත්තු වෙන දේ ලැබෙනවනේ..." ලොජර් මහත්මිය පුදුමයෙන් කියන්නට විය.

"ඔව්.මමත් කැමතියි.මමත් ඒ මිනිස්සු වගේම ජීවත් වුනා හරියටම මීට අවුරුදු 8කට කලින්. ඒ දවස් වල වුන ඇක්සිඩන්ට් එකකින් පස්සෙ මට මගෙ කකුල් දෙකම නැති වුණා. ඉතින් හැමදාම ඔයාලට පෙනෙන්නේ බැල්කනියෙ බිත්තියට උඩින් පේන කොටස විතරයි. ඉතින් හැමෝම හිතනව ඇති මම නිකන්ම ඉදගෙන දවසම කාලෙකන කෙනෙක් කියල..."

ඉතින් මන් ඔය පුංචි කතාව නවත්තන්නම්.අපි ගොඩක් දෙනෙක්ට වරදින තැනක් තමා පිටින් පෙනෙන දෙයින් මිනිස්සු විනිශ්චය කරන්න යනවා.

කවදාවත් කෙනෙක්ව විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා.අපි නොදන්න කතාවක් ඇතුලෙ හැංගිලා තියෙන්න පුලුවන්...❤️🌼

ඔබගේ දරුවා දූෂණය වීමෙන් වලක්වා ගැනීමට නම්,1. පුද්ගල තත්ත්වය කුමක් වුවත් කිසිවකුගේ ඔඩොක්කුවක ඉඳ නොගන්නා ලෙස ඔබේ දුවට හෝ ප...
16/12/2024

ඔබගේ දරුවා දූෂණය වීමෙන් වලක්වා ගැනීමට නම්,

1. පුද්ගල තත්ත්වය කුමක් වුවත් කිසිවකුගේ ඔඩොක්කුවක ඉඳ නොගන්නා ලෙස ඔබේ දුවට හෝ පුතාට අවවාද කරන්න.

2. වයස අවුරුදු 2 සිට ඔබේ දරුවන් ඉදිරිපිට ඔබ ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

3. ඔබේ දරුවාට කවරෙකු හෝ "මගේ බිරිඳ" හෝ "මගේ සැමියා" ලෙස හැඳින්වීමට කිසිවෙකුට කිසිවිටෙක ඉඩ නොදෙන්න.

4. ඔබේ දරුවා තම මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට පිටතට යන සෑම විටම, ඔහු ක්‍රීඩා කරන්නේ කුමන ආකාරයේ ක්‍රීඩාවක්ද කියා සොයා ගැනීමට කුමක් හෝ ක්‍රමයක් සොයා ගැනීමට වග බලා ගන්න, මන්ද යෞවනයන් තමන්ටම ලිංගික අතවර කරන බැවිනි. අනික මේක අලුත් දෙයක් නෙවෙයි.

5. කිසිවිටෙක ඔබේ දරුවා තමාට පහසු නොවන වැඩිහිටියෙකු හමුවීමට නොයන්න, එමෙන්ම ඔබේ දරුවා යම් වැඩිහිටියෙකුගේ විශාල රසිකයෙක් වන්නේ ද..?
ඒ කවුද කියා සොයා බලන්න.

6. ඉතා සතුටු සිතින් සිටින දරුවෙකු එක වරම නිහඩව හදිසියේම ලැජ්ජාවට පත් වේ නම් විපරසහගත වන්න, ඔබ ඉවසිලිවන්තව හා සුපරීක්ෂාකාරී විය යුතු අතර, දරුවා එසේ හැසිරෙන්නේ ඇයිද යන්න පිළිබඳ සොයා බලන්න.

7. ලිංගිකත්වයේ නිවැරදි වටිනාකම්,සාරධර්ම ගැන හොඳින් දැනුවත් කරන්න. ඔබ එසේ නොකළහොත් සමාජය ඔවුන්ට වැරදි දේ කියා දෙනු ඇත..
ඉතින් ඔවුන් එයට රැවටෙනු ඇත

8. ඔබ ඔවුන්ට මිලදී ගන්නා හෝ කවරෙකු හෝ ඔවුන්ට තෑගි කරන කාටූන්,චිතපට වැනි ඕනෑම දෙයක් ඔවුන්ට කලින් ඔබ සොයා බලන්න,නරඹන්න ඒවා සමාලෝචනය කිරීම සැමවිටම යෝග්‍ය වේ.

9. ඔබේ අන්තර්ජාලයන්හි වැඩිහිටි වෙබ් අඩවි දරුවා යම් පමන කාලයක් ගොඩ නැගෙන තෙක් අවහිර කරන්න,පාලනය කරන්න,අක්‍රීය කිරීමට වග වෙන්න
නිතරම ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ අවදානම් ශීලීව බලන්න.

10. ඔබේ දරුවන්ට අවුරුදු 3 සිට ඔවුන්ගේ රහස්‍ය කොටස් හොඳින් සේදීමට උගන්වන්න සහ කිසිවිටෙක කිසිවෙකුට ඒවා ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන ලෙස ඔවුන්ට අවවාද කරන්න

(මතක තබා ගන්න, රැකබලා ගැනීම ආරම්භ වන්නේ නිවසේදී සහ ඔබ සමඟ).

12. ඔබේ දරුවා යම් පුද්ගලයෙකු ගැන පැමිණිලි කළ පසු,නිහඬව නොසිටින්න. මතක තබා ගන්න,අපි අනාගත දෙමාපියන් ඇති දැඩි කරන දෙමාපියන්.

මතක තබා ගන්න: "වේදනාව ජීවිත කාලය පුරාම පවතී."

13. වටිනාම සාධකය වන්නේ ලිංගිකත්වය සැඟවීමෙන් වැලකී,ඒ පිලිබඳ නිසියාකාර අධ්‍යාපනයක් ලබා දීම තුලින් දරුවාට ඒ පිලිබඳව ඇතිවන කුතුහලය යම් දුරකට හෝ සමනය කර නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාවක් ලබා දෙන්න.
මොකද පොඩි උන් කුතුහලයට ඇලුම් කරන කොට්ටාසයක්

අවසානෙට කියන්න ඕනි දරුවන්ට දියයුතු ආදරය නොසඟවා ඔවුන්ට පිළිගන්වන්න.
ඒ බව දැනෙන්නට හරින්න.
කෙදිනකවත් දරුවෝ වෙන කිසිවකුගේ ගොදුරක් නොවන්නට එයත් ප්‍රබල හේතුවක්.

තව මෙතනට එන්න ඕනි කියලා හිතෙන දේවල් තියෙනවා නම් ඒ ටිකත්
අපේ පොඩ් පරම්පරාවට කියලා දෙන ගමන් නව පරපුරේ දෙමාපියන්,ගුරුවරුනුත් ඔලුවට අරගෙන ඔයාට අනන්‍ය වූ ප්‍රේමණීය භාෂාවකින් තව දරුවන්ට මේ බව ලස්සනට ක්‍රමානුකූලව කියලා දෙන්න

මොකද පොඩි කාලේ දරුවෝ හරිම අසරණයි,ඒකනේ පොඩි උන්ට මල් කියලා කියන්නේ ඒ මල් තලන්නේ නැති සමාජයක් ප්‍රාර්ථනා කරන ඔබට කරන්න පුලුවන් දේවල් ටිකක් මං ලිව්වේ
❤️
සටහන - Sumeera gunasekara

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when SETI Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share