08/06/2026
🪷 බැති හදින් තුති පුදමු 🪷
කොළඹ විශ්වවිද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද වෙසක් බැති ගී දැහැන 2026
වෙසක් බැති ගී දැහැන 2026 පුණ්‍ය මහෝත්සවය අතිසාර්ථකව පැවැත්වීමට අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය හා අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිමු!
ගායක ගායිකාවන්ට හා වාදන ශිල්පීන්ට,
සංවිධායක මණ්ඩලයට හා විවිධ අයුරින් සහයෝගය දැක්වූ සැමට,
එදින සහභාගි වූ සියලු බැතිමතුන්ට,
ඔබ සැමගේ අප්‍රතිහත කැපවීම හා සහයෝගය හේතුවෙන් මෙම සැඳෑව
සැබවින්ම අමරණීය මතකයක් බවට පත් විය.සියලු පින් ඔබ සැමට අනුමෝදන් වේවා! ✨