09/09/2026
😅 “Doctor, මම Google එකේ බලලා ආවේ…” කියන වචන ටික ඇහුණම ඊළඟට එන කතාව හිතාගන්න පුළුවන්ද?
“Doctor, මට පොඩි headache එකක් තියෙනවා.”
Doctor: “කොච්චර කාලෙක ඉඳන්ද?”
Patient: “දවස් 2ක් විතර.”
Doctor: “වෙන symptoms තියෙනවද?”
Patient: “නෑ doctor…”
ටිකක් නිශ්ශබ්ද වෙලා…
“හැබැයි doctor… Google එකේ බලද්දි මට brain tumour එකක්ලු.” 😭😂
අද කාලේ symptom එකක් ආවම
doctorට කලින් Googleට යන එක ගොඩක් දෙනෙක් කරන දෙයක්.
Medical information හොයාගන්න Google එක ප්‍රයෝජනවත්.
හැබැයි එකම symptom එකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්.
ඒ නිසා diagnosis එකක් ගැන තීරණය කරන්න බලන්නේ,
👉 ලක්ෂණය කොච්චර කාලයක් තිබුණාද?
👉 තවත් ලක්ෂණ තියෙනවද?
👉 කලින් තිබුණු රෝග මොනවාද?
👉 ගන්නා ඖෂධ මොනවාද?
👉 පරීක්ෂණවල ප්‍රතිඵල මොනවාද?
වගේ සම්පූර්ණ තොරතුරු.
Google එකෙන් information ගන්න.
හැබැයි diagnosis එක Googleට භාර දෙන්න එපා. 😂🩺
ඔයාටත් ලක්ෂණයක් ආවම මුලින්ම Google කරන පුරුද්ද තියෙනවද? 👀👇