26/09/2025
🎯 Success story -3 🏹
ජීවිතයේ මනුස්සයෙකුට දියුණු වෙන්න හොදම motivation එක වියදමට මිල මුදල් නොමැතිකම වෙන්න පුළුවන්.අද අපි ඕගොල්ලොන්ට කියන්න යන්නේ බිම් මට්ටමේ සිට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගපු ඒ වගේ කෙනෙක් ගැන.
නමින් ඔහු සරලවම බුද්ධික ශ්‍රී හේරත්
රසික ශ්‍රී හේරත් . නමුත් මොහුගේ ව්‍යාපාරය H.M. Bioplant Holdings ශ්‍රී ලංකාවේ ඇති පටක විද්‍යාව සම්බන්ධ නුතනම තාක්ෂණය මුසුව නිමවා ඇති සංකීර්ණ හා සාර්ථකම ව්‍යාපාරයක්.
එසේනම් අපි දැන් බලමු මෙම ව්‍යාපාරයේ ආරම්භක ලක්ෂය සහ වත්මන් තත්වය පිලිබඳව.
📌 ඔබේ ව්‍යාපාරය සදහා මුලබීජය වූයේ කුමක්ද?
මේක ගැන මට අදහසක් එනකොට 2010 -11 වගේ කාලසීමාව වගේ. මම AL ලියලා ඉවර වෙලා ඩිප්ලෝමා එකක් කරන කාලේ වගේ. ගෙදර ලොකුවට සල්ලි තිබ්බේ නැ අපිට වියදම් කරන්න. බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා හිතුනා මට ඩිප්ලෝමා එක ඉවර වෙනවත් එක්කම. මේ වෙනකොට අපි කරමින් ඉදියේ ගොවිතැන. අපි කෙසෙල් හා ඉගුරු වගාව තමා සිදු කාලේ. ඉතින් මට දැනුමක් තියෙන පැත්තෙන් තමයි මම මගේ ව්‍යාපාරය ආරම්භ කළේ.
📌ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා ඔබ ගත් පළමු පියවර කුමක්ද?
මම මුලින්ම කරේ අපේ ඉඩමේ කෙසෙල් පැළ 200ක් වගා කළා. පටක රෝපණ තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදිත කෝලිකුට්ටු ප්‍රභේදයක් තමයි යොදාගත්තේ. ඊට පස්සේ ඉගුරු අක්කරයකුත් හිටෙව්වා. වේ කෙසෙල් ගස් 200න් 197ක ඵලදාව මන් ගත්තා. එතනින් හොඳ ආදායමක් මන් ඉපයෙව්වා. ඊට අමතරව පැල විකුණලා මන් ලක්ෂයක් හොයාගත්තා. මගේ කෙසෙල් ඵලදාව දැකල පැල ගන්න කට්ටිය මගේ ගාවත ආවා.ඔන්න එතනින් තමයි මන් කෙසෙල් පැල විකුණන ව්‍යාපාරය ආරම්භ කාලේ. කාලයත් එක්ක අපිට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න අමාරු වුණා. එතකොට තමයි අපේ මල්ලීත් එක්ක එකතු වෙලා පටක රෝපණ විද්‍යාගාරයක් දාන අදහස අවේ. මගේ මල්ලීත් කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙක්, එයාටත් තාක්ෂණික දැනුම තිබුණා. ඊට පස්සේ තමයි අපේ ව්‍යාපාරය පුළුල් වෙන්න පටන් ගත්තේ.
📌ආරම්භක අවධියේදී ව්‍යාපාරය සඳහා මුදල් ලබාගත්තේ කෙසේද?
මුදල් ගැන කතා කලොත් කලින් මගේ වගාව වලින් ලැබුණු ලාභය නිසා එතන යම් මුදලක් එකතු වෙලා තිබුණා ඊට අමතරව මට ඒ වෙනකොට රස්සාව හම්බුනාම කෘෂිකර්ම උපදේශකවරයෙක් විදිහට එතකොට ඒ කාලයේ රුපියල් හතලිස් දාහක් පමණ තමයි පඩිය තිබ්බේ. ඊට අමතරව අපිට කිරිහරක් ඉඳියා, එතන කිරි ආදායම තිබ්බා තව අපේ අම්මට අයිති කුඹුරු තිබුණා, පොල් ඉඩම් ප්‍රමාණයක් තිබුණා. ඒවා අපි විකුණුවා.තව ඉතින් අම්මගේ රන් භාණ්ඩ එහෙමත් උකස් කරා. කොහොම හරි ආරම්භක මුදල ලක්ෂ තිහක් පමණ ක් හොයාගන්න මට පුළුවන් වුණා ඒ ක්‍රම වලට.
📌 ආරම්භක දිනවලදී ඔබ මුහුදුන් වඩාත් දුෂ්කර අභියෝග කවරේ ද?
අභියෝග ගැන කතා කරනකොට ඉතින් පැලයක් හදලා එළියේ මාකට් එකට දානකම්ම ක් ඉතින් අවදානමක් තියෙනවා. ඒ වගේම අපේ ලැබ් එක ගැන කතා කරොත් ඒක සම්පූර්ණයෙන් වයුරෝදනය කරපු එකක්. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල වෙනත් දේකට පාවිච්චි කරන්න බෑ. මේ සඳහාම විශේෂණය වූ උපාංග මිලට අරගෙන තිබුණා. ඒ අවධානම අරගෙන තමයි ව්‍යාපාරය සදහා ආරම්භයක් ගත්තේ. ව්‍යවසාහකයෙක් කියන්නේ මන් දකින විදිහට අවධානම සහ අඩමානය කියන දෙකම ගන්න ඕන කෙනෙක්. ලැබ් එක පටන් 2016 වසරේ අවසානයට වගේ, 2017 තමයි අපි මේකෙන් පළමු නිෂ්පාදන වෙළඳපොලට දැම්මේ. අදට සාර්ථකව වසර 8-9k අපි දැන් ක්‍රියාත්මක වෙනවා.
📌 ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා ඔබ භාවිතා කළ උපායන් මොනවාද?
අපි වාර්ෂිකව දින දර්ශනයක් නිකුත් කරනවා. ඊට අමතරව විසිටින් කාඩ්, අත්පත්‍රිකා සහ දැන්වී පත්‍රිකා මුද්‍රණය කරනවා. මාත් එක්ක එකට වැඩ කරන වෙනත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සහය ලැබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරීන්ගේ, අපනයන බෝග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහය මට ලැබෙනවා. ඊට අමතරව ඔවුන් හරහා ඇති ඇතිකරගත්තු අලුත් සම්බන්ධතා වලින් නව පාරිභෝගිකයන් අපිට ලැබෙනවා.
📌පළමු ගනුදෙනුකරුවන් හෝ සේවාලාභීන් ආකර්ෂණය කිරීම සඳහා ඔබ කළේ කුමක්ද?
අපගේ විශිෂ්ට සේවාව තමයි මං හිතන්නේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරන්න අපිට තියෙන හොඳම ක්‍රමය. අපිත් එක්ක ගනුදෙනු කරන පාරිභෝගිකයන්ගේ මාර්ගයෙන් තමයි ගොඩක් වෙලාවට අපිට නව පාරිභෝගිකයන් ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපි මාර්ග දෙපස දැන්වීම් පුවරු භාවිතා කරල තියෙනවා අපගේ ව්‍යාපාරය ප්‍රසිද්ධ කරන්න.
📌කාලයත් සමග ඔබේ කණ්ඩායම කෙසේ වර්ධනය වූයේද ?
ඔව් ඇත්තවශයෙන්ම මම මින් ඉහතදී සඳහන් කල ආකාරයටම මට ආර්ථික අපහසුතා තිබ්බ නිසා තමයි මම මේ ව්‍යාපාරය පටන් ගන්න හිතුවේ..මම 2009 උසස් පෙල අවසන් වීමත් සමගම ගොවිතැන පටන් ගත්තා . කෙසෙල් ඉගුරු හිටවන්න. 2011/2012 කාලයේදී කෘෂිකර්මය සම්බන්ධ ඩිප්ලොමාව හැදෑරුවා.ඊට පස්සේ මල්ලිත් එක්ක එකතුවෙලා මේ පටක රෝපණ රසායනාගාරය (tissue culture lab) පටන් ගත්තා ඒකට හේතුව අපේ කෙසෙල් පැලවලට ඒ කාලයේ තිබුණු ඉල්ලුමට සරිලන සැපයුමක් කරගන්න නොහැකිවීම.මල්ලිත් කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් .. මේ වෙනකොට පවුලේ අය ලොකු සහයෝගයක් ලබා දෙනවා මගේ වැඩ වලට .මම තරමක් කාර්‍යබහුල නිසා.ඊට අමතවම මේ ආයතනයේ කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරීන් ,උපාධිධාරීන් සහ ක සහතිකපත් ලාභීන් සේවය කරනවා.
📌 කණ්ඩායමක් ගොඩනගන විට ඔබ සොයන්නේ කුමන ගුණාංගද ?
ඇත්තටම මම බලන්නේ වගකීමක් ගන්න කැමති ,අවධානමක් ගන්න කැමති ඒ වැඩේට කැප වෙලා හරියටම ඒක ඉටු කරන්න පුලුවන් පිරිසක්.
📌ඔබේ නායකත්ව ගුණාංග මොනවද ?
• අවධානම් ගැනීම
•ලාභය මෙන්ම පාඩුද විද දරාගැනීමට ඇති හැකියාව
•කාල කලමණාකරනය
• සේවකයන් පිළිබඳ ඇති යහපත් ආකල්ප.
📌 ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයින් හෝ ප්‍රජාවට තැබීමට බලාපොරොත්තුවන බලපෑම කුමක්ද ?
ඇත්තටම අපගේ මුලික අරමුණ වෙන්නේ අපගේ පාරිභෝගික ප්‍රජාවට ඉහල ගුණාත්මකභාවයෙන් යුතු නිරෝගී කෙසෙල් පැළයක් ලබා දීම.
මම මේ දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක.මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න .. කෙසෙල් වලට පමණක් සීමා වෙන්නේ නැතුව බීජ නිශ්පාදනය , පොහොර වගේ දේවල් වලින් ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න
📌ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන අයකුට ලබාදෙන උපදෙස්
ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් මුලින්ම තමන්ට කරන්න පුලුවන් දෙයක් තෝරාගැනීම වැදගත්.ඒක තමන්ගෙ capacity එක potential එක සහ skill එක මත තීරණය වෙනවා.ඒක හරියට SWOT analysis එකේ සිද්ද වෙන දේ වගේ.තමන්ගෙ strength එක weaknesses මොනවද තමන්ට ලැබෙන opportunities මොනවද සහ treats ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕනෙ.ඊට අමතරව සමාජෙන් පවුලෙන් එන ගැටලුකාරී තත්ත්වයන්ට බය වෙන්නෙ නැතුව නියම ව්‍යාවසායකයෙක් විදියට කෙලින් හිටගන්න පුලුවන් නම් විතරක් අලුත් business එක්කට අඩිය තියන්න ඕනෙ.එහෙම නැතුව business එක අතරමග නවත්තන්න හිතනවා නම් කවදාවත් අලුත් business එකකට invest කරන්න එපා.ඒකෙන් වෙන්නෙ තමන් දැන් ඉන්න තත්වෙට වඩා පහල තත්වෙකට වැටෙන එක.ඒ නිසා අලුත් business එකක් පටන් ගන්නකොට තියෙන ඒ උත්සහය අධිශ්ඨානය ව්‍යාපාරය සාර්ථක වෙනකන්ම පවත්වාගෙන යන්න පුලුවන් නම් ඔයා අලුත් business එකකට අඩිය තියන්න.
📌ව්‍යාපාරය සදහා ඉදිරියේ ඇති අරමුනු
දැනට අපේ ව්‍යාපාරයේ මූලික අරමුණ වෙන්නෙ නීරෝගී ගුණාත්මක බවින් උසස් කෙසෙල් පැල පාරිභෝගිකයන්ට ලබාදීම.ඉදිරියේදි අපි බලාපොරොත්තු වෙනවා chemicals , fertilizers වගේම seeds සම්බන්ධ නව නිශ්පාදන අපේ පාරිභෝගිකයන් අතරට අරන් යන්න.
📌පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ සේවා
අපෙන් කෙසෙල් පැල මිලදීගෙන cultivation එකක් establish කරනවානම් ඒ ගොවි මහතාට ආරම්භයේ සිට අවසානය දක්වාම තාක්ෂණික පැත්තෙන් වෙන්න ඕනෙ සියලුම සහය අපි ලබාදෙනවා.ඒකෙදි land selection ඉදලා කෙසෙල් කැන harvest කරන අවස්ථාව දක්වාම අවශ්‍ය සහය අපි අනිවාර්යයෙන් නොපැකිළව ලබාදෙනවා.ඊට අමතරව fertilizer application , w**d control methods , pest and disease control methods suckers removal methods සහ crop covering methods ආදී සියලු දේ පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා.පැළ අලෙවියෙන් පසු එන ගැටලුකාරී තත්ව වලටත් අපි හැකි උපරිමයෙන් ගොවි මහතාට සහය වීමට බලාපොරොත්තු වෙනවා.
📌තරඟකාරීත්වය
ලංකාව පුරාවටම මේ ව්‍යාපාරය ආශ්‍රිතව හොද competition එකක් තියෙනවා.ඒ නිසා අපි නිතරම උත්සහ කරන්නෙ අපේ profit margin එක maintain කරනගමන් ඉහළ ගුණාත්මක බවින් යුතු උසස් තත්වයේ කෙසෙල් පැල පාරිභෝගිකයන් වෙත ලබාදෙන්න.
📌ඔබ කෙසෙල් බෝගයම තෝරා ගැනීමට හේතු ?
කෙසෙල් කියන්නෙ ලංකාවෙ පරිභෝජනය හා නිශ්පාදනය අතින් ඉහලින්ම තිබෙන භෝගයක්.ලංකාවෙ ජනගහනයෙන් 60% වඩා ප්‍රමාණයක් කෙසෙල් පරිභෝජනයට ගන්නවා.ඉතිරි 40% ,ප්‍රමාණය අඹ ගස්ලබු අන්නාසි වගේම 1% වගේ සුලු ප්‍රමාණයක් තමයි ඇපල් දොඩම් මිදි වගේ පලතුරු පරිභෝජනය කරන්නෙ.දුප්පත් පොහොසත් භේදයකින් තොරව හැමෝටම පහසුවෙන් මිලදීගන්න පුලුවන් වගේම බොහෝ සංස්කෘතික උත්සවවල නැතුවම බැරි දෙයක් විදියට අපිට කෙසෙල් සලකන්න පුලුවන්.මේ හේතු නිසා තමයි මම මගේ ව්‍යාපාරය කෙසෙල් ආශ්‍රිතව ආරම්භ කරේ.
📌ඔබගෙන් අපේ නවක ව්‍යවසායකයන්ට දෙන පණිවිඩය කුමක්ද?
මං කලින් කිව්වා වගේ ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන්න සහ ඒ ක දියුණුවට අවදානම සහ අඩමානය කියන දෙකම තියෙන්න ඕන. තමන් පිළිබඳ විශ්වාසය සහ උනන්දුව කියන දේවල් දෙකත් ඉතාම වැදගත් කියලා මම හිතනවා.
Success story -3
The best motivation for a person to progress in life can be the lack of money. Today we are going to tell you about such a person who built a successful business from the ground up.
His name is simply Buddhika sri Herath. But his business H.M. Bioplant Holdings is a complex and successful business in Sri Lanka that combines the latest technology related to tissue science.
So let's now look at the starting point and current situation of this business.
📌 What was the seed for your business?
When I got the idea for this, it was around 2010-11. It was like when I finished my AL and was doing a diploma. We didn't have much money at home to spend. I thought I should start a business as soon as I finished my diploma. By now, we were doing farming. We were growing bananas and ginger at the time. So I started my business from the side where I had knowledge.
📌What was the first step you took to start the business?
I first planted 200 banana plants on our land. I used a variety of Kolikuttu produced using tissue culture technology. Then I planted an acre of ginger. Out of 200 banana trees, I harvested 197. I earned a good income from that. In addition, I earned one lakh by selling the plants. People who saw my banana harvest and bought the plants came to my house. That's where I started the banana plant selling business. Over time, it became difficult for us to provide a supply that meets the demand. That's when the idea of setting up a tissue culture laboratory with my younger brother came up. My younger brother is also a diploma holder in agriculture and he also had technical knowledge. That's when our business started to expand.
📌How did you get money for the business in the initial stages?
Talking about money, I had some money accumulated there due to the profit I received from my previous cultivation. In addition, when I got a job as an agricultural instructor, my salary at that time was about forty thousand rupees. In addition, we had a dairy cow, there was milk income from it, and our mother also had paddy fields and some coconut land. We sold them. We also mortgaged my mother's gold jewelry. Somehow, I was able to find the initial capital of about thirty lakhs through those methods.
📌 What were the most difficult challenges you faced in the initial days?
Talking about challenges, even making a plant and putting it in the market outside is a risk. Also, if we talk about our lab, it is completely airtight. That means this building cannot be used for anything else. Specialized equipment was purchased for this purpose. It was by taking that risk that we started the business. An entrepreneur, in my opinion, is someone who takes both risks and chances.We set up our lab in late 2016, and in 2017, we launched our first product. We have been operating successfully for 8-9 years now.
📌 What strategies did you use to grow your business?
We publish an annual calendar. In addition, we print business cards, brochures, and flyers. I get support from other agricultural advisors who work with me. I get support from officials working in the Department of Agriculture, officials from the Department of Export Crops, and university professors. In addition, we get new customers through the new connections we make through them.
📌What did you do to attract your first customers or clients?
I think our excellent service was the best way for us to attract new customers. Most of the time, we got new customers through the customers we deal with. We have also used billboards on both sides of the road to advertise our business.
📌How has your team grown over time?
Yes, actually, as I mentioned earlier, I thought of starting this business because I was having financial difficulties..I started farming after finishing my high school in 2009. Planting bananas and ginger. I studied a diploma in agriculture in 2011/2012. Then I started this tissue culture lab with my brother because our banana plants could not meet the demand at that time. My brother is also a diploma holder in agriculture. My family is very supportive of my work. I am quite busy. In addition, this institute has diploma holders, graduates and certificate holders in agriculture.
📌 What qualities do you look for when building a team?
I am really looking for a group of people who are willing to take responsibility, who are willing to take risks, who are dedicated to the work and can do it exactly.
📌 What are your leadership qualities?
•Risk taking
•Ability to handle both profits and losses
•Time management
• Good attitude towards employees.
📌 What is the impact you hope to have on your customers or community?
Our main goal is to provide our customers with high quality, healthy banana plants.
I am very busy with my studies these days. I hope to expand my business in the future.. Not only limited to bananas, but also to expand my business with things like seed production and fertilizer.
📌 Advice for someone who is preparing to start a business
Before starting a business, it is important to first choose something you can do. It is determined by your capacity, potential and skills. It is like what happens in a SWOT analysis. You should have a basic understanding of your strengths and weaknesses, what opportunities you have and what treats you have. In addition, you should only step into a new business if you can stand tall as a real entrepreneur without being afraid of the problematic situations that come from society and family. Otherwise, if you are thinking of stopping the business halfway, never invest in a new business. That will make you fall into a lower position than your current position. Therefore, if you can maintain that effort and determination when starting a new business until the business is successful, then you should step into a new business.
📌Future goals for the business
Currently, the main goal of our business is to provide high-quality, healthy banana plants to our customers. In the future, we hope to introduce new products related to chemicals, fertilizers and seeds to our customers.
📌Special services provided to customers
If you purchase banana plants from us and establish a cultivation, we will provide all the technical support to the farmer from the beginning to the end. In that, we will definitely provide the necessary support from land selection to the time of harvesting the banana crop. In addition, we will educate them about fertilizer application, w**d control methods, pest and disease control methods, suckers removal methods and crop covering methods. We also hope to assist the farmer to the best of our ability in the problematic situations that arise after the sale of the plants.
📌Competition
There is good competition in this business throughout Sri Lanka. Therefore, we always try to maintain our profit margin while providing high-quality banana plants to our customers.
📌Reasons for choosing banana crops?
Banana is one of the most consumed and produced crops in Sri Lanka. More than 60% of the population of Sri Lanka consumes bananas. The remaining 40%, mangoes, bananas, pineapples, and a small percentage of 1% consume fruits like apples, oranges, and grapes. Bananas can be easily purchased by everyone, regardless of the rich or poor, and we can consider them an indispensable item in many cultural festivals. For these reasons, I started my business related to bananas.
📌What is your final message to our new entrepreneurs?
As I said before, starting and growing any business requires both risk and chance. I think self-belief and dedication are two very important things for any business venture.
✒️Composed by:
Thashika Navodi
Sasindi Anuththara
Sahan Ravindu
Faculty of Agriculture,
University of Peradeniya.