24/10/2023
කංසා ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයෙකු, අධිකරණයේ විවෘත සිර මැදිරියේ රඳවා තබා සිට, සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේදී ඉන් එළියට පැන, නඩු කටයුතු වලට පෙනී සිටීමට පැමිණි සිටි නීතිඥවරියක ග්‍රහණයට ගෙන ඇගේ ගෙල සිර කළ සිදුවීමක් පුවත්පත් කිහිපයක්ම වාර්තා වී තිබිණි.
මෙහිදී මෙම නීතිඥවරිය මරාදැමීමේ අරමුණෙන් මෙම සැකකරු මෙම ක්‍රියාව සිදු කළ බව ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති අතර, මෙය ලිංගික හිංසන තැතක් ලෙසින් තවත් පුවත්පත් වාර්තා කර තිබිණි.
මේ අතර අරුණ පුවත්පත පමණක්, කාටූනයක් ද සහිතව මෙම පුවත වාර්තා කර තිබිණි.
ඔබේ අදහසට අනුව,
1) මෙම අරුණ කාටුනය ඔස්සේ මෙම සිදුවීමට හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) බවක් ලබා නොදෙන්නේ ද? ඒ අනුව, මෙම සිදුවීමෙහි බරපතල භාවය කාටුනය ඔස්සේ සැහැල්ලු කොටන්න දැක්වෙන්නේ ද?
2) එසේ නම් මෙම සිදුවීම නිසියාකාරයෙන් වාර්තා කර ඇති පුවත් වාර්තාකරණය(න්) ලෙසින් ඔබ තෝරන්නේ කුමක්ද?
**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.
*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!