Faculty of Applied Sciences -Wayamba University Of Sri Lanka

Faculty of Applied Sciences -Wayamba University Of Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Faculty of Applied Sciences -Wayamba University Of Sri Lanka, College & University, Lioanal Jayathilaka Mawatha, Kuliyapitiya.

The Faculty of Applied Sciences was established with effect from 1 October 1999 by the Government Notification in the Extraordinary Gazette No.1093/8 of Tuesday,17 August 1999.The faculty is in Kuliyapitiya and was assigned with four Departments of study.

ලඟ එන ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්, ඒ අය වෙනුවෙන්ම වෙන්වුන දවසෙ, තමන්ගෙ ආදරණීයයන්ගෙන් ඈත් වෙලා, ආදරණීයයන් ...
29/09/2021

ලඟ එන ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්, ඒ අය වෙනුවෙන්ම වෙන්වුන දවසෙ, තමන්ගෙ ආදරණීයයන්ගෙන් ඈත් වෙලා, ආදරණීයයන් අහිමි වෙලා ඉන්න අපේම පුංචි සහෝදර,සහොදරියන්, ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් අදියර කීපයක් යටතේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ඔවුන්ගේ මුවඟට සිනාවක් දෙන්න අපි තීරණය කරා...
වසංගත තත්වයත් එක්ක ඔවුන් එක්කම සතුටු වෙන්න බැරි උනත්, සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් ඉන්න තැනටම කෑම වේලක් එක්ක තෑගිත් ලබාදෙන්න අපි කටයුතු සුදානම් කලා...

ඔබත්, මේ වැඩසටහන එක්ක එකතු වෙන්න කැමති නම්, පහත ගිණුම් අංකයට ඔබේ නොමසුරු දායකත්වය දක්වන්න...

ගිණුම් අංක:- 80510129
(P.K. සුරංජන් ද සිල්වා , ලංකා බැංකුව, රත්ගම ශාඛාව)

ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

13/05/2021

👉👉වයඹ Applied Sciences ? 🤷‍♂️🤷‍♂️

අපි හිතුවා Wayamba University එකේ තියන Applied sciences degree එක ගැන පොඩි හදුන්වාදීමක් කරන්න.

👉👉මොන stream එකේ අයටද apply කරන්න පුලුවන් ??

A/L , math කරපු අයට apply කරන්න පුලුවන් course එකක් මේක.
Math + physics එක්ක
IT කරපු කෙනෙක්ට උනත් apply කරන්න පුලුවන්

👉👉Applied sciences කියන්නෙ මොනවගේ අන්තර්ගතයක් තියන පාඨමාලාවක් ද?

අපේ degree එක ඇතුළත ප්‍රධාන විෂය පථ 4ක් අන්තර්ගත වෙලා තියනවා.
එම විෂය පථ 4 පහත පරිදි වේ,

1.MATH & STAT

2.CMIS ---> Computing & Information Systems

3.ELTN ---> Electronics

4.IMGT ---> Industrial Management

මෙම විෂය පථ හතර ආශ්‍රයෙන් විෂය සංයෝජන 3ක් සකස් කරලා තියනවා.

👉👉විෂය සංයෝජන කියන්නේ මොනවද🤷‍♂️ ?

විෂය සංයෝජන කියලා ඇත්තටම අදහස් කරන්නේ ප්‍රධාන පාරවල් තුනක් ගැන.

අලුතින් ඇතුල්වෙන කෙනෙක් මේ පාරවල් තුනෙන් තනි පාරක් තෝරගන්න ඔනේ Degree එක ඉදිරියට කරන් යන්න.

එම සංයෝජන තුන පහත සදහන් පරිදි වේ.

COMBINATION 01

1. CMIS
2. ELTN
3. MATH & STAT

COMBINATION 02

1. ELTN
2. IMGT
3. MATH & STAT
&
DIPLOMA/ADVANCED CERTIFICATE IN INFORMATION TECHNOLOGY

(Combination 2 හදාරණ පිරිසට Basic computer knowledge එකක් දෙන්න ICT center එකෙන් කරන diploma එකක්.)

COMBINATION 03

1. CMIS
2. IMGT
3. MATH & STAT

CMIS ---> Computing & Information Systems

ELTN ---> Electronics

IMGT ---> Industrial Management

👉👉කොහොමද මේ combination තෝරන්නේ?

තමන්ගේ කැමැත්ත මත මෙම විෂය සංයෝජන තෝරාගැනීම සිදුවෙයි.
(Z අගය සංයෝජන සදහා බලපෑමක් එල්ල කරනුයේ විෂය සංයෝජනයක උපරිම ධාරිතාව ඉක්මවා ගිය අවස්ථාවලදී පමණි)

👉👉Combination එකක් තෝරගත්තට පස්සේ මොකද වෙන්නෙ ?🤷‍♂️🤔

තෝරා ගත් විෂය සංයෝජනයට අදාළ විෂයන් පළමු වසර දෙක තුළ ඉගැන්වේ.
(පළමු සමාසික 4)

👉👉Applied sciences කියන්නේ අවුරුදු තුනක උපාධි පාඨමාලාවක් ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙකක් තියනවා

1. ඔව්.
2. නෑ

මෙම පිළිතුරු දෙකම නිවරදී.

තවදුරටත් විස්තර කරනවා නම්,
ගොඩක් අය දන්න physical sciences degree වගේම තමයි. 4th year එකක් කරනවද නැද්ද යන්න තීරණය වෙන්නේ තමන්ගේ කැමැත්ත මත සහ පළමු සමාසික 4 ප්‍රතිඵල මත.

👉👉අවුරුදු 4 ක උපාධියක් ගන්න ලැබෙන්නේ ටික දෙනාටයි නේද?

කොහෙත්ම නෑ.

වයඹ Applied sciences degree එකේ තියන විශේෂම දේවල් වලින් එකක් තමයි,
ශිෂ්‍ය කණ්ඩායමකින්(batch) 2/3 ට වැඩි ශිෂ්‍ය පිරිසක් අවුරුදු 4ක උපාධි පාඨමාලාවකට සුදුසුකම් ලබනවා.


👉👉සිව් අවුරුදු උපාධි පාඨමාලාව ගැන පොඩි විස්තරයක් දැනගන්න පුලුවන් ද?

සිව් අවුරුදු උපාධි පාඨමාලාව ප්‍රධාන උපාධි දෙකකින් සමන්විතයි.
1. B.Sc(Special )
2. B.Sc (joint Major)

සරලවම කියනවා නම් Special degree එකකදි අපි ඉගෙන ගන්නේ එක විෂය පථයක් විතරයි.
Joint Major degree එකකදි අපි විශය පථ දෙකක් හදාරනවා.

👉👉අපි තෝරාගන්න combination, second year එකෙන් පස්සේ අපිට බලපාන්නේ කොහොමද?

කලින් කිව්වා වගේ දෙවන වසර අවසානයේදී(සිව්වන සමාසිකයේ අවසානයේ) අපේ උපාධියේ ඉදිරි වසර හෝ දෙක ගැන අපි තීරණය කරන්න ඔනේ. ඉදිරියට කරන සියලුම විෂය පථ තීරණය වනුයේ අප විසින් ආරම්භයේ දී තෝරාගත් විෂය සංයෝජනය මතය.


👉👉B.Sc(Special) degree එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට specialize වෙන්න පුලුවන් මොනවගෙ subject වලින්ද?

උදාහරණයක් ආශ්‍රයෙන් මෙයට පිළිතුරක් සැපයීම වඩා ප්‍රායෝගිකයි.

අපි උදාහරණයක් විදියට ගමු පළමු විෂය
සංයෝජනය තෝරගත්ත කෙනෙක්
(Combination 1 - CMIS,MATH & STAT,ELTN) අරන් බලමු එයාට මොනවගේ විෂය පථ වලින් specialise වෙන්න පුලුවන්ද කියලා,

1. B.Sc. (Special) Degree in Applied Electronics

2. B.Sc. (Special) Degree in Mathematics with Statistics

3. B.Sc. (Special) Degree in Computer Science

මේ විදියට අනිත් විශය සංයෝජන දෙකටත් specialize වෙන field තෝරගන්න පුලුවන්.

Special degree එකේ තියන වැදගත්ම දේ තමයි අවසන් වසරෙදි research එකක් කරන්න තියනවා.


👉👉Joint Major degree එකක් කියන්න මොකද්ද? 🤔🤔

Joint Major කියන නමේ තේරුම විදියටමයි program එක යන්නේ.
අපිට මෙතනදි පුලුවන් විශය පථ දෙකක් තෝරගන්න.
Major 1 සහ Major 2 ලෙස.
Major 1 ලෙස තෝරා ගන්නා විෂය පථය සදහා Major 2 විෂය පථයට සාපේක්ෂව වැඩි credit ගණනක් තියනවා.

සරලවම කියනවා නම් Joint Major degree එකක් කරන කෙනෙක් වැඩිපුරම ඉගෙන ගෙන තියෙන්නෙ Major 1 ලෙස තෝරාගන්නා විෂය පථය ගැන.

උදාහරණයක් ලෙස combination 1
(CMIS,MATH & STAT,ELTN ) තෝරාගත් කෙනෙකුට පහත විෂය කාණ්ඩ වලින් එකක් තෝරාගන්න පුලුවන්.

1. CMIS & ELTN
2. CMIS & MMST
3. ELTN & MMST

(MMST - Mathematical Modelling, Statistics)

(Major 1 සහ Major 2 සදහා තෝරාගන්නා විෂය පථ අපේ කැමැත්ත මත තීරණය වෙනවා)

Joint Major degree එකේ තියන තව විශේෂම දෙයක් තමයි
Projects දෙකක් කරන්න තියනවා වගේම මාස 6ක industrial training එකක් complete කරන්න තියනවා.

👉👉General degree එක කියන්නේ මොකද්ද? 🤔🤔

මෙය වසර තුනක උපාධි පාඨමාලාවක්.

තෙවන වසරේදී විෂය පථ තුනක් හැදෑරීමට සිදුවේ.

combination 1 කෙනෙක්ට පහත විෂය කාණ්ඩ තුනෙන් එකක් තෝරගන්න පුලුවන්.

1. MATH + CMIS + ELTN
2. STAT + CMIS + ELTN
3. MATH + STAT + CMIS

අලුතින් අපේ පීඨයට ඇතුලත් වෙන්න කැමැත්තෙන් ඉන්න නංගිලා මල්ලිලාට මෙම පැහැදිලි කිරීමෙන් යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේයැයි අපි සිතමු.

වැඩිදුර විස්තර දැනගැනීම සදහා අපගේ facebook පිටුව හරහා අප හා සම්බන්ධ වන්න.

03/11/2019

@
Are you ready for the biggest and the most entertiannment event of the Wayamba University? Wayamba Ahasa Yata 2019 will be held on 24th November at Pandith Amaradewa Auditorium

31/10/2019

Limited number of seats only!
Reserve your ticket soon...

31/10/2019
31/10/2019

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවනු වස් ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්තීන්ගේ තවත් එක් වෑයමක් පසුගිය ඔක්තෝබර් 25 වනදා මීගලෑව මහවැලි ජාතික විද්‍යාලයේදී පැවැත්විණි.වයඹ අහස යට සමාජ සත්කාර අරමුදල යටතේ පවත්වන මෙම සමාජීය මෙහෙවර මඟින් අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවක් දිවයින පුරා පවත්වන අතර එමඟින් පාසල් සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි.ණිත දැනුම වර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි.

31/10/2019

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවනු වස් ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්තීන්ගේ තවත් එක් වෑයමක් පසුගිය ඔක්තෝබර් 25 වනදා කුරුණෑගල S.W.R.D බණ්ඩාරණයක විද්‍යාලයේදී පැවැත්විණි.වයඹ අහස යට සමාජ සත්කාර අරමුදල යටතේ පවත්වන මෙම සමාජීය මෙහෙවර මඟින් අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය සම්මන්ත්‍රණ මාලාවක් දිවයින පුරා පවත්වන අතර එමඟින් පාසල් සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි.ණිත දැනුම වර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි.
Photographed by Roshan Laksh*tha.
Retouched by Roshan Laksh*tha.
Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WAYOSCOPE PRODUCTIONS 2019

31/10/2019

දුක් කම්කටොලු පසෙකලා, සිප් සතරෙන් එතෙර වී ජීවිතය ජය ගන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට අත්වැලක් වන්නට,"වයඹ අහස යට" සමාජ සත්කාරයේ තවත් එක් පියවරක් පසුගියදා දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ ZEST - අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ, වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය වැඩමුළුව 2019.10.18 වන දින කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී පැවැත්විණි. Photographed by Ivantha Kasun. Retouched by Ivantha Kasun. Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WAYOSCOPE PRODUCTIONS 2019

31/10/2019

දුක් කම්කටොලු පසෙකලා, සිප් සතරෙන් එතෙර වී ජීවිතය ජය ගන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට අත්වැලක් වන්නට,"වයඹ අහස යට" සමාජ සත්කාරයේ තවත් එක් පියවරක් පසුගියදා දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ ZEST - අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ, වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය වැඩමුළුව 2019.10.18 වන දින කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයේදී පැවැත්විණි. Photographed by Ivantha Kasun. Retouched by Ivantha Kasun. Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WAYOSCOPE PRODUCTIONS 2019

31/10/2019

දුක් කම්කටොලු පසෙකලා, සිප් සතරෙන් එතෙර වී ජීවිතය ජය ගන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට
අත්වැලක් වන්නට,"වයඹ අහස යට" සමාජ සත්කාරයේ තවත් එක් පියවරක් පසුගියදා දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ ZEST - අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ, වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය වැඩමුළුව 2019.10.18 වන දින ඉලුක්හේන ගුණානන්ද මහාවිද්‍යාලයේදී පැවැත්විණි.
Photographed by Ivantha Kasun.
Retouched by Ivantha Kasun.
Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WAYOSCOPE PRODUCTIONS 2019

31/10/2019

දුක් කම්කටොලු පසෙකලා, සිප් සතරෙන් එතෙර වී ජීවිතය ජය ගන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට
අත්වැලක් වන්නට,"වයඹ අහස යට" සමාජ සත්කාරයේ තවත් එක් පියවරක් පසුගියදා දියකලමුල්ල ශ්‍රීපති මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ ZEST - අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ, වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය වැඩමුළුව 2019.10.18 වන දින පූගල්ල මහා විද්‍යාලයේදී පැවැත්විණි.
Photographed by Ivantha Kasun.
Retouched by Ivantha Kasun.
Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WAYOSCOPE PRODUCTIONS 2019

31/10/2019

දුක් කම්කටොලු පසෙකලා, සිප් සතරෙන් එතෙර වී ජීවිතය ජය ගන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට
අත්වැලක් වන්නට,"වයඹ අහස යට" සමාජ සත්කාරයේ තවත් එක් පියවරක් පසුගියදා කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ zඑස්ට් - අපි අපේ දැනුම බෙදා ගනිමු වැඩසටහන යටතේ, වයඹ අහස යට සමාජ සත්කාරයට සමගාමීව සංවිධානය කරනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය වැඩමුළුව 2019.10.02 වන දින පූගල්ල මහා විද්‍යාලයේදී පැවැත්විණි.

Address

Lioanal Jayathilaka Mawatha
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when Faculty of Applied Sciences -Wayamba University Of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Faculty of Applied Sciences -Wayamba University Of Sri Lanka:

Share