23/01/2026
රුහුණ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ විධායක කමිටුව එහි සභාපති මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 22 ප. ව. 5.00ට මාතර Unique ශ්‍රවනාගාරයේදී රැස්විය. එහිදී 2026 වර්ෂයට අදාල නිළධාරී මණ්ඩලය මහ සභාවේ අනුමැතියට නම්කරන ලදි.(මෙම විධායක කමිටුව විශ්ව විද්‍යාලයේ පීඨ නවයම නියෝජනය වනපරිදි සැකසී ඇත)
1-සභාපති ලෙස තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ සහෝදරයා,
2-ලේකම් ලෙස මානව ශාස්ත්‍ර පීඨයේ ඉරේෂා ගමගේ සහෝදරිය,
3-භාණ්ඩාගාරික ලෙස ඉංජිනේරු පීඨයේ හසරන්ග විදානපතිරණ සහෝදරයා,
4-උප සභාපති ලෙස කෘෂි විද්‍යා පීඨයේ උදය වික්‍රමසිංහ සහෝදරයා,
6-උප ලේකම් ලෙස සම සෞඛ්‍ය පීඨයේ ආචාර්ය සචින්ති අමරසිරි සහොදරිය,
7-ජාතික සංවිධායක ලෙස මානව ශාස්ත්‍ර පීඨයේ ධම්මි ලලිත් ගජනායක සහෝදරයා,
8-කැදවුම්කරු ලෙස මානව ශාස්ත්‍ර පීඨයේ අතුලසේන ගජසිංහ සහෝදරයා
විධායක කමිටුව විසින් මහ සභාවේ අනුමැතියට තෝර පත්කර ගන්නා ලදි.
නව නිළධාරී මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්.....