29/05/2026
"නිධීනං’ව පවත්තාරං - යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස - සෙය්‍යෝ හෝති න පාපියෝ"
නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් මෙන්, නුවණැත්තා අඩුපාඩු දැක, කරුණාවෙන් අවවාද කර, වරදෙන් මිදෙන්ට උදව් කරයි. එබඳු නුවණැති සත්පුරුෂයන් ඇසුරු කළ යුතුයි. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක්ම සිදු වේ. අයහපතක් නම් සිදු නොවේ.
(ධම්මපදය-පණ්ඩිත වග්ගය)
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ ඉපදීම, ලොව්තුරා බුදු වීම සහ උතුම් පරිනිර්වාණය යන තෙමඟුල සිදු වූ, ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය මෙන්ම ශාසනික හා ඓතිහාසික සිදුවීම් රැසකින් අනුපමේය වූ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. 🙏
තෙමඟුල් සිරි අසිරියෙන් සිත් සතන් සනහාලමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින්, මෙත් කරුණා ගුණයෙන් හා ප්‍රඥාවෙන් ජීවිතය ආලෝකමත් කරගන්නා වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!☸️🤍