A/Mahasen National College Rajanganaya

A/Mahasen National College Rajanganaya නොනැවතී ඉදිරියට

21/06/2026

නායකත්ව පුහුණු වැඩමුළුවේ සවස් වරුව හැඩකළ මහසෙන් ගුරුවරු

21/06/2026

බිම වැටිලා තිබිලා ඇහිදගත්ත සල්ලිවලින් සතුටුවෙලා තියෙනව ද?
එහෙනම් මේ කතාව අහන්න...

අ/රාජාංගය මහසෙන් මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සිකුරාදා (19) දින පැවැත්විය. එහිදී ආකල්ප සංවර්ධනය සහ නායකත්ව පුහුණුව සම්බන්ධව විශේෂ දේශන සැසියක් ද සංවිධානය වී තිබුණි. ජාතික නායකත්ව, ආකල්ප හා පෞර්ෂ සංවර්ධන පුහුණු උපදේශක, අධ්‍යාපන විද්‍යාපීඨ බාහිර කථිකාචාර්ය, මේජර් කේ.ඩබ්.ඒ.පී. දේශප්‍රිය මහතා විසින් දේශනය මෙහෙයවන ලදී.

20/06/2026

අ/රාජාංගනය මහසෙන් මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගිය සිකුරාදා (19) දින පැවැත්විණි. එහිදී ශිෂ්‍ය නායක නායිකාවන් සියලු දෙනා වෙනුවෙන් දවස පුරාවට ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරීමෙහිලා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාව සහ ක්‍රීඩා පිටිය මූලික කරගෙන විශේෂ සැසි කිහිපයක් ම පැවැත්වුණි. නායකත්වය හඳුනා ගැනීම, සාමූහිකව කටයුතු කිරීම, නිවැරැදි තීරණ ගැනීම, ඉදිරිපත් වීම, අභියෝගවලට මුහුණ දීම ඇතුලු නායකත්ව ගුණාංග වර්ධනය කිරීමෙහිලා මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංවිධානය වී තිබිණි. ධනාත්මක ආකල්ප හා නායකත්ව පුහුණු උපදේශක ටී.ඩී. නිශ්ශංක සුජීව හරිස්චන්ද්‍ර මහතා සහ නීතීඥ රචික පලිහවඩන මහතා විසින් මෙම සැසි සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

20/06/2026

අ/රාජාංගනය මහසෙන් මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගිය සිකුරාදා (19) දින පැවැත්විණි. එහිදී ශිෂ්‍ය නායක නායිකාවන් සියලු දෙනා වෙනුවෙන් දවස පුරාවටම විවිධ වැඩසටහන් ක්‍රියාත්ම වූ අතර උදෑසන ශරීර සුවතා වැඩසටහන එහි කැපී පෙනෙන අංගයක් බවට පත් විය. හිටපු ශාර්ක් මළල ක්‍රීඩිකා, රාජාංගනය තරුණ සේවා නිලධාරි අනූෂා ජයවීර මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර විද්‍යාලයේ ගරු විදුහල්පති තුමිය, ආචාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ විය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මෙම වැඩසටහන සඳහා ක්‍රියාශීලී සහයෝගයක් ලැබුණි.

✨️ශිෂ්‍ය අභිෂේකාභිමානි ✨️"වගකීමෙන් නායකත්වය දරන්න, සේවයෙන් ගෞරවය දිනාගන්න."2026/06/15photo editing - chethiya
18/06/2026

✨️ශිෂ්‍ය අභිෂේකාභිමානි ✨️

"වගකීමෙන් නායකත්වය දරන්න, සේවයෙන් ගෞරවය දිනාගන්න."

2026/06/15

photo editing - chethiya

17/06/2026

වගකීමෙන් නායකත්වයට, නායකත්වයෙන් සාර්ථකත්වයට .
ඔබගේ ගමනට උණුසුම් සුබපැතුම්! ✨️

2026/06/15

රාජ්‍ය අංශ නිලධාරීන් හා ප්‍රජා සංවිධාන හමුව .
11/06/2026

රාජ්‍ය අංශ නිලධාරීන් හා ප්‍රජා සංවිධාන හමුව .

නැවතත් ඒ සුන්දර මතකයන් අතරට... 🏫✨
09/06/2026

නැවතත් ඒ සුන්දර මතකයන් අතරට... 🏫✨

ලෝක පරිසර දිනයට සමගාමීව, අපේ පාසල් පරිශ්‍රය වඩාත් හරිත හා සුන්දර ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් සංවිධානය කළ රුක් රෝපණ ව...
08/06/2026

ලෝක පරිසර දිනයට සමගාමීව, අපේ පාසල් පරිශ්‍රය වඩාත් හරිත හා සුන්දර ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වුණා.
​අපි අද සිටුවන එක පැළයක්, හෙට ලෝකයට ජීවය දෙන මහා වෘක්ෂයක් වේවි! 🌳✨

Address

Rajanganaya Tract 13/14
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when A/Mahasen National College Rajanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share