22/12/2019
පුද්ගලයෙකුට, පුද්ගලික සමාගමකට, ඕනෑම ප්‍රජා සoවිධානයකට, හෝ රටකට ප්රගමනයට තිබෙන ප්‍රධානම බාධාව වන්නේ කුමක්ද?
ඒ තමයි මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙල අත්හැරදමා අළුත් ක්‍රියාදාමයකට යාමට ඇති අකමැත්ත. අපි පුද්ගලයින් වශයෙන් හෝ පොදුවේ අකමැතියි පුරුදුවී සිටින ඇබ්බැහිකම් අත්හරින්න. හේතුව අපි ඇබ්බැහිකම් වලට මුළුමනින්ම අනුගතවී සිටීමයි. ඒකට කියන්නේ 'පහසු කළාපය' තුල සිරගත වීම කියායි. Limiting in a Comfort Zone එහෙම වුනාම කිසිම අළුත් දේකට අත තියන්න බිය වෙනවා.
ඉතින් අපි රටක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් හෝ සoවිධානයක් වශයෙන් මෙතෙක් කල් කරගෙන ආ දේවල් තව අවුරුදු කීයක් ඉදිරියට කරගෙන ගියත් ප්‍රථිඵළය මේකම තමයි. "එකම දේවල් කරමින් වෙනස් ප්‍රථිඵළ අපේක්ශා නොකරන්න" (Albert Einstein is widely credited with saying, “The definition of insanity is doing the same thing over and over again, but expecting different results)”ප්‍රථිඵළය වෙනස් කිරීමට උවමණා නම් ආදානය හෙවත්, යෙදවුම (Input) වෙනස් කල යුතුමයි.
ඉතිහාසයේ ශ්‍රී විභූතිය ආවර්ජනය කරමින් වගාඩම්බර පෑමෙන් වර්ථමානය වෙනස් නොවේ. වර්ථමානය වෙනස් විය යුතුයයි ඔබ සිතන්නේ නම් කලයුතු වන්නේ යෙදවුම හෙවත් අප අඛණ්ඩව කරමින් සිටින පුරුදු සහ ඇබ්බැහිකම් වලින් මිදී නව පුරුදු සහ ඇබ්බැහිකම් වලට හුරුවීමය.
ඒ සඳහා මුලින්ම කලයුත්තේ අප සිතන ක්‍රමය හෙවත් ආකල්ප වෙනස් කරගැනීමයි. මන්ද යත් ඕනෑම ක්‍රියාවක් ආරම්භ වන්නේ මිනිසෙකුගේ මනස තුල හටගන්නා සිතුවිල්ලකින් බැවිනි. මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් මේ දක්වා මේ මිහිපිට සිදුවූ සියළු විශ්මිත නිර්මාණ මුලින්ම බිහිවූයේ මිනිසකුගේ මනස තුලය. ඉන්පසු ඒවා කඩදාසි මතටත්, අවසානයේදී මහපොලොව මත සැබෑවක් බවටත් පත්වුනා.
ඒ නිසා ඕනෑම දෙයක් වෙනස් කරන්න අවශ්‍ය නම් වෙනස් කල යුත්තේ අපගේ අවධානය යොමුවී සිරවී තිබෙන තැනින් ඉවතට ගැනීමයි. සිතන ක්‍රමය වෙනස් නොකර කිසිවක් වෙනස් නොවේ. මෙය පුද්ගලයෙක් වශයෙන් මෙන්ම රටක් වශයෙන්ද එකලෙස අදාලය. අපට දැනට තිබෙන්නේ ලෝකයේම ඉහලම දේවල්ය කියා බහුතරයක් සිතා සිටින තාක් කල්ම අපේ වර්ථමාන ස්වභාවයේ කිසිදු වෙනසක් සිදුකිරීමට නොහැකිය.