20/12/2022
UWU Legends League
~ UWU Legends League ~
අභිමානවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් එක් ව, උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලද "UWU Legends League" තරඟාවලියේ පලමු දිගහැරුම 2022 ක් වු දෙසැම්බර් මස 18 වන දින, පැලවත්ත ජී. එච් බුද්දධාස ක්‍රීඩාංගනයේදී අති සාර්ථක අයුරින් සමාප්තිය සනිටුහන් කෙරිණි.
දින, මාස ගණනාවක මහත් වූ පරිශ්‍රමයකින් අනතුරුව, සාර්ථක ලෙස අත්පත් කරගත් මෙකී ජයග්‍රහණය, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය ඉතිහාසයට රන් අකුරින් එක් වන බව නොඅනුමානය.
මෙවන් උත්කර්ෂවත් තරගාවලියක් සංවිධානය කරගැනීමෙහිලා, දායකත්වය දැක් වූ පහසුකම් සැපයු, දිරිගැන්වූ පිරිස අනන්තය අප්‍රමාණය.
UWU Family නොහොත් ඌව වෙල්ලස්ස විද්‍යාර්ථීන් එක් පවුලක් බව මනාව සපථ කරමින්, මෙකී කාර්යය සාර්ථක කරගැනීමෙහි ලා, මූල්‍යමය දායකත්වය සැපයු, දෙස් විදෙස් සියලුම ශිෂ්‍ය පරම්පරාවන් නියෝජනය කල ආදීවිද්‍යාර්තයයින් සදහා පලමුව අපගේ කෘතවේදීත්වය පල කරන්නෙමු.
අමතරව, විශ්වවිද්‍යාලය ලෙස මෙකී කාර්යය සාර්ථක කරගැනීම සදහා ලබාදුන් ඉමහත් සහයොගය වෙනුවෙන්, වත්මන් උපකුලපති, මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා ඇතුලු විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයටත් අපගේ කෘතවේදීත්වය පිරිනමමු.
එමෙන්ම,විශ්වවිද්‍යාලයීය ප්‍රගමනය සදහා සැමවිටම තම දායකත්වය ලබා දෙන විශ්වවිද්‍යාලයීය නිර්මාතෘ, ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙනිය මහතාටත් අපත් සමගින් එක්වීම සහ ඔබ ලබාදුන් අවවාද අනුශාසනා පිලිබඳ අපගෙ සතුට මෙන්ම ආචාරය පිරිනමමු.
තරඟාවලිය දෙස් විදෙස් සියලුම ප්‍රේක්ෂකයින් සදහා අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරමින්, තරඟාවලිය අලෝකමත් කිරීම සදහා සම්පත් දායකත්වය ලබාදුන් MS Network කාර්යය මණඩලයට අපගෙ ස්තූතිය පලකරමු.
තවද, ස්වකීය ගුවන් කාලය අපගේ කාර්යය වෙනුවෙන් ලබාදෙමින්, තරඟාවලිය සාර්ථක කරගැනීම උදෙසා දායකත්වය දැක්වූ, Siyatha TV නාලිකාවේ සභාපති තුමා ඇතුලු කාර්යය මණඩලය ට ද, Citizen.lk සහ Colombo Times Media Network හී කාර්‍යමණ්ඩලයන් සදහාද, අප කාර්යය සාර්ථක කරගැනීම සදහා ලබාදුන් සහයොගය, ඉමහත් කෘතවේදී ව සිහිපත් කරන්නෙමු.
මීට අමතරව, දිනයේ කාර්‍ය්යන්, නිවැරදි පවත්වාගෙන යාම සදහාද, තරඟාවලිය පැවැත්වීමට අවශ්‍යය පහසුකම් සැපයීම මගින් ද, ක්‍රීඩාංගණය භාර කාර්යය මණ්ඩලය අපවෙත ලබදුන් නොමද සහය වෙනුවෙන් අපගේ ස්තූතී පුර්වක කෘතවේදීත්වය පලකරන්නෙමු.
අනේක විද බාධක මැද, මෙකී කාර්‍ය්යට සාර්ථක කරගැනීම වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකල, සංවිධායක මණ්ඩලයට ඉමහත් සතුට මෙන්ම ස්තූතිය නැවත නැවතත් පල කරන්නෙමු.
අවසාන වශයෙන්, පවතින ආර්ථික/ප්‍රවාහන අර්බුධ මැද, තරඟාවලිය සාර්ථක කරගැනීම සදහා අපත් සමග එක්වූ, සියලුම ක්‍රිඩාලෝලී මිතුරු මිතුරියන් ටද, ක්‍රිඩාවෙහි ජීවගුණය රැගෙන තරඟාවලිය ආලෝකමත් කල සියලුම ක්‍රිඩකයින් හටද, තරගාවලියේ විනිසුරු දෙපලටද, නන් අයුරින් උපකාර කල සියලුම දෙනාටද අපගේ ගෞරවනීය ආචාරය පිරිනමන්නෙමු.
ස්තූතියි.
සංවිධායක මණ්ඩලය