Wayamba FAS 19

Wayamba FAS 19 The official page of 19th batch of the Faculty of Applied Sciences of the
Wayamba University

27/03/2026

කොයි අතක ඉගිලුනත් ජීවිත...
තාම ඇත්තට අපි අපේ
ඔබෙන් ලෝකය ගැන අසන්නට
අදත් සමහර මල් පිපේ...! ✨

©️ Kesh D Herath

Roses are red, violets are blue. It's another year. what else is new?Happy New Year 🤩
01/01/2026

Roses are red, violets are blue. It's another year. what else is new?
Happy New Year 🤩

01/10/2025

ධර්ම දානය උතුම්ම දානයයි.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 26 වන සංවත්සරයට සමගාමීව ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන,

සුමදුර ධර්ම දේශනය

• 2025 ඔක්තෝම්බර් මස 01 වන දින
• සවස 03.00 ට
• ව්‍යවහාරික විද්‍යා පීඨ නව ගොඩනැගිල්ල පරිශ්‍රයේදී පැවැත්වේ.

දේශකයාණෝ : නැවකඩ සෙල්ගිරි විහාරාධිපති පූජ්‍යපාද පණ්ඩිත් ආනන්කුලමේ ප්‍රේමසිරි හිමි

මෙත්සිත් පෙරදැරිව ඔබ සැමට ආරාධනා…

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

01/10/2025

Celebrating 26 Years of Excellence - Wayamba University of Sri Lanka 💫

On this special day - October 1st, we proudly commemorate 26 remarkable years of academic achievement, innovation, and unwavering dedication to shaping bright futures. Since its founding, Wayamba University of Sri Lanka has stood as a beacon of knowledge, nurturing generations of thinkers, leaders, and change-makers while making a lasting impact on society.

As we celebrate this milestone, we honor the collective efforts of our passionate students, dedicated faculty, and supportive alumni who have made this journey truly extraordinary. Together, let us continue to build on this strong legacy, embrace new opportunities, and inspire the next generation to dream bigger and reach higher.

Here’s to 26 years of transforming lives and many more successful years ahead!

~ Students’ Union of Faculty of Applied Sciences - Wayamba University of Sri Lanka ~

02/09/2025

We are the graduates. And this is our story.

We’ve made it.
We’ve crossed the finish line, carrying grace, grit, and the unstoppable force of free education.

This isn’t just a personal victory. It’s a national celebration.
Because every degree earned here is living proof that Sri Lanka’s promise still stands strong.
That no dream is too big. And no child is too small to rise.

🕊️ Education is wings.
Where can a son fly, if he has wings of his own?

We flew.
Through sleepless nights, endless lectures, and moments of doubt. And today, we soar.

But this moment isn’t just about looking back. It’s about looking forward.

Because now, we carry the torch. We are the builders of tomorrow.
The voices of change. The heartbeat of a nation ready to rise.

Free education is not just a system. It’s a legacy. A gift. A responsibility.

Let’s not wait until it’s threatened to realize its value.
Let’s honor it. Defend it. Pass it on.

🎓 Congratulations to all graduates of the 20th General Convocation of Wayamba University of Sri Lanka.

Your hard work has paid off—and your journey has just begun.

And here is our message to you all,
• Be proud — but stay humble.
• Be wise — but stay curious.
• Be strong — but stay kind.
• And above all — protect what lifted you.

Wayamba FAS 19 We would like to Thank You, as the Graduates of Wayamba University of Sri Lanka

To the Faculty of Applied Sciences -Wayamba University Of Sri Lanka,
To the Wayamba University Of Sri Lanka
To every academic and non-academic staff member,
To the Government of Sri Lanka,
To the champions of our free education system,
To our parents, our fellow students, and every soul who believed in this journey.

Thank you.

You didn’t just support us, you made this responsibility real.
You turned possibility into progress.
You gave us the tools, the guidance, and the courage to rise.

This moment belongs to all of you.
Because respect like this isn’t given—it’s earned. And today, we salute you.

🎓 Hats off to every hand that lifted us.
This victory is shared. This legacy is sacred.
Let’s protect it, honor it, and pass it forward.



ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 19 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තරිඳු ලසන්ත (බෙන්නා) සහෝදරයාගේ...
30/07/2025

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 19 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තරිඳු ලසන්ත (බෙන්නා) සහෝදරයාගේ පියාගේ හදිසි වියෝව පිළිබඳව ව්‍යවහාරික විද්‍යා පීඨයේ 19 වන ශිෂ්‍ය කණ්ඩායමේ සාතිශය සංවේගය ..! 🏳️

~ 19 වන ශිෂ්‍ය කණ්ඩායම - ව්‍යවහාරික විද්‍යා පීඨය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

16/07/2025

"තලමල පිපිලා"
ජයලත් මනෝරත්නයන්ගේ ශාස්ත්‍රීය නාට්‍ය කලාකෘතියක්,
මානව හැඟීම්වල ගැඹුරු විමසුමක්, සම්ප්‍රදාය හා නවීනත්වය මුණ ගැසෙන මනෝමායාත්මක වේදිකාවක්...

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන "තලමල පිපිලා" වේදිකා නාට්‍ය දිගහැරුම,

2025 ජූලි මස 18 වන සිකුරාදා
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේදී
ප.ව. 6.30 සිට වේදිකා ගත වේ.

- ප්‍රවේශ පත්‍ර : සංජීව පොත්හල - කුලියාපිටිය, ලකී මොබයිල් - කුලියාපිටිය සහ එදින දොරටුවෙන් වෙන් කරවාගත හැක.
- ප්‍රවේශ පත්‍ර මිල ගණන් : 400/= (විශ්වවිද්‍යාල සිසුන් සඳහා), 800/=, 1000/=, 1500/=, 2000/=
- විමසීම් : ටිෂාන් (076 868 0117), සඳුන් (076 362 0118)

සත්‍යය, කලාව සහ මතකය අතර නිහතමානී සංවාදයකට එක් වන මෙන් ඔබ සැමට ආරාධනා....

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

කොළඹ යන එන අය දැනගත යුතු විස්තරයක්...ගිය බ්‍රහස්පතින්දා මගෙ කැම්පස් බෑග් එක කොළඹ දි බස් එකේදි හොරකම් කලා. Tab එක, කැම්පස...
30/06/2025

කොළඹ යන එන අය දැනගත යුතු විස්තරයක්...
ගිය බ්‍රහස්පතින්දා මගෙ කැම්පස් බෑග් එක කොළඹ දි බස් එකේදි හොරකම් කලා. Tab එක, කැම්පස් බඩු ටික, ඇඳුම්... තව දේවල් එක්ක...
වෙලාව හවස 6.45ට විතර, තැන පරණ කැලණි පාලම...
කුලියාපිටියෙන් ඇවිල්ල කොළඹ ඉඟුරුකඩේ හන්දියෙන් කඩවත කොටුව බස් එකට නැග්ගා. බස් එකේ සෙනඟ නිසා බෑග් එක බස් ඩ්‍රයිවර් ගෙ එහා පැත්තෙ එන්ජින් උඩ තියලා, බෑග් එක ළඟ එතනම ඉද්දි හරියටම පළවෙනිම හෝල්ට් එකෙන් ශීට් එකක් හම්බවෙලා ඉදගෙන බෑග් එක අතට ගන්න බලන ටිකට බෑග් එක අරන්... දැක්ක අය කිව්ව විදියට, බෑග් එක අරන් පාලම යටට දුවලා තියෙනවා.
වුණ පාඩුව, වෙච්ච දේ කොහොම වුණත්...
ඔබ විසින් දැනගත යුතු කතාව මේකයි...
මේ සිද්ධිය වුණ කැලණි පාලම අවට අයිති වෙන්නෙ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට. තොරතුරු දැනගත්ත විදිහට හවස 4.30 - 7.30 office time එක target කරලා කොළඹ බස්වලට නගින මේ වැඩේටම පුරුදු වුණ set එකක් ඉන්නවලු. බස්වල conductor ලා driver ලා පවා නගිද්දිම දන්නවලු මේ අය ගැන... ඒත් කරන්න දෙයක් නැහැලු, සමහරු කියනවා එයාලගෙ සහය ඇතුවත් සමහර ඒවා වෙනවා කියලා...
කොහොම හරි, මේ දේ කරන්නෙ ඒ පැතිවල ඉන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවැණු set එකක්, කෙලින් කිව්වොත් කුඩ්ඩො...
දවස ඇතුලත කුඩු ගහන්න ඕන සල්ලි හොයාගන්න මේක කරන්නෙ, ඒත් අනිත් කතාව වෙන එකක්...
මෙහෙම උස්සන බෑග්, බෑග්වල තියන devices හරියටම පැය භාගයක් ඇතුළත ඒ වචනෙන්ම කිව්වොත් මස් කරනවා.
බෑග් එක උස්සලා දුවන්නෙ පාලම යට තියන පොඩි පොඩි ගෙවල් අස්සට... Location track කලත් එක ළග තියෙන ගෙවල් 20 ක් පෙන්නද්දි අන්තිමට පොලිසිය වුණත් එතනදී හිරවෙනවා ලු... අනික ඒ පැතිවල සමහර මිනිස්සු ලෑස්තිත් නෑ උස්සන් ආපු එකා අල්ලලා දෙන්න...
උස්සන දේවල් කොච්චර වටින දේවල් වුණත්, මේවා විකිණෙන්නෙ 2000, 3000, 5000 වගෙ ගණන්වලට... කුඩු ගහන්න කීයකට හරි විකුණන ගන්න විතරයි බලන්නෙ...
පැය භාගයක් ඇතුළත මෙහෙම විකිණෙන බඩු, හොරකම වෙලා විකිණෙන පරක්කුවට parts disassemble කරනවා. පස්සෙ ඒ parts එක එක phone repair කරන තැන්වල විකිණෙනවා. අනිත් බඩු ගැන කතා කරන එක තේරුමක් නැති තරම්...
මෙහෙම විකිණෙන ඒවා තමයි ඔබ ගොඩක් වෙලාවට අඩුවට කොළඹ පොඩි පොඩි තැන්වලින් මිලදීගන්නෙත්...
මම ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පැමිණිල්ල දාන ඒ ටිකට එදා රෑ, අයිස් වගේ එක එක මත්ද්‍රව්‍ය වලට අහුවුණ තරුණ කොල්ලො 3ක්, 4ක් ඇතුලට දාන්න ඇති...
සතියට දවසට කොළඹ මේ time එක, ඒ කියන්නෙ 4.30pm to 7.30, 8 වගේ office වෙලාව අල්ලලා පොඩි හරි ලොකු හරි සංවිධානාත්මක වැඩක් මෙතන යනවා...
ඔබ වරදට පෙලඹුණ මිනිහෙක් යහමඟට ගන්න තරම් කාරුණික හිතක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්... හැබැයි වරද කරන කෙනාට ඒක අදාල නොවෙන්න පුළුවන්... තමන්ගෙ පරිස්සම තමන් සලසගන්න බලන්න...
කොළඹ යද්දි මේ කතාව දැනගෙන යන්න...
Stay safe 🙌
උපුටාගැනීම : Isuru Ekanayaka

20/06/2025

පරිපාලකයිනි,

නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සුරකිනු !
ප්‍රමාද කළ උපාධි ප්‍රධානෝත්සවය වහා පවත්වනු !

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

20/06/2025

පාලකයිනි,

ප්‍රමාද කළ 20 වන උපාධි ප්‍රධානෝත්සවය වහා පවත්වනු!

දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගය
ජූනි 20 විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී...

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba FAS 19 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share