11/09/2024
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ BA Degree in Social Sciences පාඨමාලාව පිලිබඳව,
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය,
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය යනු උසස් පෙල විභාගය සමත් හෝ අසමත් ඕනෑම පුද්ගලයෙකුට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ඇති රාජ්‍යය විශ්ව විද්‍යාලයකි. එනම් රැකියාවක නියැලෙමින් වුවද අධ්‍යාපනය කටයුතු සිදු කිරීමට අවස්ථාව ඇත. තවද මෙහි ඇති සෑම උපාධියක්ම අභ්‍යන්තර ( internal ) උපාධි වේ. විවෘතයේ ඇති පාඨමාලාවන් සඳහා යම්කිසි මුදලක් අය කරනා අතර, පාඨමාලාව සඳහා වන මුලු මුදලෙන් 75% රජය විසින් දරනා අතර ඉතුරු 25% පමණක් සිසුන් විසින් ගෙවිය යුතු වේ. මහපොල හෝ Bursary ලබාගැනීමට අවස්ථාවක් සිසුන්ට හිමිවේ.
BA Degree in Social Sciences,
මෙය මානවශාස්ත්ර හා සමාජ විද්‍යා පීඨයේ, සමාජ විද්‍යා අධ්‍යන අංශයෙන් මෙහෙයවන අවුරුදු 3ක (Level 3,4,5) කාල සීමාවක් තුල ඉගැන්වීම කටයුතු සිදුවන උපාධි පාඨමාලාවකි. මේ සඳහා උසස් පෙල සමත්වීම ප්‍රමානවත් වන අතර, කිසිඳු තෝරාගැනීමේ පරීක්ශනයකින් තොරව උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකිය. 2024 සැප්තැම්බර් 30 වන දින දක්වා නව කණ්ඩායම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීම සිදුවේ.
ඔබට මාර්ගගතව පහත යොමුව ඔස්සේ අයදුම් කළ හැකිය.
https://reginfo.ou.ac.lk/applyonline/
මෙය හැදෑරීමේදී ,
★ Society and culture
★ Politics and International Relations
★ Communication
★ Economics
යන මාධ්‍යය ( Stream ) 4න් එක් මාධ්‍යයක් යටතේ ඉගෙනීමට අවස්ථාවක් ඔබට හිමිවනු ඇත.
මෙය සාමාන්‍ය උපාධි පාඨමාලක් ( General Degree ) වුවත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් සිදුවන නිසා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද රැකියා අවස්ථා රැසකට දොරටු විවර වෙනු ඇත.
රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඇති සියලුම පහසුකම් බුක්තිවිඳීමට අවස්ථාවක් විවෘත විශ්ව විද්‍යාලය තුලද ඇත.මෙය වැඩ කරන ජනතාවගේ විශ්වවිද්‍යාලයයි.
අනාගතය හැඩගන්වන ඔබේ ගමනේ, විවෘතය හරහා වැටී ඇති පාරෙන්,
පියමනින්නට,
සහෝදරත්වයෙන් ආරාධනා .!
වැඩි විස්තර සඳහා,
https://chat.whatsapp.com/K10J4jjACtc63wFW1jwgKC
https://youtu.be/HOG2KUSvD1I