Institute of Astronomy, Sri Lanka

Institute of Astronomy, Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute of Astronomy, Sri Lanka, Community College, 145/5A, Sooriya Mawatha, Koswatta, Battaramulla, Colombo.

IOAS one of the highly recognized astronomical organizations in the south Asian region with professional and amateur astronomers from all over the world, who are active in astronomical research, education, and outreach in astronomy.

සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ එක්දින වැඩමුළුව(Solar System One Day Workshop for Kids)------------------------------------------...
29/04/2026

සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ එක්දින වැඩමුළුව
(Solar System One Day Workshop for Kids)
------------------------------------------------
වයස අවුරුදු 6-11 දරුවන්ගේ තාරකා විද්‍යා දැනුම වැඩිදියුණුව සදහා තාරකා විද්‍යා අධ්‍යන ආයතනය (IOAS) මගින් Solar System One Day Workshop for Kids නම් සෞරග්‍රහ මණ්ඩලය පිළිබද ක්‍රියාකාරකම් සහිත එක් දින වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම වැඩමුලුවේදි සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භයේ සිට මේ දක්වා විකාශනය තෙක් දරුවාට ගැලපෙන අයුරින් පැහැදිලි කිරීම් ඇතුලත්ව දරුවන්ගේ උද්යෝගය පවත්වා ගැනීම සදහා නොයෙකුත් තාරකා විද්‍යාත්මක ක්‍රියාකාරකම්ද පැවැත්වේ. ඒ යටතේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල ලක්ෂණ සහ වර්ණ පැහැදිලි කරමින් ඒ්වාට අනුරූප වන සේ සෞරග්‍රහ මණ්ඩලය ආකෘතියක් නිර්මාණය කිරීම, වල්ගාතරුවක කොටස් නිරූපණය වන පරිදි ආකෘති නිර්මාණය, වියලි අයිස් (Dry Ice) භාවිතයෙන් වල්ගාතරුවක ආකෘතියක් නිර්මාණය කිරීම, ඇතුළත් ක්‍රියාකාරකම් රැසක්මෙහිදී අන්තර්ගතය.
පැය 4ක කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන තාරකා විද්‍යා අධ්‍යනය ආයතනයේ ප්‍රවීණ ගුරු මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන අතර එක් වරකට ළමුන් 30 දෙනෙකු පමණක් සහභාගි කර ගනු ලැබේ. අප ආයතනය පසුගිය වසර ගණනාවක් පුරාවට මෙවැනි වැඩමුලු තුලින් ළමුන් දහස් ගණනකගේ දැනුම වර්ධනය කර ඇත. ඔබත් Solar System One Day Workshop for Kids වැඩමුළුවට ඔබගේ පුංචි පුතා හෝ දුවව සහභාගී කරවා සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන්න.
මැයි මස සදහා වන වැඩමුළුව මැයි 2 වන සෙනසුරාදා ‌ප.ව 1.00 සිට ප.ව 5.00 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ. ඒ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. ආසන 4ක් පමණක් ඉතිරිව ඇත.
ඉංග්‍රීසි මාධ්‍ය - https://ioas.lk/item-detail/product/33705 #
(ලියාපදිංචි විය හැකි අවසාන දිනය අප්‍රේල් 30)
පාඨමාලා ගාස්තු රු 5000/-
පාඨමාලාවට අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍යයන් සපයනු ලබන අතර පාඨමාලාව අවසානයේ දී වටිනා සහතික පත්‍රයක්ද නිකුත් කරනු ලැබේ.
විමසීම් -0776262032
077 626 2032
145/5A, සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
www.ioas.lk
#තාරකාවිද්‍යා 💫

අභ්‍යවකාශ තාක්ෂණය  පාඨමාලාව (Space Technology online course)අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ මුල සිට ඉගෙනගනිමු. ----------------...
22/04/2026

අභ්‍යවකාශ තාක්ෂණය පාඨමාලාව (Space Technology online course)
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ මුල සිට ඉගෙනගනිමු.
-------------------------------------------------------
මිනිසා විසින් නිර්මාණය කරන ලද ප්‍රථම චන්ද්‍රිකාවෙහි සිට මේ දක්වා සිදු කරන ලද අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබඳව, රොකට් යානා සහ චන්ද්‍රිකා ආශ්‍රිත න්‍යායාත්මක පැහැදිලි කිරීම්, විවිධ කක්ෂවල වෙනස්කම්, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ක්‍රියාකාරකම්, මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම්, අඟහරු ගවේෂණයේ යෙදුණු විශේෂ අභ්‍යවකාශ මෙහෙයුම්, අනාගත අඟහරු ජනාවාස ඇතිවීම, ගගනගාමින් අභ්‍යවකාශයට රැගෙන යන වර්තමානයේ භාවිත වන සහ නිර්මාණය කරමින් පවතින අභ්‍යවකාශ යානා පිළිබඳව මෙම කෙටි කාලීන පාඨමාලාවේදී සාකච්ඡා කෙරේ.
මැයි මස 9, 16, 23 සහ 30 යන සෙනසුරාදා දින හතර මේ සඳහා වෙන්ව ඇති අතර සිංහල මාධ්‍ය සිසුන් සඳහා එම පාඨමාලාව පස්වරු 4 සිට 6 දක්වා ද ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව පස්වරු 7 සිට 9 දක්වා ද පැවැත්වේ.
සිංහල මාධ්‍යයෙන් ලියාපදිංචි වීමට - https://ioas.lk/item-detail/product/33187 #
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලාවට ලියාපදිංචි වීමට - https://ioas.lk/item-detail/product/33186 #
ලියාපදිංචි විය හැකි අවසාන දිනය මැයි 08දිනයි.
වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම අයෙකුට මෙම පාඨමාලා සඳහා සහභාගි වී දැනුම වැඩි දියුණු කර ගත හැකිය. Zoom යෙදවුම ඔස්සේ පැවැත්වෙන මෙම පාඨමාලවෙහි එක් දේශන වාරයක් සඳහා කාලය පැය 2 කි.
ඉතා ක්‍රමවත්ව සකසා ඇති මෙම පාඨමාලාවට සහභාගි වන සිසුනට A4 ප්‍රමාණයේ පිටු 28 දේශන සටහන් අත්පොතක්ද, පාඨමාලාව අවසානයේ තාරකා විද්‍යා අධ්‍යනය ආයතනය (IOAS) මගින් පිරිනමන වටිනා සහතික පතක්ද විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලැබෙනු ඇත. (පහත ඡායාරූපයන් මගින් දැක්වෙන්නේ එම නිබන්ධන සටහනේ පටුනයි. )
වැඩි දුර විමසීම් - 077 6262032

www.ioas.lk
#තාරකාවිද්යා 💫

21/04/2026
C/2025 R3 (PANSTARRS) වල්ගාතරුව මෙම ඡායාරූපය ගනු ලැබූවේ  IOAS ආයතනයේ City Observatory Colombo හි  සිටය. 2026. 04. 18 අලු...
20/04/2026

C/2025 R3 (PANSTARRS) වල්ගාතරුව

මෙම ඡායාරූපය ගනු ලැබූවේ IOAS ආයතනයේ City Observatory Colombo හි සිටය. 2026. 04. 18 අලුයම 5.14 ට මෙම ඡායාරූපය ලබා ගන්නා විට වල්ගාතරුවේ හිස නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 12ක් පමණ ඉහළින් පිහිටා තිබුණි. මෙම ඡායරූපය සදහා භාවිත කරන ලද්දේ Zwo SeeStar S50 නම් දුරේක්ෂයයි.
පහත දැක්වෙන්නේ මෙම ඡායාරූපය ගැනීමේදී සහ ඉන් පසුව edit කිරීමේදී භාවිත කරන ලද උපකරණවල තාක්ෂණික දත්තය.
Telescope : Zwo SeeStar S50
Date: 2026.04.18
Time: 05:14
Softwares: Sequator, Graxpert, Siril, Adobe Lightroom
Stacking: 2×10s
Total exposure: 20s
Observer: Sameera C. Rathnayake
Editor: Hansana Randeep

---------Whirlpool මන්දාකිණිය--------M51 හෝ NGC 5194 ලෙසද හැඳින්වෙන Whirlpool මන්දාකිණිය, රාත්‍රී අහසේ ඇති වඩාත්ම කැපී ප...
20/04/2026

---------Whirlpool මන්දාකිණිය--------

M51 හෝ NGC 5194 ලෙසද හැඳින්වෙන Whirlpool මන්දාකිණිය, රාත්‍රී අහසේ ඇති වඩාත්ම කැපී පෙනෙන සහ හොඳින් අධ්‍යයනය කරන ලද සර්පිලාකාර මන්දාකිණි වලින් එකකි. ආසන්න වශයෙන් ආලෝක වර්ෂ මිලියන 23 ක් දුරින් පිහිටා ඇති මෙය ප්‍රථම වරට චාල්ස් මෙසියර් විසින් 1773 දී නිරීක්ෂණය කරන ලද අතර එය ඔහුගේ ප්‍රසිද්ධ නාමාවලියෙහි 51 වන ප්‍රවේශය ලෙස එහි ස්ථානය ලබා ගත්තේය. M51 හි වඩාත්ම ආකර්ශනීය අංගයක් වන්නේ ප්‍රධාන මන්දාකිණිය පිටුපසින් ගමන් කරන පෙනෙන කුඩා සහකාර මන්දාකිණියක් වන NGC 5195 සමඟ එහි අඛණ්ඩ ගැටුමයි. මෙම ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියාව Whirlpool මන්දාකිණියේ සර්පිලාකාර ව්‍යුහය වැඩි දියුණු කර ඇති අතර, එහි බාහුවල දැඩි ලෙස තරු ගොඩනැගීමට හේතු වී ඇත. M51 හි මධ්‍යම කලාපය සූර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන දස ගුණයකින් වැඩි යැයි ගණන් බලා ඇති සුපිරි දැවැන්ත කළු කුහරයක් ඇත. මන්දාකිණිය දෘශ්‍ය, අධෝරක්ත සහ රේඩියෝ ඇතුළු බහු තරංග ආයාමයන්ගෙන් ද දැඩි ලෙස විමෝචනය කරන අතර, එහි වායු, දූවිලි සහ තරු සෑදීමේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළි කරයි.

Telescope : Zwo SeeStar S50
Date: 2026. 04. 19
Time: 8:00pm
Softwares: Siril, Graxpert, Astrosharp, Adobe lightroom
Total Exposure : 2h 30min
Observer: Sameera C. Rathnayake
Institute of Astronomy, Sri Lanka

Space Science for Kids (PO3)ප්‍රාථමික අංශයේ දූ දරුවන්ට තාරකා විද්‍යාව ක්‍රමවත්ව ...........................................
20/04/2026

Space Science for Kids (PO3)
ප්‍රාථමික අංශයේ දූ දරුවන්ට තාරකා විද්‍යාව ක්‍රමවත්ව ...........................................................
වයස අවුරුදු 5 ත් 10ත් අතර පසුවන ඔබගේ දරුවා අහ්‍යවකාශ විද්‍යාව කෙරෙහි අතිශයින් උනන්දු ද? නිතරම තාරකා විද්‍යාව සම්බන්ධ ප්‍රශ්න ඔබෙන් විමසනවාද ? පිලිවෙලක් නැතුව එහෙන් මෙහෙන් තාරකා විද්‍යාව ඉගෙන ගැනීමට උත්සාහ කළ ඔබේ දරුවාට ප්‍රවීණ ගුරුවරුන් යටතේ තාරකා විද්‍යාව මුල සිටම ක්‍රමානුකූලව හැදෑරීමට දැන් අවස්ථාවක් උදා වී ඇත.
ඒ තාරකා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලබන මාර්ගගත පාඨමාලාවලට සහභාගි වීමෙනි.
මෙම මාර්ගගත පාඨමාලා එක් මාසයක් තුළ පැවැත් වේ. දරුවාගේ වයසට අදාලව සකසා ඇති මෙම පාඩම් මාලා දරුවන් සමග සාකච්ඡා කරමින් සරල ක්‍රියාකාරකම් සහිතව පැවැත්වෙන විනෝදය සපිරි ඔන්ලයින් පංතියක් ලෙස හැදින්විය හැකිය. එක් පංතියක් සදහා බඳවාගනු ලබන්නේ උපරිම සිසුන් 30 ක් පමණි.
මේ සඳහා අපගේ www.ioas.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැක. පාඨමාලාවට අදාළ සටහන් මෘදු පිටපතක් ලෙස විද්‍යුත් තැපෑල (e mail) මාර්ගයෙන් ඔබට ලැබෙන අතර පාඨමාලාව අවසානයේ දී වටිනා සහතික පත්‍රයක් විද්‍යුත් තැපෑලෙන් (e mail) ලැබෙනු ඇත.
මාර්තු මස පැවැත්වීමට නියමිත පාඨමාලාව යටතේ සාකච්ඡා කෙරෙනුයේ රොකට් තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳවය. රොකට, චන්ද්‍රිකා, අභ්‍යවකාශ යානා සහ රෝවර්වල තාක්ෂණය පිළිබදවත් අභ්‍යවකාශ ගාමියෙකුගේ ඇඳුම සහ අභ්‍යවකාශ දින චරියාවත් මෙම පාඨමාලාව මගින් හදුන්වාදෙන අතර අභ්‍යවකාශ යානාවල ආකෘති නිර්මාණය සදහා මෙම මස තුළ දරුවන් යොමු කෙරේ.
මැයි මස 3, 10, 17 සහ 24 යන ඉරිදා දින සතර තුළ මෙම පාඨමාලාව පැවැත්වේ.
ලියාපදිංචි වීමේ අවසාන දිනය මැයි 1 වන දින දක්වා පමණි.
සිංහල මාධ්‍යයෙන් සවස 5 සිට 6 දක්වා පැවැත්වෙන පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට
https://ioas.lk/item-detail/product/33703 #
භාවිත කරන්න.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවස 7 සිට 8 දක්වා පැවැත්වෙන පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට
https://ioas.lk/item-detail/product/33704 #
භාවිත කරන්න.
පාඨමාලා ගාස්තුව රු3500/-
වැඩි විස්තර සඳහා 0776262032, නැතිනම් www.ioas.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
#තාරකාවිද්යා #තාරකාවිද්‍යා 💫

2025 සැප්තැම්බර් මාසයේ සොයාගත් දිගු ආවර්ත කාලීන වල්ගා තරුවක් වන C/2025 R3 pansatarrs නිරීක්ෂණය කිරීමට තාරකාවිද්‍යා ලෝලී ...
18/04/2026

2025 සැප්තැම්බර් මාසයේ සොයාගත් දිගු ආවර්ත කාලීන වල්ගා තරුවක් වන C/2025 R3 pansatarrs නිරීක්ෂණය කිරීමට තාරකාවිද්‍යා ලෝලී ඔබට අවස්ථාවක් උදාවී ඇත. 2026 අප්‍රේල් 19-20 දින වල මෙය සූර්යයාට වඩාත් ආසන්න වන අතර නැවතත් මෙය අප සෞරග්‍රහ මණ්ඩලය වෙත ලඟා වනුයේ වසර 170,000කට පමණ පසුවයි. එම නිසා මෙවැනි වල්ගාතරු once in a life time comet යන නමින් හඳුන්වයි.

නිරීක්ෂණය කරන්නේ කෙසේද 🔭🔍

මේ වන විට Pegasus තාරකා රාශිය පසුබිම් කරගෙන පිහිටා ඇති මේ වල්ගා තරුව උදෑසන හිරු උදාවට පෙර නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නව නිරීක්ෂණය කළ හැකිය. 🌄 මෙය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අප්‍රේල්මස 21 වන දක්වා ඔබට අවස්ථාව පවතින අතර හෙට දින (19) උදෑසන 5.30ට පමණ ක්ෂිතිජයේ සිට අංශක 10° ක් පමණ ඉහළින් දැකගත හැක.

මෙහි දෘශ්‍ය දීප්තය සාපේක්ෂව තරමක් අඩුය. මේ වන විට magnitude 8 කට ආසන්න දීප්තියේ පවතින බැවින් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම අපහසුය. එබැවින් මෙය දෙනෙතියක් (binocular) හෝ දුරේක්ෂයක් (telescope) 🔭 භාවිතා කර ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

කුඩා සහ අඳුරු ඡායාවක් ලෙස මෙය දිස් වන අතර මෙහි වල්ගය ක්ෂිතිජයෙන් ඉවතට ගමන් කරන ⁣සේ පිහිටා ඇත. එමෙන්ම ඔබ සතුව කැමරාවක් ඇති නම්, long exposure ක්‍රමවේදය හරහා මෙය ඡායාරූප ගත කිරීමටද හැකිය. 📸 ඔබ නිරීක්ෂණය සඳහා තෝරා ගන්නා ස්ථානය ආලෝක දූෂණයෙන් අවම ස්ථානයක් නම් එයද මේ සඳහා ඔබට තවත් වාසියක් වනු ඇත.✨️

Photo credits_ Sameera C. Rathnayake

මේ දිනවල අලුයම අහසේ  C/2025 R3 (PANSTARRS) නම් වල්ගාතරුවක් පැවතියද තවමත් මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට නොහැකිය. අද දි...
18/04/2026

මේ දිනවල අලුයම අහසේ C/2025 R3 (PANSTARRS) නම් වල්ගාතරුවක් පැවතියද තවමත් මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට නොහැකිය. අද දිනය වන විටත් එහි දෘශ්‍ය දීප්තිය +8කි.

පහත දැක්වෙන්නේ අද දින (18/04/2025) දුරේක්ෂයක් භාවිතයෙන් ලබා ගත් එම වල්ගාතරුවෙහි ඡායාරූපයකි.

මෙම ඡායාරූපය ගනු ලැබූවේ IOAS ආයතනයේ City Observatory Colombo හි සිටය. අද අලුයම 5.14 ට මෙම ඡායාරූපය ලබා ගන්නා විට වල්ගාතරුවේ හිස නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 12ක් පමණ ඉහළින් පිහිටා තිබුණි. මෙම ඡායරූපය සදහා භාවිත කරන ලද්දේ Zwo SeeStar S50 නම් දුරේක්ෂයයි.
පහත දැක්වෙන්නේ මෙම ඡායාරූපය ගැනීමේදී සහ ඉන් පසුව edit කිරීමේදී භාවිත කරන ලද උපකරණවල තාක්ෂණික දත්තය.

Telescope : Zwo SeeStar S50
Date: 2026.04.18
Time: 05:14
Softwares: Sequator, Graxpert, Siril, Adobe Lightroom
Stacking: 2×10s
Total exposure: 20s
Observer: Sameera C. Rathnayake
Editor: Hansana Randeep


සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ එක්දින වැඩමුළුව(Solar System One Day Workshop for Kids)------------------------------------------...
17/04/2026

සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ එක්දින වැඩමුළුව
(Solar System One Day Workshop for Kids)
------------------------------------------------

අවුරුදු 6-11 වයසේ දරුවන්ගේ තාරකා විද්‍යා දැනුම වැඩිදියුණුව සදහා තාරකා විද්‍යා අධ්‍යන ආයතනය (IOAS) මගින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබද ක්‍රියාකාරකම් සහිත එක් දින වැඩමුළුවක් සංවිධානය කර ඇත. Solar System One Day Workshop for Kids ලෙස නම් කර ඇති මෙම වැඩමුලුවේදි සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භයේ සිට මේ දක්වා විකාශනය තෙක් දරුවාට ගැලපෙන අයුරින් පැහැදිලි කිරීම් ඇතුලත්ව දරුවන්ගේ උද්යෝගය පවත්වා ගැනීම සදහා නොයෙකුත් තාරකා විද්‍යාත්මක ක්‍රියාකාරකම්ද පැවැත්වේ. ඒ යටතේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල ලක්ෂණ සහ වර්ණ පැහැදිලි කරමින් ඒ්වාට අනුරූප වන සේ සෞරග්‍රහ මණ්ඩලය ආකෘතියක් නිර්මාණය කිරීම, වල්ගාතරුවක කොටස් නිරූපණය වන පරිදි ආකෘති නිර්මාණය, වියලි අයිස් (Dry Ice) භාවිතයෙන් වල්ගාතරුවක ආකෘතියක් නිර්මාණය කිරීම, ඇතුළත් ක්‍රියාකාරකම් රැසක්මෙහිදී අන්තර්ගතය.
මෙම වැඩමුළුව පැය 4ක කාලයක් පැවැත්වේ. තාරකා විද්‍යා අධ්‍යනය ආයතනයේ ප්‍රවීණ ගුරු මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට එක් වරකට ළමුන් 30 දෙනෙකු පමණක් සහභාගි කර ගනු ලැබේ. අප ආයතනය පසුගිය වසර ගණනාවක් පුරාවට මෙවැනි වැඩමුලු තුලින් ළමුන් දහස් ගණනකගේ දැනුම වර්ධනය කර ඇත. ඔබත් Solar System One Day Workshop for Kids වැඩමුළුවට ඔබගේ පුංචි පුතා හෝ දුවව සහභාගී කරවා සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන්න. (ආසන සීමා සහිතයි.)
මැයි මස 2 වන සෙනසුරාදා ‌ප.ව 1.00 සිට ප.ව 5.00 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ. ඒ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
ඉංග්‍රීසි මාධ්‍ය - https://ioas.lk/item-detail/product/33705 #
(ලියාපදිංචි විය හැකි අවසාන දිනය අප්‍රේල් 30)
පාඨමාලා ගාස්තු රු 5000/-
පාඨමාලාවට අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍යයන් සපයනු ලබන අතර පාඨමාලාව අවසානයේ දී වටිනා සහතික පත්‍රයක්ද නිකුත් කරනු ලැබේ.
විමසීම් -0776262032
077 626 2032
145/5A, සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
www.ioas.lk
#තාරකාවිද්‍යා 💫

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!
14/04/2026

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!

Address

145/5A, Sooriya Mawatha, Koswatta, Battaramulla
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776262032

Alerts

Be the first to know and let us send you an email when Institute of Astronomy, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Institute of Astronomy, Sri Lanka:

Share