බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය, වැල්ලවාය මොණරාගල මහා මාර්ගයේ බුත්තල නගරයට නුදුරු සොඳුරු පරිසරයක පිහිටා ඇත.1919 දී අඩි 20 X 20 ප්‍රමාණයේ පිදුරු සෙවිලි කළ ගොඩනැගිල්ලක සමභාෂා පිරිමි පාසල ලෙස ඇරඹුනු මෙම පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 25 කි.පසු කලෙක ගින්නකට හසුව මෙම ගොඩනැගිල්ල විනාශ වූ බැවින් පාසල තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙන ගිය අතර 1922 දී ස්ථිර ගොඩනැගිලි ඉදිකොට මෙම ස්ථානයේම පිහිටුවා ගන්නා ලදී
.ආරම්භක විදුහල්පති අලහකෝන් මහතා බව කියවේ.
විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ලිඛිත සාක්ෂි දක්නට ලැබෙන්නේ 1930 වර්ෂයේ සිටය.1938 දී මිශ්‍ර පාසලක් බවට පත් කළ අතර ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 58 කි. 1948 දී කනිෂ්ඨ විද්‍යාලයක් බවට උසස් කොට තිබෙන අතර ඒ සඳහා ඉදි කළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම 1951.03.10 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අතින් සිදුව ඇත.එතුමාගේ අත් අකුරින් තබන ලද සටහන හා අත්සන අංක තුන(03) දරන ලොග් සටහන් පොතේ දක්නට ඇත.
1959 වර්ෂයේ බදුල්ල/බුත්තල රජයේ මහා විද්‍යාලය උසස් කරන ලද අතර ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 382 කි.1936 දී එය මො/බුත්තල ගාමිණී මහා විද්‍යාලය බවට පාසලේ නාමය වෙනස් කරන ලදුව 1956 දී එය මො/දුටුගැමුණු මහා විද්‍යාලය නමින් හඳුන්වා ඇත.1992.03.01 දින සිට මධ්‍ය මහා විද්‍යාල තත්වයට උසස් කරන ලද අතර 1993.10.20 දින ජාතික පාසලක් බවට උසස් කරන ලදී.
ඈත අතීතයේ පාසල් වර්ධනය ඉතා සෙමින් සිදුව ඇත.ඇතැම් විට වසර ගණනාවකදී සිසුන් සංඛ්‍යාවේ වර්ධනය සිදුව ඇත්තේ සිසුන් දෙදෙනෙකුගෙන් පමණි.නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පසු ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිය යුතු පරිදි වැඩිවී තිබෙන අතර මෑත වර්ෂ වල ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවී ඇත.දැනට විද්‍යාලයේ සිසුන් 1850 ක් ද, ආචාර්ය මණ්ඩලය 90ක් ද, අනධ්‍යන කාර්ය මණ්ඩලය 14 ක් ද වේ.
විද්‍යාලය සංවර්ධනය කිරීමේදී විදුහල්පතිතුමන්ලාගේ කැපවීම ප්‍රමුඛ සාධකයක් වී තිබේ.එදා මෙදා තුර සෑම විදුහල්පතිතුමෙක්ම සිය උපරිම ශක්තිය විද්‍යාලය වෙනුවෙන් යොදවා තිබෙන අතර මෑත කාලයේ විශේෂයෙන් ආනන්ද තලාගොඩ,සේපාල සමරසිංහ සහ ඩී.එම්.එච්.බී.දිසානායක යන විදුහල්පතිතුමන්ලාගේ පාලන යුග වැදගත් වූ බව තොරතුරු දක්නට ලැබේ.හිටපු විදුහල්පතු එම්.ඊ.දයානන්ද මහතා 1991.09.16 සිට 2010.01.23 දක්වාත් ඉන් අනතුරුව කෙටි කාලයක් ආර්.ඒ.නන්දාවතී මහත්මිය විදුහල්පති ධූරය දැරූ අතර ඇය විශ්‍රාම යාමෙන් අනතුරුව වත්මන් විදුහල්පති ආර්.එම්.සෙනෙවිරත්න මහතා 2010.04.26 දින සිට මේ දක්වා කටයුතු කරමින් සීටියි.