03/04/2018
අලුත් ජපන් ජීවිතය සාර්ථක කර ගන්න අත්වැලක්!
ස්ටුඩන්ට් එන අයට පොඩි කාරණයක් කියන්න කැමැතියි. අලුතෙන් ජපානයට එද්දී සැහෙන්න බලාපොරොත්තු, අධිෂ්ඨාන හිතේ ඇති. ඒ අධිෂ්ඨාන ගොන්නට එකක් විදිහට එකතු කරන්න කැමැති මේක!
" පාසලේ පැමිණීම 100% ක්ම තියා ගන්නවා!- හැමදාම ඉස්කොලේ යනව!! හැමදාම නියමිත වෙලාවට ඉස්කොලේ ගිහින් අවුරුද්දු දෙක පුරාවටම පැමීණීම 100% ක්ම තියා ගන්නවා කියලා හිතට අර ගන්න!!!"
බැලු බැල්මට කරන්න අමාරුයි වාගේ පෙනුනාට මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි, 100% තියා ගෙන ඉන්න සහ හිටපු ලංකාවේ ස්ටුඩන්ට්ලාව මම ඕනෑ තරම් දැකලා තියෙනවා.අමාරුයි වාගේ පෙනුනාට ඉස්කොල තියෙන මාසෙක සාම්න්යයෙන් ඉස්කොලේ යන්න ඔනේ දවස් 20 ට අඩු ගාණක්! ඒ කෙනුත් දවසකට ඉස්කොලේ පංති පවත්වන්නෙ පැය 4 ක්!! මාස 3,4 සැරයක් දිර්ඝ නිවාඩුවකුත් තියෙනවා.මේ කාරණා ටික එක්ක බැලුවාම අවුරුද්දකට ඉස්කොලේ යන්න තියෙන්නෙ බොහෝම සීමිත කාලයක් විතරයි! එක නිසා 100% තියා ගන්න එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි!!!
පැමිණීම 100% තියා ගන්න එකෙන් ප්‍රධාන වාසි 3 ලැබෙනවා!
***ලැංවේජ් ස්කුල් ශිෂ්‍යත්ව ලබා දෙද්දී ප්‍රමුකව සලකා බලන කරුණක් පැමිණීම, පැමිණීම 100% තියා ගැනීම ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට වැඩි ඉඩක් සලසනවා.
***100% තියා ගත්තම,වීසා අලුත් කරද්දී, දිර්ඝ කර ගන්න ගියාම ඉමිග්‍රේශන් බියුරෝවට ස්ටුඩන්ට් ඇත්තටම ඉගෙන ගන්න ආපු ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද නැද්ද කියලා හොයන්න පොළඹවන අවස්ථාව අඩු කරනවා!
මේතැනදී මේ කාරණයත් අවධාරණය කරලා කියන්න ඕනේ. ඉමිග්‍රේශන් 80% අඩුනම් වීසා අලුත් නොකරන ඉඩ වැඩියි. 2015 ආපු මේ අවුරුද්දෙ ලැංවේජ් ඉවර කරපු 10,15 වැඩිය පහුගිය දවස් ටිකේ මාත් එක්ක කතා කලා 80% නැතිව ඉස්කොලෙන් කොස් එක අවසන් කරපු සහතිකයේ ගන්න බැරිව ආපහු ලංකාවට යන්න සිද්ධ වෙලා කර කියා ගන්න දෙයක් නැතිව!!!
මාසේකට ඉස්කොලේ තියෙන්නෙ සීමිත දින ගණක්, කීප දිනක් ගිය නැති වුනාම පැමීණීම කඩන් වැටෙන්නෙ මාර බරපතල ආකරයෙන්!!
අන්න ඒක නිසාත් 100% තියා ගෙන ඉන්න එක මාර වැදගත්... හදිස්සියෙ මොකක් හරි හින්දා ඉස්කොලේ යන්න බැරි වුන අවස්ථාවක් ආවත් 100% තියන් හිටියොත් පැමිණීම 80% උඩින් කොහෙම හරි ගැට ගහ ගන්න පුළුවන් වෙනවා!!
*** කවදා හරි ෆුල් ටයිම් ජොබ් හන්ටින් කරද්දී, කම්පැනි වල ඉන්ටර්විව් වලට ගිහින් තමන් උත්සාහයෙන් මුහුණ දෙන චරිතයක් කියලා ඇස් වහන් ඔප්පු කරවලා පෙන්නන මේ ඉස්කොලේ අඛණ්ඩව ගිහින් 100% තියා ගත්ත එක පාදක කරන්න පුළුවන්!! මේ කාරණය අද තේරෙන එකක් නෑ!!! කවදා හරි ජොබ් හන්ටින් කරද්දී තේරෙයි!! ආ.......මේ දවස් වල ජොබ් හන්ටින් කරන තමන් ගැන ජීකෝPR එකක් නැතිව ලත වෙන අයට නම් මේකෙ වැදගත්කම තෙරෙනවා!