18/02/2026
අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යයන වර්ශ දෙකක සිසුන්ව මාර්ගගත දේශන වලට යොමු කිරීම සහ පීඨයේ කාලාන්තරයක් පුරා පවතින අධ්‍යයන සහ සුභසාධන ගැටලු වලට විසඳුම් ලබාදීම ප්‍රමාද වීමට විරෝධය පලකරමින් කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් 2026 පෙබරවාරි 12 දින සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද විරෝධතා ක්‍රියාමාර්ගය.
කොරෝනා වසංගත සමයේ විකල්ප අධ්‍යාපන ක්‍රමයක් ලෙස ගෙන ආ මාර්ගගත online අධ්‍යාපන ක්‍රමය වසංගතය අවසන් වීමෙන් පසුවත් දීර්ඝ කාලයක් පුරාවට පීඨයේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට හානි කරමින් සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතීන් උල්ලංඝනය කරමින් කළමනාකරණ පීඨය තුල ක්‍රියාත්මක විය.
මාර්ගගත ක්‍රමය තුළ ප්‍රමානවත් අන්තර්ජාල සබඳතාවක් නොමැති වීම, අධ්‍යයනයට සුදුසු වටපිටාවක් නිවෙස් වල නොමැති වීම සහ ප්‍රමාණවත් තාක්ෂණික උපකරණ සිසුන් සතුව නොමැති බව වැනි හේතූන් නිසා සිසුන් මුහුන දුන් විවිධ දුෂ්කරතා හේතුවෙන් මාර්ගගත දේශන ක්‍රමයට දිගින් දිගටම එල්ල වූ ශිෂ්‍ය විරෝධතා හමුවේ. කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් පසුගිය වසරේදී ශිෂ්‍ය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කල මොහොතේ පීඨයේ කණ්ඩායම් හතරටම භෞතික දේශන පවත්වන බවටත් මාර්ගගත දේශන ක්‍රමය නැවත ක්‍රියාත්මක නොකරන බවටත් පීඨ පරිපාලනය සහ විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ට පොරොන්දුවක් ලබා දුන්නද මේ වන විට එම පොරොන්දුව බොරු පොරොන්දුවක් බවට පත් කරමින් නැවතත් පීඨ පරිපාලනය කළමනාකරණ පීඨයේ 2022/23 සහ 2023/24 යන අධ්‍යයන වර්ෂ වල සිසුන් සඳහා මාර්ගගත දේශන ක්‍රමය ක්‍රියාත්මක කරමින් සිටී.
2026.02.12 දින එල්ල වූ ශිෂ්‍ය විරෝධතාවයට ප්‍රතිචාර ලෙස පීඨ පරිපාලනය සහ විශ්ව විද්‍යාල පරිපාලනය එක්ව සිසුන්ගේ ඉල්ලීම් වලට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුනොකර සිසුන් නොමඟ යැවීම හේතුවෙන් එම විරෝධතාවයේම දිගුවක් ලෙස අද දින අග්නිදිග පරිපාලන ගොඩනැගිල්ල වටලා විරෝධතාවයේ නිරත වීමට කළමනාකරණ පීඨයේ සිසුහු ක්‍රියාකලහ.
අසාර්ථක මාර්ගගත දේශන ක්‍රමය අත්හිටුවා සියලු අධ්‍යයන වර්ෂ සඳහා භෞතික දේශන ආරම්භ කරන තුරු අරගලය නොනවතිනු ඇත 🚩