19/11/2025
පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සහෘද යාත්‍රා වැඩසටහන යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසලකට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබා දීමට කටයුතු කරයි. මේ සඳහා පහත නිර්ණායක සලකා බලනු ලබයි.
- අ.පො.ස. උසස් පෙළ අවම විෂය ධාරා 2ක් යටතේ සිසුන් අධ්‍යාපනය හැදෑරීම.
- පාසලෙහි ආසන්න වශයෙන් සිසුන් 500ක් පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හැදෑරීම .
- පාසල තුළ පුස්තකාලයක් නොපැවතීම හෝ පුස්තකාලයක් පැවතිය ද අංග සම්පූර්ණ නොවන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් වීම.
ඔබගේ පාසලත් ඉහත කරුණු සපුරන්නේ නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකි අතර ඔබගේ අයදුම්පත, පහත සඳහන් සබැඳිය මගින් හෝ ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න.
අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය: 2025. 12. 01
🔗 අයදුම් කරන්න: https://forms.gle/PU21yL2vY1nVCYX58
ලිපිනය:
සභාපති,
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
විමසීම්:
- ලහිරු - 078 260 8165
- පමිඳු - 070 504 2765
- email - [email protected]