Skills is the Future

Skills is the Future Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Skills is the Future, College & University, District Secretariat Office, Matara.

🎓✨ සා.පෙළින් පසු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – 2026 ✨🎓2025 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් සඳහ...
05/03/2026

🎓✨ සා.පෙළින් පසු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – 2026 ✨🎓
2025 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් සඳහා වු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2026 මාර්තු 05 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා මාර/නාරන්දෙණිය ජාතික පාසල (උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාව) දි දරු දැරියන් 115ක ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි‍.
මේ වැඩසටහන සංවිධානය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,හක්මන කලාප අධ්‍යාපන කාර්යාලය, මාතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු ආයතන සංසදය සහ මුලටියන, හක්මණ, කඹුරුපිටිය,තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා සංවර්ධන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මේ අවස්ථාව සඳහා, කඔුරුපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති, මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යක්ෂ, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දකුණු පාළාත් වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යක්ෂ, ජාතික අධුණිත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකාර, තල්ල්ල හා මාතර වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරින්, කාර්මික විද්‍යාලය, මාතර, ජාතික අධුණිත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ ආධුණිකත්ව පරික්ෂක නිලධාරින්, ජාතික යොවුන් සේනාංකයේ නිලධාරින්, තරුණ සේවා සභාව යන ආයතන වල මාර්ගෝපදේශන නිලධාරින්, මුලටියන, හක්මණ, වැලිපිටිය,තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා සංවර්ධන නිලධාරින් සහභාගි විය.
මෙ දින ඔවුන් හට,
සා. පෙළින් පසු උ.පෙළ සඳහා සුදුසු විෂය ධාරාවන් තෝරා ගැනීමට මඟ පෙන්වීම. - R K ගාමිණි මහතා(දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි)
උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම. - පී.ඩී.ප්‍රේමලාල් මහතා, වැලිපිටිය ප්‍රා.ලේ.කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි
වෘත්තීය හා කාර්මික පුහුණුවේ නව ප්‍රවණතා හඳුන්වා දීම. - සිරිවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරි
NVQ ක්‍රමවේදය පිළිබඳ සවි ස්තර දැනුවත් කිරීම.- අයි.රත්නසිරි මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරින් විසින් හරවත් මාර්ගෝපදේශයක් සිදු කරන ලදි.
මිට අමතරව, මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතන මඟින් ඔවුන්ගේ පාඨමාලාවන් පිළිබඳව දැනුවත් කිරිමද සිදු කරන ලදි. එමෙන්ම ඉහත QR Code Card පත මගින් NIPUNATHA PIYASA –MATARA යන WhatsApp Group එකට සිසුන් සම්බන්ධ කර ගැනිම ද සිදු කරන ලදි.
මේ වැඩසටහන සාර්ථක තර ගැනිම සඳහා නන් අයුරින් දායක වු සියළුම දෙනාට මෙයින් ස්තුතිය පුද කර සිටිමු.
මෙහි මී ලඟ වැඩ සටහන 2025.03.06 දින මාර/ගොඩපිටිය ජාතික පාසලේ දී පැවැත්වේ.

පහත සඳහන් කාර්මික ශිල්පීන් හට, ඔවුන්ගේ පළපුරුද්ද මත RPL-NVQ 3/4 සහතික නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහන..බර පැන දැරීම සහ වැඩ...
20/02/2026

පහත සඳහන් කාර්මික ශිල්පීන් හට, ඔවුන්ගේ පළපුරුද්ද මත RPL-NVQ 3/4 සහතික නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහන..
බර පැන දැරීම සහ වැඩසටහන සංවිධානය දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් සිදු කරයි..
1. වඩු කාර්මික ශිල්පී. (ගොඩනැගිලි) Wood Craftsmen- Building.
2. වඩු කාර්මික ශිල්පී. (ගෘහ භාණ්ඩ) Wood Craftsmen- Furniture.
3. පෙදරේරු ශිල්පී. Mason.
4. පෑස්සුම් ශිල්පී. Welder.
5. ජල නල කාර්මික ශිල්පී. Plumber.
6. කම්බි නැවුම් ශිල්පී. Bar Bender.
7. ගොඩනැගිලි පින්තාරු ශිල්පී. Painter.
8. විදුලි කාර්මික ශිල්පී. Electrician.
9. සාත්තු සේවක. Caregiver.
10. භෝජනාගාර සහායක. Food and Beverage Assistant.
11. ඇලුමිනියම් පිරි සැකසුම් ශිල්පී. Aluminum Fabricator.
12. වාහන පින්තාරු ශිල්පී. Vehicle Painter.
13. වාහන විදුලි කාර්මික ශිල්පී. Auto Electrician.
14. ජංගම දුරකථන නඩත්තු ශිල්පී.

තෝරා ගැනීමේ නිර්ණායක..
1. ඉහත ක්ෂේත්‍ර වල රැකියාවක නියැලීම සහ අවම වසර 1.5 ක සේවා කාලය සනාථ කිරීම.
2. විදේශ රැකියාවක් සඳහා යොමු වීමට ඇති කැමැත්ත.
3. රජයේ බැංකු සමග ගනුදෙනු කිරීමට ඇති උනන්දුව.
4. වයස අවු. 18ත් 45ත් අතර විය යුතුයි.
2026 වර්ෂයේ ඔක්තෝබර් 31 දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ..

ඉහත සුදුසුකම් සපුරා ඇති, RPL-NVQ සහතිකය ලබා ගැනීමට අදහස් කරණ කාර්මික ශිල්පීන්, ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි වෙතින් අයදුම්පත් ලබා ගෙන සම්පූර්ණ කර ඔහු වෙතට නො පමාව වෙත භාර දෙන්න..

වැඩි විස්තර සඳහා...
0912234332 - ද.ප.සං.අ. ප්‍රධාන කාර්යාලය, බාල දක්ෂ මාවත, ගාල්ල.
0412 227 520 - ද.ප.සං.අ. කාර්යාලය, ගබඩා වීදිය, මාතර. (මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා.)

වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සම්බන්ධ උපදේශන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව.මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ මඟ පෙන...
05/02/2026

වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සම්බන්ධ උපදේශන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව.
මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ මඟ පෙන්වීම යටතේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවිධානයෙන් වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සම්බන්ධ උපදේශන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන, මාතර, සහකාර දිස්ත්‍රික් ලේකම්, ලක්මාලි තේනුවර මහත්මියගේ සහභාගීත්වයෙන් 2026.02.03 දින පෙ.ව.8.30 සිට ප.ව.2.00 දක්වා මාර/තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.
මේ වැඩසටහන, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, මාතර, විශ්ව විද්‍යාල විද්‍යායතනය, මාතර, සාගර විශ්ව විද්‍යාල, තංගල්ල, කාර්මික විද්‍යාලය, මාතර, ශ්‍රී වෘත්තීය පුහුණු අධිකාරිය, මාතර, තරුණ සේවා සභාව, මාතර, ජාතික ආධුණිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, මාතර, යොවුන් සේනාංකය, දික්වැල්ල යන දිස්ත්‍රික්කයේ වෘත්තීය හා කාර්මික පුහුණුව/උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන සහ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
මෙහි මීළඟ වැඩසටහන 2026.02.06 දින මාතර කාර්මික විද්‍යාලයේ දි පැවැත්වේ.

තරුණ ඔබට ආරාධනා .. !!!
26/11/2025

තරුණ ඔබට ආරාධනා .. !!!

24/11/2025

ඔබත් දෙස් විදෙස් රැකියා සිහිනය සැබෑ කරගන්න හීන දකින වයස අවුරුදු 17 ට වැඩි තරුණයෙකු හෝ තරුණියක්ද?

හීන පාට කරගන්න වෙර දරන ඔබ වෙනුවෙන් කාර්මික අධ්‍යාපනයෙන් හෙට ලොව දකින්නට මාතර කාර්මික විද්‍යාලය මගින් නව පාඨමාලාවන් සදහා නවක සිසුන් බදවා ගැනීම මේ දින වල සිදු කෙරේ.

📌 පාඨමාලාවන් හා සම්බන්ද වන ඔබට...
• ජාත්‍යන්තරව පිලිගත් NVQ සහතික පත්‍ර.
• මාසික ශිෂ්‍යාධාර දීමනා.
• මාසික වාර ප්‍රවේශ පත්‍ර.
• ආයතනගත රැකියා පුහුණුව හා රැකියා අවස්තාවන්.
• නිදහස් අධ්‍යාපනික පරිසරය.
• ආපනශාලා පහසුකම්.
• වායු සමනය කල නවීන පන්ති කාමර.
• පුස්ථකාල පහසුකම්.
• ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
• නායකත්ව පුහුණු වැඩ සටහන්.
• සහ තවත් පහසුකම් රැසක්...

ඔබට අයදුම් කල හැකි පාඨමාලාවන්. 👇👇

📌 පූර්ණ කාලීන හා අර්ධ කාලීන ඩිප්ලෝමා පාඨමාලා

• ඉදිකිරීම් තාක්ෂණය (NVQ 5)
• මෝටර් රථ තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• ගිණුම්කරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• සැලසුම් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව (NVQ 5)
• තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• ජාතික තාක්ෂණික සහතිකය (NCT) - සිවිල් ඉංජිනේරු (NVQ 5)

📌 ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍ර පාඨමාලා

• ඉංජිනේරු සැළසුම් ශිල්පය පිළිබඳ ජාතික සහතිකය (N.C.E.D.) (NVQ 4)
• ඉදිකිරීම් ක්ෂේත්‍ර පරීක්ෂක (C.S.S.) (NVQ 4)
• කර්මාන්ත ජලනල ශිල්පී (NVQ 4)
• ජලනල ශිල්පී (NVQ 4)
• ඇලුමිනියම් පිරිසකරකරණය පිළිබඳ සහතිකය (NVQ 4)

📌 තොරතුරු සන්නිවේදන, භාෂා, මුදල් හා බැංකු ක්ෂේත්‍රය

• ගණක ශිල්පීන් සඳහා වූ ජාතික සහතිකය (N.C.A.T.) (NVQ 4)
• පරිගණක චිත්‍රකරණ ශිල්පී - Graphic Design (NVQ 4)
• පරිගණක දෘඩාංග ශිල්පී - Hardware (NVQ 4)
• තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශිල්පී - ICT (NVQ 4)
• කොරියන් භාෂාව පිළිබඳ ජාතික සහතිකය (Non NVQ )
• වෘතතීය ඉංග්‍රීසි පිළිබඳ ජාතික සහතිකය (NCECP) (Non NVQ )

📌 විද්‍යුත් හා විදුලි සංදේශ/ ශීතකරණ හා වායු සමන ක්ෂ්ත්‍රය

• ඉලෙක්ට්‍රොනික් (NCECP) (NVQ 4)
• කර්මාන්ත විදුලි ශිල්පී (NVQ 4)
• විදුලි කාර්මික ශිල්පී - E40S001 (NVQ 4)
• ශීතකරණ හා වායු සමන ශිල්පී - (NCECP) (NVQ 4)

📌 ලෝහ හා මෘදු ලෝහ ඉංජිනේරු තාක්ෂණය

• වායු හා චාප පෑස්සුම් ශිල්පී (වෙල්ඩර්) (NVQ 4)
• යාන්ත්‍රණය පිළිබඳ සහතිකය (NVQ 4)

📌 බේකරි හා විවිධ ක්ෂේත්‍ර

• ආහාර තාක්ෂණ ශිල්පී (NVQ 4)
• ක්ෂණික සේවා අවන්හල් කාර්ය මණ්ඩල සාමාජික (Pizza/Maker) (NVQ 4)
• බේකරි ශිල්පී (Pastry & Bakery) (NVQ 4)
• බේකරි ශිල්පී (Pastry & Bakery) සති අන්ත (මුදල් අයකෙරේ) (NVQ 4)
• මැහුම් පාඨමාලාව (NVQ 4)

📌 මෝටර් වාහන අලුත්වැඩියා හා නඩත්තු ක්ෂේත්‍රය

• මෝටර් වාහන ශිල්පී (N.C.E.C.P.) (NVQ 4)
• මෝටර් වාහන කාර්මික ශිල්පී (G50S003) (NVQ 4)
• මෝටර් සයිකල් කාර්මික ශිල්පී (NVQ 4)
• මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී - Auto Electrical (NVQ 3)
• මෝටර් රථ වායු සමන කාර්මික ශිල්පී (NVQ 4)

වැඩි විස්තර සදහා අමතන්න.

0412 229 988 ( කාර්මික විද්‍යාලය - මාතර )

17/11/2025

   #හක්මන
17/11/2025

#හක්මන

Address

District Secretariat Office
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Skills is the Future posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share