Koswattha
Koswattha Korean Center
වර්ෂ 1995 දී ශ්‍රී ලංකාවට ලැබුනු ප්‍රථම කොරියානු රැකියා අවස්ථාවන්හී ප්‍රථම කණ්ඩායමට එක්වූ මම එතැන් සිට අඛණ්ඩව වර්ෂ 2005 දක්වා කොරියාවේ සේවය කළෙමි. එහිදී කොරියානු ජන සමාජය පිළිබදව මෙන්ම කොරියානු ජාතිකයින් සිතන පතන ආකාරය, කොරියානු සංස්කෘතිය පිළිබදව මැනවින් තේරුම්ගත් මා ඔවුනට අවශ්‍ය අන්දමින් වැඩකටයුතු සිදුකරන ආකාරයද අධ්‍යයනය කර වටහාගත්තෙමි. එසේ වසර 10 ක් කොරියාවේ ජි
වත් වෙමින් අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා සේම කොරියානු භාෂාව පිළිබදවද හැදැරුවෙමි. පසුව මා 2012 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඇකඩමියෙන් කොරියානු භාෂාව හදාරා එම ශිෂ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගනිමින් කොරියානු භාෂා පාඨමාලාව සම්පූර්ණ කළෙමි.
දැනට වසර 9 ක කාලයක් කොරියානු භාෂා උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මා අනුරාධපුරය, දඹුල්ල, මාතලේ, මහනුවර, කෑගල්ල, ගම්පහ, ගාල්ල යන ප්‍රදේශ වල තරුණ තරුණියන්ගේ කොරියානු රැකියා සිහිනය සැබෑකර දී ඇති අතර වර්තමානයේ අනුරාධපුර, දඹුල්ල, මාතලේ සහ කෑගල්ල යන ප්‍රදේශයන්හී කොරියානු භාෂා පාඨමාලා පවත්වනු ලැබේ.
අපගේ පාඨමාලාවේ සාර්ථකත්වය
01. පළමු දින 3 තුලදී කොරියානු බසෙහි සියලුම අක්ෂර කියා දී ඕනෑම වචනයක් තනිවම ලිවීමට හා කියවීමට හුරු කිරීම.
02. දින 5 ක් තුලදී කොරියානු බසින් ව්‍යාකරණානුකූලව වාක්‍ය තනිව ලියවීම.
03. දින 8 ක් තුලදී සහභාගී වූ සියළු දෙනා තමා ගැන කොරියානු බසින් ලිඛිතව සහ වාචිකව වාක්‍ය 10 කින් හැදින්වීම.
04. දින 8 න් පසුව චතුර ලෙස කොරියානු භාෂාවෙන් ලිවීම සහ කියවීම ඉගෙන ගත් පසු විෂය නිර්දේශය පොත මුල් පාඩමේ සිට අවසානය දක්වා අති සාර්ථකව අවසන් කිරීම.