08/12/2025
*සියලුම දෙනාගේම අවධානයට*
*අද(2025 12 06) අධ්‍යාපන අමාත්‍යාංශයයේදී ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ හා අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ (කලාප හා පළාත්) සහ අමාත්‍යාංශ නිළධාරීන් අතර රැස්වීමක් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති බවත්
එහිදී පහත තීරණයන්ට එලඹි බවත් සැලයි
01) *ආරම්භ කළ හැකි සියලුම ජාතික හා පළාත් පාසල් දෙසැම්බර් 16 ආරම්භ කිරීම.*
02) *දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල් සඳහා ආරම්භක දිනය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හා පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පැවරීම*
03) *දෙසැම්බර් 16 ආරම්භකරන පාසල් සඳහා වර්ෂ අවසාන නිවාඩුව දෙසැම්බර් 23 සිට ආරම්භ කිරීම*
04) *දෙසැම්බර් 16 සිට 22 දක්වා කාලය තුළ*
*පාසල ශුද්ධ පවිත්රකර* *යථාවත් කිරීම ගංවතුර නිසා ආපදාවන්ට පත්වූ* *දරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ට අවශ්‍ය මානසික හා අනෙකුත්* *සුබසාධන කටයුතු* *හඳුනාගැනීම සංවිධානය කිරීම හෝ* *ඒවා සඳහා යොමුකිරීම පමණක් සිදුකිරීම*
04) *2026 ලිත් වර්ෂය සඳහා සියලුම පාසල් ජනවාරි 01 දින ආරම්භ කිරීම*
05) *ලිත් වර්ෂය සඳහා පාසල් ආරම්භ වූ විගස 11 ශ්‍රේණිය (2025 සා.පෙ) සඳහා පමණක් වාර විභාග පැවැත්වීම*
06) *ඉතිරි පන්ති සඳහා වාර විභාග පැවැත්වීමට අවශ්‍යමනම් ඒවා පැවැත්වීම පිළිබඳව තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරීම*
07) *වාර විභාග පැවැත්වූවද නොවූවද සියලුම සිසුන් ඊළග ශ්‍රේණිය සඳහා සමත්කිරීම*
08) *විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාකර හැකි ඉක්මනින් 2025 උසස්පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳව තීරණය ගැනීම*
*09) 2025 උසස්පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳ කාලසටහන අනුව*
*2026 අධ්‍යයන වර්ෂය ආරම්භකරන දිනය තීරණය කිරීම හා වාර සටහන ප්‍රකාශයට පත්කිරීම.*