Buddhist Students' Association - University of Kelaniya

Buddhist Students' Association - University of Kelaniya කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය,

The University of Kelaniya has its origin in the historic Vidyalankara Pirivena, founded in 1875 as a centre of learning for Buddhist monks. It was one of the two great national centres of traditional higher learning, heralding the first phase of the national movement and national resurgence.

>>> කැලණිය විශ්වවිද්‍යාලය - බෞද්ධ ශිෂ්‍ය සංගමය

කැලණිය විශ්වවිද්‍යාලයට නව අධ්‍යයන වර්ෂය සඳහා පියනැගූ පළමු වසරේ විද්‍යාර්ථීන් ඇතුළු සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාවටම සෙත්...
23/05/2026

කැලණිය විශ්වවිද්‍යාලයට නව අධ්‍යයන වර්ෂය සඳහා පියනැගූ පළමු වසරේ විද්‍යාර්ථීන් ඇතුළු සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාවටම සෙත් පතා සංවිධානය කරනු ලබන විශේෂ බෝධි පූජා පිංකම සඳහා ඔබ සැමට ගෞරව පූර්වකව ආරාධනා කර සිටිමු. ☸️

* දිනය: මැයි මස 25 වන දින
* වේලාව: සවස 5.30 සිට
* ස්ථානය: බෝධීන් වහන්සේ අසලදී
* දේශකයාණන් වහන්සේ: මීගොඩ සාරානන්ද ස්වාමීන් වහන්සේ

ඔබ සැමටම තෙරුවන් සරණයි!🪷
_බෞද්ධ ශිෂ්‍ය සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය_

"සබ්බීතියො විවජ්ජන්තූ - සබ්බ රොගො විනස්සතුමා තෙ භවත්වන්තරායො - සුඛී දීඝායුකො භව"ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...
14/04/2026

"සබ්බීතියො විවජ්ජන්තූ - සබ්බ රොගො විනස්සතු
මා තෙ භවත්වන්තරායො - සුඛී දීඝායුකො භව"

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ලෝකවාසී සැමට තෙරුවන් සරණින් සියලු අභිමතාර්ථයන් ඉටු වන්නා වූ සෞභාග්‍යවත්, පින්බර නව වසරක් වේවායි කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු!

​Caption: Ven. Mahawaththe Sominda Thero
​Design: Kavya Bandara
​Buddhist Students' Association - University of Kelaniya

14/04/2026

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරී ඉතිරෙන, ආයුෂ, වර්ණය, සුඛය, බලය වර්ධනය වන, නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

01/04/2026

"න හි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
ඒස ධම්මෝ සනන්තනෝ"

​"ලොව කොයි කලකවත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම (මෛත්‍රියෙන්) වෛරය සන්සිඳේ. මෙය සදාතනික ධර්මතාවයකි."
(ධම්මපදය - යමක වග්ගය)

​උතුම් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🪷🙏

​බක් පොහොය දින වැදගත්කම.

🔸 මැණික් පුටුවක් උදෙසා වූ චූලෝදර - මහෝදර නාග සොහොයුරන්ගේ මහා යුද්ධය සංසිඳුවීමට බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම.

🔸 මිනිස් වර්ගයාට "අවෛරයේ සහ සාමයේ" පණිවිඩය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවීම.
​එදා නා රජවරුන්ගේ ක්‍රෝධය නිවාලූ, සාමයේ පණිවිඩය ලොවට විදහා පෑ අනන්ත බුදුගුණ බලයෙන් අප සැමගේ සිත් සතන් සුවපත් වන පින්බර බක් පොහෝ දිනයක් වේවා! 🪷
🔅Caption: K.Yasintha Madhushani
🔅Design: Kavya Bandara

#බෞද්ධ ශිෂ්‍ය සංගමය
#කැලණිය විශ්වවිද්‍යාලය

දැනුම තහවුරු කරනු වස් ආශිර්වාද මධ්‍යයේ විභාගයට...✨☸️2023/2024 අධ්‍යයන වර්ෂයේ දෙවන සමාසික ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටින ...
30/03/2026

දැනුම තහවුරු කරනු වස් ආශිර්වාද මධ්‍යයේ විභාගයට...✨☸️

2023/2024 අධ්‍යයන වර්ෂයේ දෙවන සමාසික ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටින කැලණිය විශ්වවිද්‍යාලීය සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ පිරිත් නූල් ලබා දී ආශිර්වාද කිරීම පසු ගිය 2026-03-26 දින සාර්ථකව නිමාවට පත්විය.

මෙහිදී ධර්මාලෝක ශාලාව සහ කැකුලාවල ශාලාව ඉදිරිපිට විභාග අපේක්ෂක විද්‍යාර්ථින්ට පිරිත් නූල් බැඳීම සහ ලබාදීම සිදු කෙරිණි.

ඔබ මෙතෙක් උගත් දැනුම නිසි පරිදි මතකයට නංවා ගනිමින්, මනා සංසුන් මනසකින් යුතුව විභාගයට මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🎓🙏

#බෞද්ධ ශිෂ්‍ය සංගමය
#කැලණිය විශ්වවිද්‍යාලය

දැනුම තහවුරු කරනු වස් ආශිර්වාද මධ්‍යයේ විභාගයට...✨☸️2023/2024 අධ්‍යයන වර්ෂයේ දෙවන සමාසික ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටින ...
29/03/2026

දැනුම තහවුරු කරනු වස් ආශිර්වාද මධ්‍යයේ විභාගයට...✨☸️

2023/2024 අධ්‍යයන වර්ෂයේ දෙවන සමාසික ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටින කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින් සැමට පිරිත් නූල් බැඳීම සහ ලබාදීමේ ආශිර්වාද පින්කම 2026-03-26 දින මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.


#බෞද්ධ ශිෂ්‍ය සංගමය
#කැලණිය විශ්වවිද්‍යාලය

"ගබ්භමෙකෙ උප්පජ්ජන්ති-  නිරයං පාපකම්මිනොසග්ගං සුගතිනො යන්ති- පරිනිබ්බන්ති අනාසවා"(ඇතැමෙක් මිනිස් කුස උපදිති,පව්කාරයෝ නිර...
22/03/2026

"ගබ්භමෙකෙ උප්පජ්ජන්ති- නිරයං පාපකම්මිනො
සග්ගං සුගතිනො යන්ති- පරිනිබ්බන්ති අනාසවා"

(ඇතැමෙක් මිනිස් කුස උපදිති,පව්කාරයෝ නිරයේ උපදිති,කුසල් කොට සුගතියට යන්නෝ දෙව් ලොව යති, කෙලෙස් නැසු රහතන් වහන්සේලා පිරිනිවන් පාති.)

(-ගෞතම බුදුන්වහන්සේ-)🪷🙏

ධර්මයේ අලෝකය කැලණි සරසවි මාතාව තුළ විහිදුවාලන්නට, වසරක් පුරා නොමද කැපවීමෙන් කටයුතු කළ 2024/2025 හිටපු ජ්‍යෙෂ්ඨ අනුශාසක ස්වාමීන් වහන්සේ,ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ,සභාපති හිමියන් ඇතුළු නිළධාරී මණ්ඩලයට අපගේ උත්තමාචාරය !

ඔබ සැම බෞද්ධ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ඉටුකළ මහා මෙහෙවර සදා අනුස්මරණීයයි. ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු!

#බෞද්ධ ශිෂ්‍ය සංගමය
#කැලණිය විශ්වවිද්‍යාලය

දහමින් සුපෝශිත දැහැමි  සමාජයක් බිහි කරනු වස් ..🪷🙏කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක ස්වාමීන් ව...
19/03/2026

දහමින් සුපෝශිත දැහැමි සමාජයක් බිහි කරනු වස් ..🪷🙏

කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක ස්වාමීන් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ ඇතුළු 2025/26 නව නිලධාරි මණ්ඩලයට සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා !

#බෞද්ධ ශිෂ්‍ය සංගමය
#කැලණිය විශ්වවිද්‍යාලය

*ප්‍රඥාවේ දෑසින් ලොව දකින්නට... සරසවි පියසට දහම් සිසිලසක්!"* ☸️✨​"ධම්මපීති සුඛං සේති - විප්පසන්නේන චේතසා"  (ධර්මයෙහි ඇල...
18/03/2026

*ප්‍රඥාවේ දෑසින් ලොව දකින්නට... සරසවි පියසට දහම් සිසිලසක්!"* ☸️✨

​"ධම්මපීති සුඛං සේති - විප්පසන්නේන චේතසා"

(ධර්මයෙහි ඇලුනු තැනැත්තා පහන් වූ සිතින් යුතුව සැපසේ වාසය කරයි.)

​සරසවි පියස යනු දැනුම සොයා යන මාවතක් පමණක් නොව, මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් සැබෑ මිනිසුන් නිර්මාණය කරන තෝතැන්නකි. තර්කයෙන් පිරි ලෝකයක ප්‍රඥාවේ පහන් ටැඹක් වෙමින්, බුද්ධිමත් තාරුණ්‍යය අධ්‍යාත්මිකව සන්නද්ධ කිරීමේ උදාර මෙහෙවර අප හමුවේ පවතී. සරසවි මාවතේ වෙහෙසකර ගමනේදී හදවතට සැනසීමත්, ජීවිතයට නිවැරදි මග පෙන්වීමත් ලබා දෙන"ධර්මයේ නවාතැන" වන්නට අප සැම කැපවිය යුතුය.

​එම උදාර පරමාර්ථ පෙරදැරිව, සම්බුදු දහමේ ජීවගුණය සරසවි ප්‍රජාව අතරට රැගෙන යාමට පෙරට ආ,
කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමයේ 2025/26 අභිනව නිලධාරී මණ්ඩලය වෙත අපගේ හෘදයාංගම ශුභාශිංසන මෙසේ එක් කරමු! 🌸 ✨

​සංගමයේ උන්නතිය උදෙසාත්, ශිෂ්‍ය ප්‍රජාවගේ යහපත උදෙසාත් අර්ථවත් සේවාවක් ඉටු කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 🙏

​ #කැලණිය_විශ්වවිද්‍යාලය
#බෞද්ධ_ශිෂ්‍ය_සංගමය

මහ සභා රැස්වීම - 2026 #බෞද්ධ ශිෂ්‍ය සංගමය #කැලණිය විශ්වවිද්‍යාලය
09/03/2026

මහ සභා රැස්වීම - 2026

#බෞද්ධ ශිෂ්‍ය සංගමය
#කැලණිය විශ්වවිද්‍යාලය

Address

University Of Kelaniya
Dalugama
11600

Website

https://www.facebook.com/university.kelaniya

Alerts

Be the first to know and let us send you an email when Buddhist Students' Association - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Buddhist Students' Association - University of Kelaniya:

Share