Fly In OUSL -පියඹමු විවෘතයේ

Fly In OUSL -පියඹමු විවෘතයේ Fly In OUSL
පියාපත් දිගහරින්න...විවෘතය ඔබේ....

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ,සමාජ අධ්‍යන අංශයේ හිටපු කථිකාචාර්යවරියක් විදියට ඔබ අපට ආඩම්බරයක් .❤️❤️ශ්‍රී ලංකා ප්‍රජ...
24/09/2024

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ,සමාජ අධ්‍යන අංශයේ හිටපු කථිකාචාර්යවරියක් විදියට ඔබ අපට ආඩම්බරයක් .❤️❤️

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැතිනි Harini Amarasuriya මැඩම්.....

ඔබට විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යන අංශය ඇතුලු සියලුම අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්.❤️❤️

The short courses on Chinese Language is a series of courses offered to Sri Lankans in collaboration with the Shanghai O...
13/06/2024

The short courses on Chinese Language is a series of courses offered to Sri Lankans in collaboration with the Shanghai Open University in China. This is designed primarily for those who need to learn Chinese language for their day today activities.

Programme Code :
Programme Category :
Certificate Programme (Short Course)
Conducted by :
Department of Language Studies, Faculty of Humanities and Social Sciences
Programme Duration :
HSK level 01 – 04 months (34 hours)

HSK level 02 – 05 months (34 hours)
Discipline(s) / Course(s) :
Language
Medium :
English, Chinese, Sinhala languages

Issuing of Applications :
05th May 2024

Closing Date for Applications :
Extended until 17th June 2024

Programme commencing date :
17th June 2024

HSK level 01 – Rs. 350.00 (application fee) + Rs. 30,000 (tuition fee) = Rs. 30,350.00 (Total)
HSK level 02 – Rs. 350.00 (application fee) + Rs. 30,000 (tuition fee) = Rs. 30,350.00 (Total)

Address:
Contact :
Public Information Division(PID)
E-mal :
[email protected]

ප්‍රතිඵල Facebook දැමීමට නොහැකිවූ දරුවනි .ඔබවෙනුවෙන්  සෑම දිස්ත්‍රික්කයකම විවෘත විශ්වවිද්‍යාලය ඇත ලගම විවෘත විශ්වවිද්‍යා...
01/06/2024

ප්‍රතිඵල Facebook දැමීමට නොහැකිවූ දරුවනි .
ඔබවෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම
විවෘත විශ්වවිද්‍යාලය ඇත
ලගම විවෘත විශ්වවිද්‍යාලය වෙත යොමුවී ජීවිතය ජයගන්න

පියාපත් දිග හරින්න....
විවෘතය ඔබේ...

මහනුවර(පොල්ගොල්ල)ඔබ සැමට බැති සිතින් ඇරයුම් 🙏🏼
23/05/2024

මහනුවර(පොල්ගොල්ල)
ඔබ සැමට බැති සිතින් ඇරයුම් 🙏🏼

පියඹමු විවෘතයේ 🫡
18/04/2024

පියඹමු විවෘතයේ 🫡

සොයුරු බැමි පිරිහම් කරන්නට..."විවෘතයේ එරබදු උදානය-2024"බක්මහ සංස්කෘතික උළෙලඅප්‍රේල් 27උදෑසන 8.30 සිටනාවල විවෘත විශ්වවිද්...
04/04/2024

සොයුරු බැමි පිරිහම් කරන්නට...

"විවෘතයේ එරබදු උදානය-2024"

බක්මහ සංස්කෘතික උළෙල

අප්‍රේල් 27
උදෑසන 8.30 සිට
නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී.......

විවෘතයේ ඔබ සැමට ආරාධනා......!

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

රොබෝසියා මලට දෙවෙනි නැති,බක් මසට විවෘතය ලස්සන කරන,විවෘතය කහවතටසැරසවූ,කහ මලේ....හැඩයි අද නම් ඔයාවෙනදා මෙන් නොවේ.... #විවෘ...
03/04/2024

රොබෝසියා මලට
දෙවෙනි නැති,
බක් මසට විවෘතය
ලස්සන කරන,
විවෘතය කහවතට
සැරසවූ,
කහ මලේ....
හැඩයි අද නම් ඔයා
වෙනදා මෙන් නොවේ....
#විවෘතයට #ආදරය #කහමල්
☘️☘️☘️☘️☘️☘️☘️☘️
🌼🌼🌼🌼🌼🌼🌼🌼
Credit:- @ගෙත්තම්

විවෘතය ගැන අත්දැකීමෙන් ආදරෙන් ලියමි.."Open කැම්පස් කිව්ව ගමන් හැමෝම අහන ප්‍රශ්නේ කරදර නැද්ද එහේ..."-යස අගේට අවුරුදු 4න් ...
10/03/2024

විවෘතය ගැන අත්දැකීමෙන් ආදරෙන් ලියමි..

"Open කැම්පස් කිව්ව ගමන් හැමෝම අහන ප්‍රශ්නේ කරදර නැද්ද එහේ..."

-යස අගේට අවුරුදු 4න් 5න් උපාධිය කරගෙන ආවා..ගන්න පුලුවන් උපරිම ෆන් එකත් අරන් ආවා..

"කෑම නැහැල්ලූ නේද.. එහෙ කෑම කන්න අමාරුයි .."

-කිසිම අහේනියක් නැතුව වඩෙ තෝස කාලා අපිත් එකතු වෙලා උයන් කාලා අවුරුදු 4 සේරම දිරෝ ගත්තා.

Open කැම්පස් කිව්ව ගමන් අපිත් මුලින් ටිකක් අදි මදි කරා ඇත්තටම...ඒත් අනිත් කැම්පස් වලින් ගන්න බැරි අත්දැකීම් ගොඩක් විවෘතෙට ගිය කොල්ලෝ කෙල්ලෝ ගත්තා. යන්තම් හරි ඉංග්‍රීසි ටිකක් ගැටහහ ගන්න පුලුවන් වුණේ open එකේ හිටපු හින්දා...

බයෙන් බයෙන් කැම්පස් ආපු කෙල්ලෝ ගොඩක්,අවුරුදු 4 ඉවර වෙලා යන්නේ යකඩ හයියක් එක්ක..ඕනිම දේකට ඔට්ටු ගානට...

අවුරුදු ගානක් ඩිග්‍රී එක ඇදෙනවලු නේද?

නාහෙට අහන්නෙ නැතුව වැඩ කරොත් නම් ලොවෙත් කෙලවෙනවා. හැබැයි හරියට වැඩ ටික කරගන්නවනම් හරි කාලයට ඩිග්‍රී එක ගන්න පුලුවන්.
වටේ උන් කතා ගොඩක් කියයි
හැබැයි අවුරුදු හතරෙන් පහෙන් ඩිග්‍රී ගත්තු උන්
ගොඩක් ඉන්නවා.

සුර සැප ලෝකයක් නම් නෙවේ.. කට්ටක් තියෙනවා.. ඒත් මහමෙරක් අත්දැකීම්..

පේරාදෙණි වගේ ලස්සන කදු පංති සීතල හිරිකඩ නෑ..හැබැයි..පේරාදෙණි වගේ විවෘතය කියන්නෙත් ලස්සන ආදර කතා ගොඩකට මුලපුරන්න තෝතැන්නන්ක් වුණ තැනක්..

Open එකේ ලස්සන විදින්න... දකින්න.. අවුරුදු 4 ක් 5ක් මදි වුණා.. නොකියාම හොරෙන්ම..ඒ පරිච්ඡේදය ඉවර වෙලා..

අන්තීමට කියන්න තියෙන්නේ.. විවෘතයට පලයන් අනිවා.....කට්ටක් හැබැයි.. ඒ කාශ්ඨකේ හරි රහයි….

වටේ උන් කියයි නොයෙක් කතා
උන් ඒක විඳපු උන් නෙවේ. ගේමක් ගහනවනම් උබට තියෙන හොදම තැනක් විවෘතය..
_____________________________
☘️🍀🍀🍀🍀☘️🍀☘️🍀☘️🍀☘️🍀

Credit _Dismika_

🎉 07 Days More! ⌛🏆 Champion's Night 2023 - March 7, 2024📅 Save the Date!📍 OUSL Nawala Main Auditorium🎉 Join us as we cel...
29/02/2024

🎉 07 Days More! ⌛

🏆 Champion's Night 2023 - March 7, 2024

📅 Save the Date!
📍 OUSL Nawala Main Auditorium

🎉 Join us as we celebrate the champions of the Sports Meet and honor our university representatives! It's going to be an unforgettable night filled with excitement and recognition. Let's cheer for our winners and showcase the spirit of our university! 🎊

මේ ඉන්නෙ 1984 වසරේ පවත්වපු උසස් පෙළ විභාගයෙන් කොළඹ රාජකීය විද්‍යාලය බිහිකළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා.මා මිත්‍ර ...
25/02/2024

මේ ඉන්නෙ 1984 වසරේ පවත්වපු උසස් පෙළ විභාගයෙන් කොළඹ රාජකීය විද්‍යාලය බිහිකළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා.
මා මිත්‍ර සංසදයේ බොහෝ දෙනෙක් ඔහුව නොදන්නා නිසාත් තවත් වැඩි දෙනෙක් රූපෙ ඇඳිරුවත් වැඩි විස්තරයක් නොදන්නා නිසාත් මං ඔහු ගැන කෙටි සටහනක් මේ විදියට තියන්නම්.
ආණමඩුව හද්ද ඉහත්තාවෙ සිංහල වෙද මහතෙකුටත් ගැමි ගෘහණියකටත් දාව මේ කොලු ගැටයා උපදින්නෙ 70 දශකයෙ මුල් කාර්තුවේ. පාසල් වයසෙ ඉඳලම ඉගෙනීමට අති දක්ෂ වුණු මොහු ශිෂ්‍යත්වය සමත් වෙලා මාදම්පෙ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වෙනවා. එතනින් දිස්ත්‍රික්කයෙ ප්‍රථමයා විදියට සාමාන්‍ය පෙළ සමත් වෙලා තමයි මෙයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වෙන්නෙ.
ඔහු රාජකීය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ වාර්තා පොත් අලුත් කරමින් ( ඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් / පී.සී. ඩබ් පීරිස් / එෆ්. ඊ. වීරසුරිය / තිස්ස වික්‍රමසිංහ ) යන අනුස්මරණ ත්‍යාග 4 ම එකවර හිමිකරගත් ශිෂ්‍යයෙක්.
උසස් පෙළින් තාප්ප කිහිපයක පරතරය තරණය කරමින් ඔහු ඇතුලත් වෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට.
පිය ආභාෂයෙන් වෛද්‍යවරයෙකු වෙන්න අනේක සිහින දුටු මොහු පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එවක රජය ගත් තීරණ වලට එදිරිව තම සිහින විසි කර ශිෂ්‍ය අරගලයට එකතු වෙන්න තීරණය කරනවා. ත්‍රිමා විතාන නම් ජ්‍යේෂ්ඨ සගයා ඇසුරේ දිවයින පුරා ශිෂ්‍ය ව්‍යාපාර පුද්ගලික වෛද්‍ය පීඨ වලට එරෙහිව මෙහෙයන්න මේ අති දක්ෂ තරුණයා නොපැකිලව කටයුතු කරනවා. බාලේගෙන් ( නිමල් බාලසූරිය ) පසු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙහෙය වීමේ වගකීම ද මේ සහෝදරයා තම දක්ෂතා මත පිහිටමින් මනාව කළමණාකරණය කිරීමට සමත් වෙනවා.
1989 කොල්ලුපිටියෙ දී සජිත්ගෙ තාත්තගේ ආණ්ඩුවෙන් පැහැරගෙන එම වසරේ ම සැප්තැම්බරයේ 21 වනදා මේ තරුණයා දරුණු වද හිංසා වලට ලක් කර ඝාතනය කරන විට අතේ ඇඟිලි කිහිපයක් පවා කපා දමා තිබුණා. ඔහු ලේ වැගිරුණු ඇඟිලි කොටයෙන් වධකාගාර බිත්තියේ මේසේ සටහනක් තබා තිබුණා.
" මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් කළෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා ! "

එවක පුද්ගලීකරණය කර තිබුණු රාගම වෛද්‍ය පීඨයේ සිසුන් අදටත් එහි නිදහස් අධ්‍යාපනය ලබන්නේ මොහු මෙහෙයවපු අරගලයේ ආශිර්වාදයෙන්.

ජීවත් වෙලා හිටියනම් අදට මේ තරුණයාට වයස අවුරුදු 50 ක්, මේ වෙද්දි කොළඹ හෝ මහනුවර ජාතික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රොගීන් ලක්ෂ ගණනකට ජීවිතය දීලා ඇති!

වෙනුර එදිරිසිංහ සහෝදරයා , නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබට පින් 🙏🏻

උපුටනයකි.... ✍️

Address

#21, Nawala
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Fly In OUSL -පියඹමු විවෘතයේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Fly In OUSL -පියඹමු විවෘතයේ:

Share