29/02/2024
ඔබත් කෝකටත් තෛලය කියලා පැරසිටමෝල් ගන්න කෙනෙක් ද❓
එහෙනම් කියවන්න ‼️
"පැරසිටමෝල්" අප එදිනෙදා ජීවිතයේදී වේදනා නාශකයක් ලෙස සුලබ ව භාවිතයට ගන්න, ලොකු කුඩා කවුරුත් දන්න ප්‍රධාන ඖෂධයක්.
නමුත් ඔබ සතු ව මෙම ඖෂධය පිළිබඳ ව තිබෙන දැනුම ප්‍රමාණවත් ද ? මෙම ලිපියේ අරමුණ වන්නේ ඔබ ගේ ඖෂධ පිළිබඳව දැනුම පුළුල් කරලීමත් , ඖෂධ භාවිතයේදී සිදුවිය හැකි අතපසුවීම් හේතුවෙන් ඇතිවන ජීවිත අවදානම අවම කිරීමට පූර්ව පියවරක් ගැනීමත්ය.
✅පැරසිටමෝල් භාවිතා කරන අවස්ථා මොනවාද?
පැරසිටමෝල් ප්‍රධාන වශයෙන් ම වේදනා නාශක ඖෂධයකි.
💊 උණ තත්වයන් සමනය කිරීමට.
💊 දත් රෝග තත්වයන්හිදී දත් වල වේදනාවන් සමනය කිරීමට.
💊 මිග්රේන් (ඉරුවාරදය ) අවස්ථා වලදී හිසරදය දුරු කිරීමට.
💊 සන්ධි වේදනා.
💊 මාංශ පේශි වේදනා.
ආදී නොයෙකුත් වේදනා තත්ත්වයන් සමනය කිරීමට දායක වේ.
✅පැරසිටමෝල් ඖෂධය නිවැරදි ව භාවිතා කරන්නේ කෙසේ ද?
පැරසිටමෝල් වෛද්‍ය අනුමැතියක් නොමැතිව (even without a prescription) වෙළඳපොලෙන් ලබාගත හැකි ඖෂධයක් . (An over the counter medicine)
නමුත් එය භාවිතයේදී වෛද්‍ය උපදෙස් යටතේ භාවිතය නුවණට හුරු වන බව මෙම ලිපිය කියවීමෙන් පසු ඔබට වැටහේවි.
⛔ මත්පැන් එපා‼️
ඔබ පැරසිටමෝල් ඖෂධය භාවිතා කරන්නේ නම් මත්පැන් භාවිතය අනතුරුදායක වේ.
මන්දයත් එවිට අක්මාව ආශ්රිත රෝගී තත්වයන් හටගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
⛔ ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.
ඔබ හට අක්මා හෝ වකුගඩු ආශ්රිත රෝගී තත්වයන් පවතී නම් ඖෂධ ලබාගැනීමේදී වෛද්‍යවරයා හට දන්වන්න.
⛔ දීර්ඝකාලීන උණ තත්වයන්හි දී ?
ඔබට දීර්ඝකාලීන ව උණ තත්වයන් පවතී නම් වෛද්‍ය නිර්දේශයකින් තොරව පැරසිටමෝල් දින 3කට වඩා වැඩි කාලසීමාවක් භාවිතයෙන් වළකින්න. එසේ දින 3කට වඩා උණ පවතින්නේ නම් නොපමා ව ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
✅පැරසිටමෝල් මාත්‍රාව
සාමාන්‍යයෙන් පැරසිටමෝල් පෙති(tablets) වශයෙන් සුලබ ව භාවිතා කෙරුණ ද තවත් මාත්‍රා ආකාර කිහිපයක් පවතී. කුඩා දරුවන් සඳහා ප්‍රධාන වශයෙන් පැරසිටමෝල් දියර (syrup) වශයෙන් ලබා දේ.
මීට අමතර ව ගුද මාර්ගය හරහා යවන මාත්‍රා ආකාරයක් (suppository) හා රුධිරය වෙත නික්ෂේපණය - එන්නත් හරහා (intravenous - IV infusion) ද සිදු කෙරේ.
ඖෂධයක් ලබා දීමේදී ප්‍රධාන වශයෙන් රෝගීන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගැනීම සිදු කෙරේ.
එනම් ,
💊 කුඩා දරුවන් හා
💊 වැඩිහිටියන් ලෙසයි.
පැරසිටමෝල් ලබාදීමේදී කුඩා දරුවන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අසුරණයේ සඳහන් පරිදිම මාත්‍රාව නිවැරදි ව ලබාදිය යුතුය.
එහිදී පැරසිටමෝල් දියර (syrup) ලබාදීමේදී ඩ්රොපරයකින් හෝ තේ හැන්දකින් ලබාදිය හැක.(තේ හැන්දක් යනු මිලිලීටර 5කි.)
පැරසිටමෝල් කුඩා දරුවන් සඳහා භාවිතයේ දී සැලකිය යුතු ප්‍රධානත ම සාධකය නම් දරුවා ගේ ශරීර බරයි.
🔅 සාමාන්‍යයෙන් කුඩා දරුවන් සඳහා ශරීර බර කිලෝග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක පැරසිටමෝල් ප්‍රමාණයක් (15mg/1kg) නිර්දේශ කෙරේ. දිනකට ලබාදිය හැකි උපරිම මාත්‍රා ගණන 4කි. ඒ අනුව කුඩා දරුවෙකුට දිනකට ලබාදිය හැකි උපරිම පැරසිටමෝල් මාත්‍රාව කිලෝග්‍රෑම් 1ක් සඳහා මිලිග්‍රෑම් 60කි (60mg/1kg). පැය 6න් 6ට භාවිතය සුදුසු වේ.
🔅 වැඩිහිටියන් සඳහා පැරසිටමෝල් මාත්‍රාව වරකට ග්‍රෑම් 1ක් (1g) , එනම් පෙති 2ක් (සාමාන්‍යයෙන් පැරසිටමෝල් පෙත්තක් 500mg ලෙස ලබාගත හැක.) පැය 6කට වරක් නිර්දේශ කෙරේ. වැඩිහිටියෙක් සඳහා දිනකට නිර්දේශිත උපරිම පැරසිටමෝල් මාත්‍රාව ග්‍රෑම් 4කි (4 g).
⛔ මාත්‍රා දෙකක් අතර පරතරය අවම වශයෙන් පැය 6ක් වත් විය යුතු ය.
⛔ මාත්‍රාවක් මග හැරුණොත් 🤔
ඔබට යම් හෙයකින් එක් මාත්‍රාවක් ලබාගැනීමට නොහැකි වුවහොත් කිසිසේත් ම මාත්‍රා 2ක් එකවර ලබාගැනීම සිදු නොකරන්න. එම මාත්‍රාව අත හැර ඉදිරි මාත්‍රාවේ සිට නිවැරදි ව ඖෂධය ලබාගන්න.
⛔ පැරසිටමෝල් අධිමාත්‍රා ශරීරගත වීමකදී ‼️
යම් හෙයකින් නිර්දේශිත පැරසිටමෝල් මාත්‍රාව ඉක්මවූයේ නම් ශරීරයට අපහසුතාවක් නොදැණුන ද වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන්න. පැරසිටමෝල් අධිමාත්‍රා ඔබේ අක්මාවට හානි කළ හැක !! කෙසේනමුත් ඉක්මනින් නිසි ප්‍රතිකාර වලට යොමුවීමෙන් සිදුවියහැකි හානි අවම කරගත හැකිය.
පැරසිටමෝල් භාවිතයේදී සැලකිල්ලට ගත යුතු අනෙක් කරුණ නම් , පැරසිටමෝල් ඖෂධය අඩංගු නිෂ්පාදන කිහිපයක් එක විට භාවිතයේදී අධිමාත්‍රා වීම සිදුවිය හැකි වීමයි.
එබැවින් සාමාන්‍ය උණ රෝග හා වේදනාවන්හිදී ද වෛද්‍ය උපදෙස් අනුව පැරසිටමෝල් භාවිතය නුවණට හුරු වේ.
පැරසිටමෝල් අධිමාත්‍රා වූ විට ඇතිවන රෝග ලක්ෂණ මොනවාද❓
⛔ ඔක්කාරය
⛔ වමනය
⛔ ආහාර අරුචිය
⛔ උදරයේ වේදනාව
දීර්ඝකාලීනව, අක්මා සෛලවලට හානි පැමිණවීමද සිදුවිය හැකිය.
✅ අතුරු ආබාධ
නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගත් විට අතුරු ආබාධ ඇති වීම සිදු නො වන තරම් ය. එහෙත් කලාතුරකින්,
⛔ හුස්ම ගැනීමේ අපහසුතා
⛔ මුහුණ , ගෙල , තොල් සහ උගුර ඉදිමීම
⛔ සමේ පලු දැමීම,කැසීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක.
එවැනි අවස්ථාවලදී ඖෂධය ගැනීම නවත්වා, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවිය යුතුය.
✅ පැරසිටමෝල් ගබඩා කිරීම
සැම විටම සුළං නොවදින පරිදි , හිරු එළියෙන් ආරක්ෂා කොට අසුරා තැබිය යුතුයි.
තව ද කුඩා දරුවනට ළඟා විය නොහැකි පරිදි ගබඩා කිරීමට වග බලා ගත යුතුයි.
එසේ නොවුණහොත් කුඩා දරුවන් විසින් පැරසිටමෝල් පෙති හෝ දියර වැඩි ප්‍රමාණයක් ගිල දැමීම හේතුවෙන් අධිමාත්‍රා විය හැක.
තව ද සෑම විටම මිලදී ගැනීමේ දී, භාවිත කිරීමේ දී කල් ඉකුත් වීමේ දිනයට (Expiry date) පෙර දිනයක්දැයි සැලකිලිමත් වන්න.
⛔ ඔබේ අවධානයට
සෑම විටම වෛද්‍ය උපදෙස් වලට අනුකූලව ඖෂධ භාවිතා කර , සිදුවිය හැකි හානි හානි හා අතුරුආබාධ අවම කරගනිමු.
මූලාශ්‍ර:
https://www.medicines.org.uk/emc/product/5164/pil
Sri Lanka Student Formulary
සටහන - නිකේශලා කල්පනී
𝗣𝗮𝗿𝗮𝗰𝗲𝘁𝗮𝗺𝗼𝗹 is a painkiller and an over-the-counter medicine that is widely used by people.
But most people take this medicine without considering its benefits and risks. It is important to know about the medicines you take, and this information will provide you with good knowledge on paracetamol.
✅ 𝗜𝗻𝘀𝘁𝗮𝗻𝗰𝗲𝘀 𝘄𝗵𝗲𝗿𝗲 𝗣𝗮𝗿𝗮𝗰𝗲𝘁𝗮𝗺𝗼𝗹 𝗶𝘀 𝘂𝘀𝗲𝗱
Paracetamol is a painkiller. It is used for the relief of
⛔Headache
⛔Toothache
⛔Muscle pain
⛔Fever that comes with the common cold.
✅ 𝗛𝗼𝘄 𝘁𝗼 𝘁𝗮𝗸𝗲 𝗣𝗮𝗿𝗮𝗰𝗲𝘁𝗮𝗺𝗼𝗹
⛔Concurrent consumption of alcohol and use of Paracetamol should be avoided. It will increase the risk of damaging your liver cells.
⛔Inform the doctor if you have kidney or liver diseases.
⛔If you have a high fever for more than 3 days of treatment, or if pain persists even after 5 days of treatment, you should contact your doctor.
✅ 𝗗𝗼𝘀𝗲
⛔Always use this medicine exactly as described by your doctor or pharmacist.
⛔Do not exceed the stated dose.
⛔Many types of dosage forms of Paracetamol can be seen. (tablets,syrups,suppository,intravenous infusions)
⛔Paediatric dosage should be based on body weight, and a suitable dosage form (mainly syrup) should be used.
The usual paediatric dose is 15 milligrammes of Paracetamol per 1 kilogramme (15 mg/1 kg) of body weight in 6 hours.
The maximum daily dose is 60 milligrammes of Paracetamol per 1 kilogramme (60 mg/kg) of body weight.
⛔The usual adult dose is 1 gramme, 6 hourly (each 500 mg, two tablets).The maximum daily dose is 4 grammes per day.
⛔You should wait at least 4 hours between doses.
⛔If you forget to take your Paracetamol dose, do not take a double dose to make up for a forgotten dose. Skip that dose and continue with the next dose.
⛔If you take more Paracetamol tablets than you should, Inform the doctor even if you feel well because high doses can cause serious liver damage.
⛔Symptoms of overdose are; Loss of appetite, nausea, diarrhoea,vomiting, and abdominal pain.
⛔Do not take other Paracetamol-containing products while taking Paracetamol.
✅ 𝗣𝗼𝘀𝘀𝗶𝗯𝗹𝗲 𝘀𝗶𝗱𝗲 𝗲𝗳𝗳𝗲𝗰𝘁𝘀
⛔Difficulty in breathing; swelling of the face, neck, tongue, or throat.
If you have these symptoms after taking Paracetamol, Stop taking this medicine and get immediate medical advice.
✅ 𝗛𝗼𝘄 𝘁𝗼 𝘀𝘁𝗼𝗿𝗲 𝗣𝗮𝗿𝗮𝗰𝗲𝘁𝗮𝗺𝗼𝗹
⛔Keep this medicine out of the sight and reach of children.
⛔Do not store above 25 °C.
⛔Store away from sunlight.
⛔Do not use this medicine after the expiration date.
⛔ 𝗥𝗶𝘀𝗸𝘀 𝗮𝗻𝗱 𝘀𝗶𝗱𝗲 𝗲𝗳𝗳𝗲𝗰𝘁𝘀 𝗰𝗮𝗻 𝗯𝗲 𝗺𝗶𝗻𝗶𝗺𝗶𝘀𝗲𝗱 𝗯𝘆 𝘂𝘀𝗶𝗻𝗴 𝘁𝗵𝗲𝘀𝗲 𝗺𝗲𝗱𝗶𝗰𝗶𝗻𝗲𝘀 𝘂𝗻𝗱𝗲𝗿 𝘁𝗵𝗲 𝗶𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗱𝗼𝗰𝘁𝗼𝗿.
References; https://www.medicines.org.uk/emc/product/5164/pil
Sri Lanka Student Formulary.
Written by- Nikeshala Kalpani
#පැරසිටමොල්