29/03/2023
Amazing AI gen tool from Adobe....!
🔴 වැඩ පහසු කරන Adobe Ai - FireFly 😮🔥
මේ වෙද්දි ආයතනය විසින් එයාලගේ අලුත්ම AI platform එක ලෙස Firfly යෙදවුම පසුගිය මාර්තු 21 වෙනිදා පරිශීලකයන්ට ලබා දුන්නා. ඉතින් මේක Beta Version එකක් ලෙස ඔබට භාවිතා කරන්න පුලුවන්. නමුත් ඔබට Adobe ID එකක් තියෙන්න ඕනේ මේකට onboard වෙන්න නම්. ඉතින් Adobe සමාගම පෙන්වා දෙන්නේ මේ Ai එක " Do Not Train " යන තේමාව යටතේ නිර්මාණය වූ Ai එකක් බවයි. ඒ වගේම මෙය වේගවත් සහ භාවිතයට පහසු Ai එකක් ලෙසත් ඔවුන් පෙන්වා දෙනවා. අපි මෙහි ප්‍රධාන කරුණු කිහිපයක් අද කතා කරමු 🧠
1) 𝗚𝗶𝘃𝗶𝗻𝗴 𝗖𝗿𝗲𝗮𝘁𝗼𝗿𝘀 𝗡𝗲𝘄 𝗦𝘂𝗽𝗲𝗿𝗽𝗼𝘄𝗲𝗿𝘀
මෙහිදී Adobe සමාගම විසින් creators ලට ඉතාමත් වේගයෙන් වැඩ කරන්න පුලුවන් smooth performances ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. එමගින් creators ලගේ imagination වැඩි කරගන්න එකයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන අදහස text input එකක් ලෙස ලබා දීලා අවශ්‍ය vectors, images, audio, videos and 3D මේ හැමදේම නිර්මාණය කරගන්න පුලුවන් කමත් ඔවුන් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ Ai එක නිසා creators ලට එයාලගේ design වල changes කරන එකත් ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන් වෙයි කියලා Adobe සමාගම පෙන්වා දෙනවා.
2) 𝗛𝗶𝗴𝗵 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗜𝗺𝗮𝗴𝗲𝘀 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗱 𝘁𝗼 𝗕𝗲 𝗦𝗮𝗳𝗲 𝗙𝗼𝗿 𝗖𝗼𝗺𝗺𝗲𝗿𝗰𝗶𝗮𝗹 𝗨𝘀𝗲
මෙහිදී Adobe සමාගම සඳහන් කරන්නේ මේ Ai එකෙන් generate වෙන හැම image එකක්ම professional grade license images කියලයි. Copyright free genuine images මේ විදිහට generate කරලා ලබා දෙන බවත් ඒ සියලු images commercial uses වලට භාවිතා කරන්න පුලුවන් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
▪️මේ වෙද්දි මේ FireFly Ai එක නිසා creators ලට එයාලගේ design එකක experiment එකක් කරගන්න ඕනේ උනොත් design එක save නොකරම මේ Ai එක හරහා තමන්ගේ අදහසට අනුව design එකේ changes කරලා බලන්න පුලුවන් අවකාශය උදා වෙලා තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට design එකෙන් එකට save කර කර ඉන්න ඕනේ වෙන එකක් නැති වෙයි සහ ඔබගේ අදහස එවෙලෙම තත්පර කිහිපයක් ඇතුලත ඔබේ design එකට දාලා බලාගන්න පුලුවන් කමත් ලැබෙයි.💯
▪️ඒ වගේම මින් ඉදිරියට ඔබට custom vectors, brushes සහ textures නිර්මාණය කරගන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. FireFly හරහා ඔබට පුලුවන් ඔබේ අදහස text එකක් විදිහට හෝ hand draw sketch එකක photo එකක් විදිහට ලබා දීලා තත්පර කිහිපයක් ඇතුලත ඔබට අවහශ්‍ය ඕනෑම දෙයක් generate කරලා ගන්න.
▪️ඔබට පුලුවන් ඉදිරියේදී මේ Ai එක හරහා ඔබගේ video editing සියල්ලම සුලු වේලාවකින් කරගන්න. උදාහරණයක් විදිහට ඔබ දහවල් කාලයක දර්ශන සහිත වීඩීයෝවක් නිර්මාණය කරනකොට හිතුනොත් මේක හිම වැටෙන දවසක වීඩියෝවක් වගේ නිර්මාණය කරගන්න ඕනේ කියලා ඔබට පුලුවන් ඔබේ අදහස මේ Ai එකට ලබා දීලා Atmosphere, weather වගේ හැම දේම වෙනස් කරලා හිම වැටෙන දහවලක වීඩියොවක් විදිහට නිර්මාණය කරගන්න.😮
▪️මේ FireFly හරහා ඉදිරියේදී ඔබට පුලුවන් වෙනවා unique posters, banners, social posts වගේ හැම දෙයක්ම එක prompt එකක් මගින් නිර්මාණය කරගන්න. උදාහරණයක් විදිහට ඔබ කිව්වොත් මට clothing brand එකකට sale post එකක් ඕනේ කියලා මේ FireFly එක ඔබට ඒක නිර්මාණය කරලා දෙනවා වගේම ඒකෙ තියෙන fonts, colors වගේ හැම දෙයක්ම ඔබට edit කරගන්න පුලුවන් හැකියාවත් තිබෙනවා හරියට template එකක් අරන් edit කරනව වගේ. නමුත් වෙනත් Ai වලින් නිර්මාණය කරන images වල ඒ හැකියාව නැති නිසා Adobe FireFly full customized Ai image generator එකක් ලෙස හඳුන්වන්න පුලුවන්.
▪️ඒ වගේම ඉදිරියේදී මේ FireFly හරහා ඔබට ඔබේ 3D Designing සියල්ලම Ai හරහා කරගන්න පුලුවන් හැකියාව ලැබේවි. උදාහරණයක් විදිහට ඔරලෝසුවක 3D video එකක් හිතමු. ඒකේ rotating moments, speed සහ textures, colors, materials වගේ හැම දෙයක්ම ඔයාට මේ Ai එකෙන් කරගන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ ඔයාගේ අදහස text එකක් විදිහට ලබාදෙන එක විතරයි.
ඉතින් එකී මෙකී නොකී බොහෝදේ ඉදිරියේදී මේ Adobe FireFly හරහා කරගන්න පුලුවන් වෙයි. නමුත් තවම මේකේ subscription එකක් සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. මේකේ Beta Development වලින් පසුව මේක පිළිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමටයි Adobe සමාගමේ බලාපොරොත්තුව. කොහොම නමුත් මේ FireFly content designing industry එකේ ලොකු පෙරලියක් කරයි කියලයි ගොඩක් දෙනෙක් මත පල කරන්නේ. මේ Ai එක Adobe package එකේ integration එකක් විදිහට ඉදිරියේදී ඔබට බලාගන්න පුලුවන් වේවි.
✍️ සටහන Tips By Kavindu
Adobe Firefly is a new tool that lets creators generate high-quality content quickly and easily using natural language input. It supports various types of co...