05/12/2025
" පැසිඳු පිණිස "
" දරු පැසිඳුන් උදෙසා "
ගංවතුරට හසු වූ සිහින ,
පස් කදු කඩා හැලී,
නිවාස යට වී,
ජීවිතේ රැක ගන්නට පොර බැදූ දරුවෝ.
තෙමී ගිය බිත්ති අතරේ,
දියබත් වූ පොත්පත්,
මකා දැමුවා ඔවුන්ගේ හෙට දවසේ සිත්තම්.
නිල් පාට කවරය,
අකුරු මැකී ගොසින්,
ගණිතයේ සූත්‍ර, ඉතිහාසේ කතා,
විද්‍යාවේ පාඩම්,
සිංහලෙන් ලියැවුණු වදන්,
දිය රැළි අතරේ ගසාගෙන ගියා, නිහඬවම.
දරුවෙක් අඬන්නේ, බත් වේලටත් වැඩියෙන්,
ඔහුගේ සිහින පොත අහිමි වූ නිසාවෙන්. ❤️🩹
" ව්‍යවසනය කෙතරම් වුවත් , රටේ භෞතික සම්පත් ගොඩනැගීමට ප්‍රථම , අඩාල වූ අධ්‍යාපන නගා සිටුවීම අපේ යුතුකමයි "
අද රටෙහි පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ පවුල් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර, එය දරුවන්ගේ අධ්‍යාපනයටද බරපතළ බලපෑම් ඇත.
මෙම පසුබැසීම මැද, අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනය, සමාජ සත්කාර කටයුත්තක් ලෙස, ආපදා බලපෑමට ලක්වූ දරුවන්ට පාසල් උපකරණ ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත. මේ මගින්, පාසල් පොත්, පෑන්, පැන්සල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අයිතම ඔවුන් වෙත ලබාදෙමින් ඔවුන්ගේ අධ්‍යාපනික ගමන නැවත සකස් කිරීමට අපි උත්සාහ කරමු.
රටේ අනාගතය සටහන් කරනුයේ මේ දරුවන්ය. ඔවුන්ගේ අනාගතය වෙනස් කිරීමට ඔබගේ සුළුම දායකත්වයද මහත් පිණිසක් විය හැකි අතර, මෙම උතුම් මෙහෙයුමට ඔබත් අත්වැලක් වීම සඳහා අප ඔබට ආරාධනා කරමු.
ශිෂ්‍ය සංගමය - විශ්වවිද්‍යාල විද්‍යායතනය අනුරාධපුර