Aurora Computer Studies

Aurora Computer Studies The # 1 in quality & excellence for academic and professional ICT education in Sri Lanka. Together we have already set new standards for others to follow....

Aurora is a innovative and energetic education institute, aiming to be the # 1 in quality and professional ICT education. We provide the students with friendly and effective environment studying environment to build their professional and academic aspirations. We believe that the quality of the education determines the quality of the character. The experienced, dedicated and result oriented lecture panel is our greatest asset.

Total Quality කියන්නේ මොකක්ද?යම් ආයතනයක ගුණාත්මය ගොඩ නගන්න භාවිතා කරන නූතන සංකල්පයක් තමයි total quality කියන්නේ. මේක සරල...
06/05/2026

Total Quality කියන්නේ මොකක්ද?
යම් ආයතනයක ගුණාත්මය ගොඩ නගන්න භාවිතා කරන නූතන සංකල්පයක් තමයි total quality කියන්නේ.
මේක සරලව කිව්වොත් ආයතනයක output එකක් විතරක් ගුණාත්මක බව ඉහල නංවන එක වෙනුවට සමස්ත ගුණාත්මය ගොඩ නංවන එක ගැන අවධානය යොමු කරන එක.
උදාහරණයක් විදියට යම් වුර්තිකයෙක්ගේ රැකියාවෙන් ගුණාත්මක ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවනම් එයට ඒ ගැන නිරන්තර මතක් කරනවා වෙනුවට සමස්ත ආයතනයක් විදියට ගුණාත්මය වැඩි දියුණු කරනවා.
එක කරන්නේ මෙහෙමයි....
ආයතනයට බදවගන්න හැම කෙනෙක්ගෙම සමස්ත ගුණාත්මය ගැන සලකනවා.
ඔවුන්ට ගුණාත්මක ආයතන පරිසරයක් ගොඩනගනවා...
ඔවුන්ට අවශ්‍ය පහසුකම් මූලද්‍රව්‍ය වගේ දේවල් උපරිම ගුණාත්මයෙන් සපයනවා...
කොටින්ම ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ ගුණාත්මය ගැන පවා හිතල මතලා තමයි තීරණ ගන්නේ...
එහෙම පරිසරයක් තුල අනායාසයෙන් ම ගුණාත්මක ප්‍රතිඵල ලැබෙන බව තමයි total quality කියන සංකල්පයේ හරය. මේ වගේ පරිසරයක් ඇති නොකර ගුණාත්මය වැරදි මිනිසුන් සහ වැරදි පරිසර තත්ත්ව යටතේ බලෙන් තලා පෙලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මේක පුද්ගලයෙක්ට සාපේක්ෂව ගත්තොත්, තමන් කරන යම් තෝරගත්ත දේවල් වල ගුණාත්මය ගැන විතරක් හිතන්නේ නැතිව කරන හැම දෙයකම සමස්ත ගුණාත්මය ගැන හිතන්න....
""Quality is not an act, it is a habit" - Aristotle

ගුණාත්මය (quality) ගැන යථාර්ථවාදී ව හිතමුද? - part 1ගොඩක් අය හිතන්නේ quality කියන්නේ පට්ට, මාර, එළකිරි... කියල? හැබැයි ඔ...
29/04/2026

ගුණාත්මය (quality) ගැන යථාර්ථවාදී ව හිතමුද? - part 1

ගොඩක් අය හිතන්නේ quality කියන්නේ පට්ට, මාර, එළකිරි... කියල? හැබැයි ඔය කිසිම වචනයක මෙලෝ තේරුමක් නැහැනේ ද? ඔය අතර සමහරු ගණන් දේ තමයි quality කියලත් ඇන්ඳෙනවා... Quality කියන වචනය ගැන ඔය වගේ සිල්ලර හැගීම් තියෙන එක වැරදියි...

නූතන ලෝකයේ quality කියන එක අර්ථ දක්වන්නේ "පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සැපිරීම (fitness for the purpose / Satisfy the customer) " කියල. මේ අර්ථ දැක්වීමෙන් ම quality කියන්නේ අතිශය සාපේක්ෂ තේරුමක් කියල පේනවනේ? ඔයාට වඩාත් quality දේ මට සාපේක්ෂව අඩු quality වෙන්න පුළුවන්. අපි මේක යථාර්තයක් විදියට පිළිගන්න ඕන.

උදාහරණයක් විදියට මම ඉතාම රසවත් ගුණවත් කියල හිතන ආහාරයක් තව කෙනෙක්ට දුන්නම එයා අපෝ කියන්න ඉඩක් තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් බොහොම මහන්සියෙන් ආශාවෙන් තෝරලා ගෙනල්ල දෙන ඇදුම් ඔයා කවදාවත් අදින්නේ නැතිව පැත්තකට කරනවා. යම් කිසි චන්දයකට ඉදිරිපත් වෙන පක්ෂ අතර ඔයා කැමතිම පක්ෂය සමහර විට මම අකමැතිම පක්ෂය වෙන්න පුළුවන්., ඔයා ජීවිතයේ බොහෝ කාලය මුදල් කැප කරලා අදහන ආගම තව කෙනෙක්ට හුදෙක් විහිළුවක්.

ඔන්න ඔය නිසා තමයි අපි මේ quality කියන සංකල්පය එක්ක පරිස්සමින් වැඩ කරන්න ඕන. ඊලගට quality එක්ක කෙලින්ම සම්භන්ධ නැතත් වක්‍රව සම්භන්ධ සංකල්ප තමයි මූල්‍යමය වටිනාකම (market value), සමාජයේ අනෙක් අය ඒ දෙය ට දක්වන ආකල්ප වගේ දේවල් වගේම moral values සහ ethics (යහ අගයන් සහ යහ පැවත්ම) කියන කෝණයෙන් ඒ භාණ්ඩය හෝ සේවාව හෝ පද්දතිය ගැන අපිට ඇති හැගීම වගේ දේවල්.

අපි කවුරුත් අපිට අනුව ගුණාත්මක කියල හිතන දේ ලබා ගන්න කැමතියි. සමහරක් වෙලාවට තමයි අපිට අවශ්‍ය ගුණාත්මය අපිට ලබාගන්න බැරි නිසා ඊට පහල දෙයකින් (ආයෙත් තමන්ගේ මැනීමට අනුව) තෘප්තිමත් වෙන්නේ. නමුත් බොහෝ විට ගුණාත්මය කියන්නේ බොහෝ වරණ අතර ඔයාගේ නිදහස් තෝරා ගැනීමක්.

බස් රථයක රියදුරන් බොහෝ විට බස් රථයේ වාදනය කරන සින්දු රියදුරාට අනුව ඔහු කැමතිම ගුණාත්මක සින්දු. ඒක ඔබටත් සමහර විට ගුණාත්මකයි කියල හැගෙන්න පුළුවන් හෝ ඒ වෙනත් ප්‍රති විරෝධයක් තියෙන්න පුළුවන්.

ගුණාත්මය කියන දෙය එකිනෙකාට වෙනස් විදියට දැනෙන නිසාම තමයි විවුර්ත ආර්ථිකය ඇතුලේ තෝරා ගැනීමේ නිදහස (මාක්ස්වාදී ක්‍රමයට අනුව රජය තමයි කේන්ද්‍රීයව මේක තීරණය කරන්නේ) ලබා දෙන්නේ. ඒ එක්කම ලිබරල් චින්තනයත් මේ එකිනෙකා අනෙකා මත තමන් හරි හෝ ගුණාත්මක කියල පිලි ගන්න දේ හෝ හැසිරීම් බලහත් කාරයෙන් පැටවීම වළක්වනවා.

අනෙක අපි අනෙක් අයට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙද්දීත් තමන්ට ගුණාත්මය ගැන තියෙන මිම්ම අනුව තමයි ඒ දෙය ලබා දෙන්නේ. සමහර විට ඒක තමයි තමන්ට දෙන්න පුළුවන් උපරිම ගුණාත්මය.

Brain washing Vs Real learningPhoto credit - ChatGPT
23/04/2026

Brain washing Vs Real learning

Photo credit - ChatGPT

13/04/2026

A Guide to Successful Career

A Guide to Successful Career
13/04/2026

A Guide to Successful Career

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

කෙනෙක් ගණිතය වගේ විශයකට එතරම් දක්ෂ නොවුනහම සමහර දෙමවුපියන් ඒ දරුවා අඩු බුද්ධිය ඇති කෙනෙක් කියල හිතනවා. විශේෂයෙන් ගණිතය ව...
12/04/2026

කෙනෙක් ගණිතය වගේ විශයකට එතරම් දක්ෂ නොවුනහම සමහර දෙමවුපියන් ඒ දරුවා අඩු බුද්ධිය ඇති කෙනෙක් කියල හිතනවා. විශේෂයෙන් ගණිතය වගේ විෂයන් ට ඇති හැකියාව සහ සම්ප්‍රදායික බුද්ධි පරීක්ෂණ වල ආකෘතිය හරහා බුද්ධිය කියන සංකල්පය ඉතාම කුඩා සීමාවකට කොටු කරලා තේරුම් ගැනීමෙන් ඇතිවෙන වැරදි අවබෝධය මේකට හේතුවක්.

බුද්ධිය වර්ගීකරණය කරන ක්‍රම කිහිපයක් තියෙනවා, එයින් වැඩියෙන්ම පිළිගත් වර්ගීකරණයක් වෙන්නේ හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහු බුද්ධි න්‍යායයි. ගාඩ්නර්ට අනුව, බුද්ධියේ විවිධ වර්ග කිහිපයක් තියෙන අතර, ඒ සෑම එකක්ම මිනිසුන්ට බුද්ධිමත් විය හැකි විවිධ ක්‍රම නියෝජනය කරනවා.

1. තාර්කික-ගණිතමය බුද්ධිය (Logical-Mathematical Intelligence)
තර්ක කිරීමට, ගැටළු විසඳීමට සහ සංකීර්ණ ගණිතමය සංකල්ප තේරුම් ගැනීමට ඇති හැකියාව. විදිමත් විද්‍යා (formal science), තොරතුරු තාක්ෂනය සහ බොහෝ ඉංජිනේරු ක්ෂේත්‍රවල සාර්ථකත්වයට මේ බුද්ධිමය හැකියාව බලපානවා.

2. භාෂාමය බුද්ධිය (Linguistic Intelligence)
ලිඛිතව, කථා කිරීමේදී හෝ කතන්දර කීමේ දී භාෂාව ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාව. මේ හැකියාව ඉහල අයට නිරවුල්ව අදහස් ප්‍රකාශ කරන්න සන්නිවේදනය වගේ ක්ෂේත්‍රවල වැඩි හැකියාවන් තියෙනවා.

3. අවකාශීය බුද්ධිය (Spatial Intelligence)
ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව සහ කලාව වැනි වෘත්තීන් සඳහා වැදගත් වන ත්‍රිමාණවලින් සිතීමේ හැකියාව මේ බුද්ධි කොටසට අයත්.

4. ශරීර-චාලක බුද්ධිය (Bodily-Kinesthetic Intelligence)
ශරීර චලනයන් පාලනය කිරීමට සහ වස්තූන් දක්ෂ ලෙස හැසිරවීමේ හැකියාව, බොහෝ විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නර්තන ශිල්පීන් සහ ශල්‍ය වෛද්‍යවරුන් තුළ දක්නට ලැබෙනවා.

5. සංගීත බුද්ධිය (Musical Intelligence)
සංගීතය වටහා ගැනීමට, අගය කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව. මෙයට රිද්මය, තාරතාව සහ ස්වරය කෙරෙහි සංවේදීතාව ඇතුළත් වෙනවා.

6. අන්තර් පුද්ගල බුද්ධිය (nterpersonal Intelligence)
අන් අය සමඟ ඵලදායී ලෙස තේරුම් ගැනීමට සහ අන්තර් ක්‍රියා කිරීමට ඇති හැකියාව. ඉහළ අන්තර් පුද්ගල බුද්ධියක් ඇති පුද්ගලයින් බොහෝ විට සංවේදනය සහ සන්නිවේදනයේ දක්ෂයි. දේශපාලනය, අලෙවිකරණය වගේ ක්ෂේත්‍ර වලට මේ බුද්ධිය ඉහල අය වැඩි දක්ෂතාවයන් දක්වනවා.

7. අන්තර්වර්තී පුද්ගල බුද්ධිය (Intrapersonal Intelligence)
විශේෂයෙන් තමන්ගේ හැඟීම්, අභිප්‍රේරණ සහ අභ්‍යන්තර තත්වයන් ඇතුළුව තමාව තේරුම් ගැනීමේ හැකියාව. මේ බුද්ධිමය හැකියාව අනෙක් අයගේ හැගීම් තේරුම් ගැනීමටත් යොදාගන්න පුළුවන්.

8. ස්වාභාවික බුද්ධිය (ස්වාභාවික බුද්ධිය)
ශාක, සතුන් සහ ස්වාභාවික සංසිද්ධි වැනි පරිසරයේ ලක්ෂණ හඳුනා ගැනීමට, වර්ගීකරණය කිරීමට සහ ඒවා මත පදනම් වීමට ඇති හැකියාව. විශේෂයෙන් ස්වභාවික විද්‍යා (natural science) වලට අයත් ජීව විද්‍යාව, සාගර විද්‍යාව, කෘෂි විද්‍යාව වගේ විෂයන් වලින් ඉහල හැකියාවන් ගොඩනගා ගන්න මේ වර්ගයේ බුද්ධිය ඉහලින් තිබීම වැදගත්.

මේ සමහර වර්ගවල බුද්ධියේ වැඩියෙන් තාර්කික බුද්ධිමය හැකියාව (logical intelligence) වැඩියෙන් මතු වෙද්දී, තවත් සමහර වර්ගවල බුද්ධියේ ප්‍රමුඛ වෙන්නේ හැගීම් නැත්නම් භාවමය බුද්ධියයි (emotional intelligence).

මෙම වර්ගීකරණය මගින් බුද්ධිය බහු-මාන බවත්, සෑම කෙනෙකුටම විවිධ ක්ෂේත්‍ර හරහා තමන්ගේ බුද්ධිය යොදාගෙන ප්‍රයෝජනවත් කාර්යන්වල යෙදෙන්න තියෙන හැකියාවත් පෙන්වල දෙනවා.

යම් දරුවෙක් හෝ වැඩිහිටියෙක් ගේ බුද්ධිය ගැන හුදෙක් සම්ප්‍රදායික මිනුම් වලින් ඔබ්බට සිතා බලන එක සහ ඔවුන් තුල වැඩියෙන් මතුවෙලා තියෙන බුද්ධිය ට අදාළ ක්ෂේත්‍ර වලට ඔවුන්ව යොමු කරන එක සහ ඔවුන්ගේ සේවය ඒ හරහා ලබා ගැනීම වැදගත්.

10/04/2026

About 25% of code committed to GitHub are generated by AI coding agents like Copilot and Claude.

අපපි මේ පසු කරමින් සිටින්න මානව පරිනාමයේ රසවත් කාල පරිච්චේදායක්. මේ දක්වා තොරතුරු තාක්ෂන (IT) ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක ...
06/04/2026

අපපි මේ පසු කරමින් සිටින්න මානව පරිනාමයේ රසවත් කාල පරිච්චේදායක්.

මේ දක්වා තොරතුරු තාක්ෂන (IT) ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක අභියෝගයට ලක් උනේ තොරතුරු පද්දති පවත්වා ගැනීම ට අදාළ, ගිණුම් කරණය, පාරිභෝගික සම්බන්දතා, ගැනුම් සහ විකුණුම් ඇතුළු අනෙක් තොරතුරු සකසන සහ සුරකින වැඩ වලට අදාළ වුර්තිකයන්ගේ රැකියා.

ඒත් දැන් අපි කෘතීම බුද්ධිය (AI) යුගයට දැනෙන මට්ටමට ඇතුල් වෙලා ඉන්නේ. හාස්‍යජනක සහ අනෙක් පැත්තට තනි ඇහැට අඩෙන කාරණේ තමයි මේ AI පරිවර්තනය ඇතුලේ මුලින්ම දඩයමට ලක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ මේ දක්වා දඩයක්කාරයා උන IT ක්ෂේත්‍රයේ තොරතුරු පද්දති ගොඩනගපු පරිඝනක මෘදුකාංග ඉංජිනේරුවන් වීම. එයින් වැඩිම බලපෑම තියෙන්නේ ක්ෂේත්‍රයට අලුතෙන් එන්න බලාපොරොත්තු උන අයට.

Generative AI පළමු රැල්ලේ පලවෙනි විශාල දඩයම පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් වෙද්දී, දෙවැනි සහ ඊලගට ඉක්මනින්ම එන්න නියමිත AI රැලි වලදී අභියෝගයට ලක්වෙන වුර්තීන් ගැන හිතනකොට රැකියාව වුර්තිය ආදායම් මාර්ග වගේ දේවල් සම්පූර්ණයෙන්ම අලුත් විදියට හිතන්න විශේෂයෙන් සාපේක්ෂව ඉහල වැටුප් ලබපු වුර්තිකයන්ට සිද්ද වෙනවා.

මෙතැනදී අන්තිමට කියන්න තියෙන්නේ ඇති එකම විසදුම AI වලට ප්‍රතිරෝධය දක්වනවා වෙනුවට ඒ අලුත් තාක්ෂනය වැළදගෙන ඒකත් එක්ක තමන්ගේ වුර්තිය වැඩිය ඉහල මට්ටමින් කරන්න හැඩ ගැහෙන එක.

මානව පරිනාමය නූතනත්වය එක්ක ඉදිරියට යද්දී අපිත් ඉස්සරහට යනවා මිසක් ඒකත් එක්ක රණ්ඩු කරන එකේ තේරුමක් නැහැ.

Quick Guide - Selecting Laptop for IT or Computer Science Students
02/04/2026

Quick Guide - Selecting Laptop for IT or Computer Science Students

Provide a quick guide for selecting Laptop for IT or Computer Science Students

Laptop brands - Durability Vs Economy and Overall rating (Source AI Agents ChatGPT/Gemini
01/04/2026

Laptop brands - Durability Vs Economy and Overall rating (Source AI Agents ChatGPT/Gemini

A gentle guide to select your laptop based on your needs and budget.
01/04/2026

A gentle guide to select your laptop based on your needs and budget.

Address

125, Summerset Campus, Amity Building, Highlevel Road, Maharagama. Colombo
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Aurora Computer Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Aurora Computer Studies:

Share