Pulathisipura National College of Education

Pulathisipura National College of Education One of the prestigious educational institutes in sri lanka which was found in year 2000 with the aim

27/08/2023

විද්‍යාපීඨ සිසුන්ගේ සිත් සතුටු කරන සුබම සුබ ආරංචියක්..

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවාගනුයේ දෙවැනි පන්තියේ ඉහළ සාමර්ථ්‍යයක් ඇති උපාධිධාරීන් බවත්, මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. අධ්‍යාපන පරිපාලන සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවාව, විදුහල්පති සේවාව, ගුරු උපදේශක සේවාව, ගුරු සේවය ලෙස අධ්‍යාපනයේ ක්ෂේත්‍රය තුළ සේවා 5ක් පවතින බවත්, විද්‍යාපීඨවලින් බිහි වන ගුරුවරුන් ගුරු අධ්‍යාපනඥ සේවාවට අයත් බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

කුසලතා සහ දිස්ත්‍රික් පදනම යටතේ විද්‍යාපීඨවලට බඳවාගැනීම් සිදු කරන බවත් පසුගිය සමයේ 7,500ක් බඳවාගෙන ගුරු පුහුණුවීම් දෙන බවත් ඇමැතිවරයා පැවසීය.

මීට පෙර බඳවාගැනීම් කිරීමේදී වාර්ෂිකව 4,000ක පමණ පිරිසක් පුහුණුවට බඳවාගත්තේ යැයිද ඇමැතිවරයා කීය. ගුරු අධ්‍යානඥ සේවාවට 2,100ක පමණ පිරිසක් බඳවාගැනීමට පියවර ගන්නා බවත්, මීට වසරකට පමණ පෙර අමාත්‍යාංශය භාර ගන්නා විට මේ සේවාව සඳහා සිටියේ 866ක පිරිසක් බවත් ඇමැතිවරයා පැවසීය.

ගුරු අධ්‍යාපනඥ සේවාව සඳහා 705ක් බඳවාගැනීමේ පරීක්ෂණ මීට සති 2කට පමණ පෙර අවසන් වූ අතර, එහි ප්‍රායෝගික පරීක්ෂණ හැකි ඉක්මනින් පවත්වන බවද ඇමැතිවරයා කියා සිටියේය. වැටුප් තල 12 ඉහළ නැංවීමට අදාළ කටයුතු සැලසුම් කරමින් තිබෙන බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සකස් කර අවසන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ඒ සඳහා අවශ්‍ය වන බවත්, එළැඹෙන අගඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කමිටුවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ප්‍රතිපත්තිමය තීරණයක් බවට පත් කරගැනීම සඳහා ඊළඟ සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

19/08/2022
11/12/2021

ලොව භයානකම පොත 📚

ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා නොබෙල් ත්‍යාගය ලාභී මාරි කියුරිගේ note book එක...

එයාගෙ පොත් විතරක්ම නෙමෙයි භාවිතා කළ ඇදුම්,පැළදුම් ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කලේ Radiation එකත් එක්ක..නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පරීක්ෂණ කරද්දි ඇය දැනන් හිටියේ නැහැ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන සිටියා.

මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.

Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියොත් මැරුනෙ පිළිකා වලින්.

නොබෙල් ත්‍යාග තුනක්,
පිළිකාවට ගොදුරු වූ ජීවිත දෙකක්,
මවක් සහ දියණියක්!

මාරි කියුරි සිය වැඩිමහල් දියණිය අයිරීන් සමග, 1925!

නොබෙල් ත්‍යාගය මත සිය අණසකය පැතිර වූ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනූවෝ වෙන නොවෙති.

මාරී සිය සැමියා පියරේ සමගින් 1903 හි දී භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාග දිනාගනිමින් ඒ ගෝලීය ගෞරවය පළමුකොට කියුරි නම අද්දර පළන්දා තිබුණි. ඉන්පසු මාරී නැවතත් 1911 හි දී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගති. ඒ අනුව නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම කාන්තාව වී සිටි මාරි, එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය. එයින් නොනැවත අද ද වනතුරු එකිනෙකට වෙනස් වූ විද්‍යා ක්ෂෙත්‍රයන් දෙකක් උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එකම පුද්ගලයා බවට පත්ව ඇය අදටත් සුවිසෙස් ව ඇත. අහම්බෙන් සහ විටෙක සිතැගිව, අහිතකර වූත් මරණීය වූත්, විකිරණ මත දිගින් දිගටම සිය දහස් වාරයක් නිරාවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්‍ය නීරක්තියෙන් (රුධිරගත පිළිකාවකි, Aplastic Anaemia) පීඩා විද හැටහයවන වියේ දී ඇය අභාවප්‍රාප්ත විය. අදටත් ඇය අතින් අල්වා කැරකැවූ දොරගුළු මත, ඇය ලියූ සටහන් පොත් තුළ, මුළුතැන්ගෙයි ආම්පන්න තුළ පමණක් නොව ඇයගේ මළසිරුරින් පවා ඒ මරණීය විකිරණ වෑස්සෙන බැවින් එය අදටත් පැරිසියෙහි, උත්තම පැරීසියානුවන් පමණක් සදාකල්හී නිදනා පැන්තියොන් හී සුසානාගාරයෙහි අගලක ඝණකම් ඊයම් කලේබරයෙක බහා නිදන් කර ඇත. ඉන් ඇතුළුව, ඈ අත රැදි සියල්ලෙන් මීළග සියවස් පහළොව පුරාවට, අවම වශයෙන් වර්ෂ 3400 ලබන තුරු, විකිරණ මුදාහැරෙනු ඇත.

ඇගේ දේහය තැන්පත් කල පෙට්ටිය සාදා ඇත්තේ අඟල් හතරහමාරක් ඝනකම ඊයම් වලින්.(තව අවුරුදු 2500-3000ක් වත් යනකන් ඇටකටු වලින් විකිරණ නිකුත් වෙනව කියල කියන්නෙ.)

මාරි ගේ ආදරබර සැමියා වූත්, ලෝ දිනූ ගෞරවයේ සගයා වූත්, පියරේ කියුරි වැසිබර දිනෙක මනෝ ලෝකයෙක සරමින් පැරිසී වීදියක් හරහා පියමනිමින් සිටියදී, අශ්ව කරත්තයක ගැටී එහි රෝදයටම යට වී හිස්කබල සුණුවිසුණු ව ජන්මාන්තර ගත විය. ඒ නොවන්නට ඔහුද විකිරණය උරුම කරදුන් පිළිකාවටම ගොදුරුව මිය යන්නට සිය දෛවය ලියවා හුන්නෙකෙකි. ඔහුද පැන්තියෝන් හී ගෞරවය ලබමින් මාරී අසලින්, ඊට පහළින් නිදන් විය. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්‍යාග සංඛ්‍යාව තුනකි. කියුරීන නොබෙල් පිපාසය ඉන් සන්සිදුනේ නැත.

ඔවුන්ගේ වැඩිමහළු දියණිය වූ අයිරීන් දෙමාල්ලන් අඩිපාරෙහිම යමින් රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය සිය සැමියා වූ ෆ්‍රෙඩරික් ජොලියට් සමගින් වර්ෂ 1935 හි දී සිය කෘතීම විකිරණශීලිතාව සම්බන්ධව වූ සොයාගැනීම් උදෙසා දිනාගති. ඇයද ඉන් උදාකරදුන් ලියුකේමියාමය පිළිකාවකින් පීඩා විද 58 වසක් ආයු වළදා 1956 හිදී මියගිය අතර ඊට දෙවසරකට පසු ෆ්‍රෙඩරික් උග්‍ර යකෘත්ප්‍රදාහයකින් පෙළී මරණය තෙක් රුධිරය වමනය කොට බොහෝ දුක් විද නෙතු පියාගති.

මාරිගේ දෙවන දියණිය ඊව් විද්‍යාවෙන් ඈත් වී සාහිත්‍යයට නැඹූරු විය. නොබෙල් ත්‍යාග නොලැබූ ඈ ආයුෂය දිනාගති. වසර 102ක් ආයූ වැළදූ ඇය නිව් යෝර්ක් හී සාමකාමී නිවහනෙක ජීවිතයෙන් නිවීගිය විඩාබර සයනයක දී අවසන් සුසුම් හෙළන්නට ඇත. නමුදු කියුරි පවුලෙහි නොබෙල්මය සිහිවටන ඉන් අවසන් නොකරමින් ඊව් ගේ ප්‍රියාදර සැමියා හෙන්රි රිචර්ඩ්සන් වර්ෂ 1965 හි දී නොබෙල් සාම ත්‍යාගය දිනාගති.

ඒ අනුව කියුරි පවුලේ මුල් සාමජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් ත්‍යාගලාභීහූ වෙති. ඔවුන් ලද මුළු නොබෙල් ත්‍යාග ගණන හයෙකි.

එක්සත් ජාතීන් පිළිගත් රාජ්‍ය අතරින් 116 ක් එකදු නොබෙල් ත්‍යාගයක් හෝ දිනා නැත. අසල්වැසි ඉන්දියාව නොබෙල් දොළොසක් දිනා ඇත. පකිස්ථානය හා බංග්ලාදේශය ද දෙකක් දිනා ඇති බැව් ඔබ දැනගත යුතුය. ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව පමණක් නොව අසර්බයිජානය ද එකක් හෝ දිනා ඇත. ඒත් අප?

උපුටා ගැනීමකි..

එක පින්තූරයක තියෙන්නේ Xpress Pearl නැවේ අද තත්වය.නැවෙන් ලොකු ප්‍රමානයක් මේ වෙද්දි මුහුදුබත් වෙලා ඉවරයි.අනිත් රූපයේ තියෙන...
03/06/2021

එක පින්තූරයක තියෙන්නේ Xpress Pearl නැවේ අද තත්වය.නැවෙන් ලොකු ප්‍රමානයක් මේ වෙද්දි මුහුදුබත් වෙලා ඉවරයි.අනිත් රූපයේ තියෙන්නේ නැවේ අරන් ආව කියන ද්‍රවය ලැහැස්තුවක්...

නැවෙහි නයිට්රික් අම්ලය, එතනෝල්, ඊයම් ඉන්ගෝට්, පාරිසරික හානිකර ද්‍රව්‍ය (එක් බහාලුමක්), දූවිලි යූරියා, ෆ්‍රිල්ඩ් යූරියා එච්ඩීපීඊ, එල්ඩීපීඊ, රේඛීය එල්ඩීපීඊ, ඉෙපොක්සි ෙරසින්, සෝඩියම් මෙතොක්සයිඩ්, කෝස්ටික් සෝඩා, ලිහිසි තෙල්, ඇලුමිනියම් සැකසුම් ඇතුළු අන්තරායකර රසායනික ද්‍රව්‍ය තොගයක් අතුරු නිෂ්පාදන, ආලේපන සඳහා අමුද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය සහ සාමාන්‍ය භාණ්ඩ ඇතුලත් බහාලුම් දහසකට වඩා නැවේ තිබිලා තියෙනවා.පරිසර වේදී හේමන්ත විතානගේ මහතා ඒ ගැන සටහනක් එතුමාගේ පිටුවේ පල කරලා තියෙනවා

සමහර ඒවා නම් දැනටම මුහුදේ පාවෙනවා.අනිත් එවා නැව එක්කම මුහුදුබත් වේවි.එහෙම උනොත් ඊළග දවස් ටිකේ මේවා මුහුදු වෙරළට ගසා ගෙන්න එන්න පුළුවන්.

හැබැයි ඒවා නම් කරේ තියාගෙන දුවන්න ලැහැස්ති වෙන්න එපා පුතේ.මොකද ඒ සමහර ඒවගේ බලපෑම් වල ප්‍රතිඵල ලැබෙන්නේ ජීවිත කාලෙටම..

සංජය ප්‍රදීප්

අකුණු අනතුරු වලින් වැළකෙමු...එවන් අවස්ථාවකදී ඔබ එළිමහනක සිටීනම්..*ගොඩනැලිගිල්ලක් තුලට යන්න.නැතිනම් හොදින් ආවරණය වූ වාහනය...
03/06/2021

අකුණු අනතුරු වලින් වැළකෙමු...

එවන් අවස්ථාවකදී ඔබ එළිමහනක සිටීනම්..
*ගොඩනැලිගිල්ලක් තුලට යන්න.නැතිනම් හොදින් ආවරණය වූ වාහනයක් තුළ සිටින්න.
*කඳු, කඳු වැටි හෝ කඳු මුදුන් වැනි උස් ප්‍රදේශවලින් වහාම ඉවත් වන්න.
*කිසි විටෙකත් බිම වැතිරෙන්න එපා. එවන් අවස්ථාවක අවධානම අවම කිරීමට දණ හිස නවා වාඩිවී හිස පහත් කර ඔබේ කනට උඩින් අත තබන්න. කකුල් දෙකේ විලුඹ වෙන් නොකර එක්ව තබා ගන්න. එවිට ඔබ පෙළොව සමඟ සම්බන්ධතාවය අවම වනු ඇත.
*හුදෙකලා ගසක් යට කිසි විටෙකත් නොසිටින්න.
* එවන්න අවස්ථාවලදී කිසි විටෙක කඳු බෑවුමක් හෝ පාෂාණ ආවරණයක් භාවිතා නොකරන්න.
*පොකුණු, විල් සහ වෙනත් ජල කඳන්ගෙන් වහාම ඉවත් වන්න
*විදුලිය ගෙන යන වස්තූන්ගෙන් ඈත්ව සිටින්න (කටු කම්බි වැටවල්, විදුලි රැහැන්, සුළං මෝල් ආදිය)
*ගිගුරුම් සහිත වැස්සකදී ඔබ කණ්ඩායමක සිටී නම්, එකිනෙකාගෙන් වෙන් වන්න. අකුණු මඟින් පොළොවට පහර දුන්නොත් මෙය තුවාල ගණන අඩු කරයි.

අවධානයට..
*විවෘත වාහන, තොඩනැගිළි සහ අවකාශයන්හි රැඳී නොසිටින්න.
*උස ගොඩනැගිළි අසල නොසිටින්න.
*ජල ආශ්‍රිත ක්‍රියාවන් වලින් ඉවත් වන්න..
*ගිගුරුම් සහිත වැස්සකදී ස්නානය කිරීම, පිඟන් කෝප්ප සේදීම හෝ ජලය සමඟ වෙනත් සම්බන්ධතාවයක් ඇති කර නොගන්න. මන්දයත් අකුණු ගොඩනැගිල්ලක ජලනල හරහා ගමන් කළ හැකිය.
*රැහැන් රහිත දුරකථන භාවිතයෙන් වළකින්න
*ගිගුරුම් සහිත වැසි කාලයකදී රැහැන්ගත දුරකථන භාවිතා කිරීම ආරක්ෂිත නොවේ. ඒවා භාවිතා නොකරන්න.
*ජනෙල්, දොරවල්, පියස්ස සහ කොන්ක්රීට් තට්ටු අසළ සිටීමෙන් වළකින්න
*ගිගුරුම් සහිත වැස්සකදී කොන්ක්‍රීට් තට්ටුවල වැතිරෙන්න එපා. එසේම, කොන්ක්‍රීට් බිත්ති මත නැඹුරු වීමෙන් වළකින්න. අකුණු මඟින් කොන්ක්‍රීට් බිත්තිවල හෝ බිම් මහලේ ඇති ඕනෑම ලෝහ වයර් හෝ බාර් හරහා අකුණු ගමන් කළ හැකිය.

ආරක්ෂාව පළමුව.
පුෂ්පා රම්‍යානි සොයිසා

27/05/2021

Address

Vidyapura
Kaduruwela

Telephone

+94272225305

Website

Alerts

Be the first to know and let us send you an email when Pulathisipura National College of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share