24/04/2023
🔴 සීට් .. දරුවෝ හා පහසුව..🔴
දවසක් බදුල්ල නයිට් මේල් ට්ර්න් එකේ කපල් එකක් ලොකු බෑග් එකක් අරන් ලමයෙක් වඩාගෙන නැග්ගා.. ඈත යන පාටයි.. සීට් ලගට ගිහින් බල බල හිටියත් ඇතුලේ හිටපු කවුරුත් සීට් එකක් දුන්නේ නෑ.. අන්තිම බලන් ඉදලා බැන බැන පිටිපස්සේ කැන්ටින් එක පැත්තට ගියා.. ටිකක් මහලු එක්කෙනෙක් කිව්වා පුදුම මිනිස්සු තමයි ඉන්නේ කියලා..
ඒ උනාට මම කොටුවේ ඉන්නකොට ( මම ඉන්නේ වේයන්ගොඩට එන්න) මම දකිනවා මිනිස්සු සීට් එකක් ගන්න පොරකන හැටි.. ගොඩක් අය බදුල්ලට ඇල්ල නාවලපිටිය හැටන් වගේ තමයි යන්නේ.. අවම නුවර තමයි..
හිටගෙන යන්න අමාරු නිසා එක්කෝ සීට් එක බුක් කරලා එහෙමත් නැත්නම් කලින්ම පෝලිමක ඉඳලා හරි බස් එකට හරි කෝච්චියට හරි වේලාසන ඇවිත් එහෙමත් නැත්නම් බස් එකේ හරි කෝච්චියේ හරි පොරකාලා සීට් එකක් ගත්තම මගදි ලමයෙකුත් වඩාගෙන නැග්ගම එයාලගේ සාමාන්‍ය ප්‍රතිචාරය තමයි ඕක.. පැය 9ක් 10ක් හිටගෙන යන්න අකමැති නිසා තමයි ඒ ප්‍රතිචාරය.. ඒක පට්ටම සාදාරණයි..
සමහර විට ලමයෙකුත් එක්ක සීට් දෙකක වාඩිවෙලා යනවා.. ලමයටත් අවුරුදු 4,5 ක් නම්.. ලමයාව ඔඩෙක්කෙට අරන් කාටවත් වාඩි වෙලා ඉන්න කෙනෙක්ට දෙන්නෙත් නෑ. ඒ අය එහෙම කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. තමන්ට වාඩි වෙන්න ඕනි කමට.. සමරය අය දෙනවා.. හැබැයි කලාතුරකින්.. මම එහෙම අය දැකලා තියනවා.. හැබැයි මම දන්නවා බහුතරයක් හිතින් බැන බැන තමයි යන්නේ.. එහෙම කරලා..
සමහර අය ලමයාව මාරු කර කර ඉදගන්නවා.. අම්මා මුලින් ලමය අරන් වාඩි වෙලා යනවා. ඊටපස්සේ සීයා ලමයා ගන්නවා වාඩි වෙනවා ඕං ඔහොම.. සීට් එක දුන්න කෙනා ගැන වගක් වත් නෑ.. ඒක පට්ටම නරක වැඩක්..
නිකමට කොලඹ බදුල්ල කෝච්චියක වගේ එහෙම කෙනෙක් අහු උනොත් අර කලින් කෝච්චියට නැගපු මනුස්සයා සීට් එක දුන්නේ නැතොත් කවුරුහරි ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් දැම්මම ඉතින් අර මනුස්සයගේ පරම්පරාවම මේකේ ඉන්න උන් මතක් කරනවා.ඒ මනුස්සයා පැය 9 ක් විතර හිටගෙන යන්න ඕනි කොලඹට යනකම්,බදුල්ලට යනකම්...
ඔයා දරුවන් එක්ක යනකොට ඔයාගේ ගමන කලින් ප්ලෑන් කරන්න.. නැත්තං අනිත් මිනිස්සු විතරක් නෙමෙයි ඔයත් දරුවනුත් අපහසුතාවයට පත් වෙනවා..
දැන් සීටිබි වල සහ කෝච්චි වල සීට් බුක් කරන්න පුලුවන්.
කෙටි ගමන් නම් තව කමක් නෑ. ඒත් අඩුම ගානෙ දුර ගමනක් යනවා නම් තවත් මනුස්සයෙක්ට කරදරයක් නැතිව යන්න. ප්‍රෙග්නන්ට් වෙලා හිටියත් හාමුදුරු කෙනෙක් උනත් එච්චරයි..ඔබට වෙන්කරලා තියෙනවා ආසනයක් ඒක ඉල්ලන්න ඔබට අයිතියයක් තියෙනවා..
මිනිසුන් විවිදාකාර බව හිතට ගන්න.. හැමෝම සැප කැමති මිනිසුන්.. ඒ නිසා පොඩ්ඩක් ඔලුවට දාගන්න.. සීට් එකක් ලැබුනේ නැති උනොත් ඒක තමන්ගෙම වැරැද්දක් ( තමන්ගේ ප්ලෑනින් වල අවුලක්) කියලා සිහියට ගන්න..
චායාරූපය fb එකෙන් ගත්තේ..