Adikaram College,Matugama

Adikaram College,Matugama ආදි ශිෂ‍‍ය එකමුතුව රුහිරු බිදුවක් පාසා රැදුනු ජවය,....අධිශිඨානයෙන් කැප කරන්නට එන්න... යුතුකමක ඇරඹුමයි.........

📌 2027 වසරේදී ඔයාගේ බබාවත් ඉස්කෝලෙට දාන්නද ඉන්නේ? එහෙනම් මේ ටික දැන්ම ලෑස්ති කරගන්න! 🎒👶2027 වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණිය...
22/05/2026

📌 2027 වසරේදී ඔයාගේ බබාවත් ඉස්කෝලෙට දාන්නද ඉන්නේ? එහෙනම් මේ ටික දැන්ම ලෑස්ති කරගන්න! 🎒👶

2027 වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට (Grade 1) දරුවන් ඇතුළත් කිරීමේ නිල අයදුම්පත් සහ චක්‍රලේඛය නුදුරේදීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට නියමිතයි.

අන්තිම මොහොතේ කලබල වෙලා රස්තියාදු වෙන්නේ නැතුව, දෙමාපියන් විදිහට අපිට දැන් ඉඳලම ලෑස්ති කරගන්න පුළුවන් ප්‍රධානම දේවල් ටිකක් මෙන්න:

1️⃣ වයස සුදුසුකම (Age Limit)
* 2027 ජනවාරි 31 වැනිදාට බබාට අවුරුදු 05 සම්පූර්ණ වී තිබිය යුතුයි. (නැතහොත් අවුරුදු 5 ට වැඩි විය යුතුයි).

2️⃣ දැන්ම එකතු කරගත යුතු ප්‍රධාන ලියකියවිලි (Essential Documents)

* බබාගේ උප්පැන්න සහතිකය (Birth Certificate) - මුල් පිටපත සහ සහතික කළ පිටපත්.

* දෙමාපියන්ගේ උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් (NIC).

* පදිංචිය තහවුරු කිරීමේ ලේඛන:
* ග්‍රාම නිලධාරී සහතිකය (දිස්ත්‍රික් ලේකම් අනුමත කළ).
* නිවසේ ඔප්පුව හෝ නීත්‍යානුකූල බදු කුලී ගිවිසුම (ලියාපදිංචි කරන ලද).

* පසුගිය වසරවල විදුලි බිල්පත්/ජල බිල්පත් හෝ පදිංචිය ඔප්පු කළ හැකි වෙනත් නිල ලේඛන.
* ඡන්ද හිමි නාමලේඛන උපුටන (Electoral List Extracts):



* පාසලට අයදුම් කරන කාණ්ඩය අනුව (පදිංචිය මත නම්) පසුගිය වසර 05 ක ඡන්ද ලැයිස්තුවේ දෙමාපියන්ගේ නම් තිබීම අත්‍යවශ්‍යයි. (මැතිවරණ කාර්යාලයෙන් හෝ Online ලබාගත හැක).

3️⃣ අයදුම් කළ හැකි ප්‍රධාන කාණ්ඩ (Categories)

1. පාසලට ආසන්න පදිංචිකරුවන් (Closest Residents).

2. ආදි ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ දරුවන් (Alumni).

3. දැනට පාසලේ සහෝදර/සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් (Siblings).

4. අධ්‍යාපන/රාජ්‍ය/ආරක්ෂක සේවා වැනි ක්ෂේත්‍රවල ස්ථාන මාරුවීම් ලැබූවන්ගේ දරුවන්.

💡 විශේෂ මතක් කිරීම: ලියකියවිලි වල නම්, ගම්, ලිපින සහ උපන් දින එකිනෙකට ගැලපෙනවාද කියා දැන්ම චෙක් කරලා බලන්න. පොඩි හෝ වෙනසක් (Spelling mistake එකක් වගේ) තියෙනවා නම් ඒව හදාගන්න දැන් හොඳම කාලයයි!

නිල චක්‍රලේඛය සහ අයදුම්පත නිකුත් වූ සැනින් දැනුවත් කරන්නම්.

👍 ඔයාගේ යාළුවන්ගේත් 2027 ඉස්කෝලේ යන බබාලා ඉන්නවා නම්, මේ තොරතුරු ටික බලන්න දැන්ම මේ පෝස්ට් එක Share කරන්න!
උපූටා ගැනිමකි Adikaram College,Matugama

🙏🙏🙏🙏❤️
22/03/2026

🙏🙏🙏🙏❤️

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2026/03/29වන ඉරිදා  දින උදේ 09.00ට පාසලේදී පැවැත්වේ.  අපේ පාසල වෙනුව...
20/03/2026

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2026/03/29වන ඉරිදා දින උදේ 09.00ට පාසලේදී පැවැත්වේ. අපේ පාසල වෙනුවෙන් එදා දවස දැන්ම වෙන්කර ගන්න.සෑම දෙනාම එදිනට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු✅

මෙම සමූහය නැති සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග මෙම පණිවිඩය බෙදාගන්න.☎️

ආදි ශිෂ්‍ය සංගමය
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් මහා විද්‍යාලය👍

15/02/2026
30/12/2025

අදිකාරම් විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය සුවපත් කරන්න සැවොම එක් වෙමු. මේ ඔබගේ සහය අවැසිම මොහොතක්.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පැලවත්ත නැගෙනහිර ග්‍රාමසේවා වසමේ එකේ කණුව, ගොරකදුව, පැලවත්ත ලිපිනයේ පදිංචි බන්දුල පද්මසිරි මීගහපොල මහතාගේ වයස අවුරුදු 20 ක්වන ඉසුරි කෞශල්‍යා මීගහපල දියණිය දැනට ලියුකේමියා ( AML ) රෝගී තත්වයට මූහුණ දී මහරගම අපේක්ෂා රෝහලේ 18 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයට ඉතා ඉක්මනින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් කළයුතුව ඇත. ඒ සදහා රුපියල් 12,000,000.00 ( එක්කෝටි විසිලක්ෂයක් ) මුදලක් වැයවෙන බවට බව වෛද්‍යවරුන් පවසා ඇත. එම මුදල සොයා ගැනීම සඳහා පවුලේ අය මේ වන විට කටයුතු කරමන් පවතින අතර සියළු දෙනා හැකි අයුරින් දායක වී මෙම දියනිය සුවපත් කර ගැනීමට ඔබට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙනමෙන් ඉල්ලා සිටිමු.

ගිණුම් අංකය - 261200110045446
ගිණුමෙහි නම - ඉසුරි කෞශල්‍යා මීගහපල
මහජන බැංකුව
පැලවත්ත ශාඛාව

ගිණුම් අංකය - 72122744
ගිණුමෙහි නම - එම්. බී. පද්මසිරි
ලංකා බැංකුව

විමසීම් 072 8441223

අන් අයත් දැනුවත් කිරිමට කටයුතු කරන්න.

පුලුවන් හැමොම උදව් කරමු 🙏
30/12/2025

පුලුවන් හැමොම උදව් කරමු 🙏

සියලුම ගුරු මව්වරුන් පියවරුන්ට උපහාර වේවා.!!🙏🙏🙏
06/10/2025

සියලුම ගුරු මව්වරුන් පියවරුන්ට උපහාර වේවා.!!🙏🙏🙏

සියලුම දූ දරුවන්ට උණුසුම් සුභ පැතුම් ❤️
09/08/2025

සියලුම දූ දරුවන්ට උණුසුම් සුභ පැතුම් ❤️

මොකද කියන්නේ? ඔබ සූදානම්ද?✌✌Adikaram old boys and girls
23/07/2025

මොකද කියන්නේ? ඔබ සූදානම්ද?✌✌
Adikaram old boys and girls

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2025/07/20වන ඉරිදා (හෙට)  දින උදේ 08.30 ට පාසලේදී පැවැත්වේ.  අපේ පාස...
19/07/2025

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2025/07/20වන ඉරිදා (හෙට) දින උදේ 08.30 ට පාසලේදී පැවැත්වේ. අපේ පාසල වෙනුවෙන් එදා දවස දැන්ම වෙන්කර ගන්න.සෑම දෙනාම එදිනට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු✅

මෙම සමූහය නැති සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග මෙම පණිවිඩය බෙදාගන්න.☎️

ආදි ශිෂ්‍ය සංගමය
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් මහා විද්‍යාලය👍

Address

Matugama
12100

Alerts

Be the first to know and let us send you an email when Adikaram College,Matugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Adikaram College,Matugama:

Share