26/03/2021
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුන් ලියාපදංචි කිරීම සම්බන්ධවයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුන් ලියාපදිංචි කිරීම සදහා ලියුම් යොමු කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
රටේ පවතින කොරෝනා තත්වය නිසා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමේ කටයුතු මීට පෙර සිදුවුණ ආකාරයට සාපේක්ෂව වෙනස් ආකාරයට සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව මේ වන විට විශ්ව විද්‍යාලය සදහා 19 වසර සදහා තේරි පත් වූ සියලු දෙනාට E-Mail එකක් යොමු කර තිබෙන අතර ඊට අමතරව සියලු සිසුන් වෙත ශිෂ්‍ය ලියාපදිංචියට අදාල ලියුමක් තැපැල් මගින් ද යොමු කර තිබේ.
👉 මෙහිදී ශිෂ්‍ය ලියාපදිංචිය මූලිකව මාර්ගගත ක්‍රමයට සිදු කළ යුතුව තිබෙි.
වෙබ් අඩවිය https://stud.pdn.ac.lk
මෙම වෙබ් අඩවියට පිවිසීමේදී
Usernme :
ඔයාලගේ Entrollment Number එක ( A/19 /** )
Password :
ඔයාලගේ හැඳුනුම්පත් අංකය
ලබා දී අයදුම් පත සම්පූර්ණ කිරීම සිදු කළ හැකිය.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
👉 ලියාපදිංචිය සදහා අවශ්‍ය ලියකියවිලි
1.සාමාන්‍ය පෙළ සහතිකය
2.උසස් පෙළ සහතිකය
3.උප්පැන්න සහතිකය
4.පාසලෙන් අස්වීමේ සහතිකය
5.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කල ලිපිය (කොළ පාට ලියුම)
6.වර්ණ ජායාරූප 8ක්
සෙ.මී 4 × සෙ.මී 5
7.ජාතික හැදුනුම්පත
8.දිවුරුම් ප්‍රකාශයක් (නම්වල අඩු පාඩු පවතී නම් පමණි)
(මෙහිදී මුල් පිටපත් සමග සහතික කළ අනු පිටපතක් ඉදිරිපත් තළ යුතු ය.)
එමෙන්ම මහජන බැංකුවට හෝ ලංකා බැංකුවට විශ්වවිද්‍යාල ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට් එක ලබා ගත යතුය.
මෙම ගෙවීම ආසන්නතම බැංකු ශාකාවකින් සිදු කර ගත හැකිය.( CDM යන්ත්‍ර මගින් ගෙවීම් කටයුතු නොකරන්න)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - ...
මාර්තු මස 29 දින සිට දින කිහිපයකදී ලියාපදිංචි කටයුතු සිදු වන අතර විශ්ව විද්‍යාලය විසින් ඔබට වෙන් කළ දිනය තුළ තම ලියාපදිංචි කටයුතු සිදු කර ගත යුතුය. මුහුණුපොතේ එක් ගිණුමක මෙම ලියාපදිංචි කටයුතු එකම දිනකදි අවස්ථා කිහිපයක් ලෙස සිදු කරන බවට දැක්වෙන මතය සාවද්‍ය වන අතර තමාට අදාල දිනයේදි පැමිණීමට කටයුතු කරන්න.
එමෙන්ම ශිෂ්‍ය ලියාපදිංචි කටයුතු සිදු කරන
Registration එක ඉවර වෙලා ඔයාලට ඉංග්‍රීස් පරීක්ෂණ විභාගයකටත් මූණ දෙන්න වෙනවා...
ඒක තියෙන්නේ එදාම දවල් 12 ඉඳලා 2 වෙනකම්...
ඒකට ඔයාලා යන්න ඕන ශාලා විස්තර ඔයාලට ආපූ ලියුමේ තියනවා...කොටස් කරලා
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඔයාලට පොඩ්ඩක් හොයාගන්න අමාරු වෙයි ඔය කියන ශාලා කොහෙද තියෙන්නෙ කියලා...
ශිෂ්‍ය සංගමයේ අයියලා අක්කලා ඉන්නවා ඔයාලට උදව් කරන්න. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.
පොඩ්ඩක් උදෙන් ආවා නම් හොයාගන්න ලේසී...
ඔයාලට ආවට පස්සෙ වෙන ඕනම ගැටලුවකට ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් උදව් කරනවා....
මෙන්න මේ කියන කරුණු ගැනත් සැළකිලිමත් වෙන්න නංගි මල්ලි ...
* මෙම දින වලදී විශ්වවිද්යාලයේ ආපන ශාලා විවෘත නොකරන බැවින් යම් ආහාරයක් හා වතුර බෝතලයක් ඔබ සතුව තබා ගැනීම සුදුසුය.( පවතින තත්වය සැලකිල්ලට ගනිමින්)
* නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන බැවින් පීඨය ට ගමන් මලු රැගෙන ඒමේ අවශ්යතාවයක් නොමැත.
- අදාල පන්ති කාමර වෙත ගමන් මාර්ග ශාස්ත්ර පීඨයේ කලාගාරය ඉදිරිපිට ප්රදර්ශනය කොට ඇත.
* පවතින තත්වය හේතුවෙන් දෙමව්පියන්ට ශාස්ත්ර පීඨයේ පන්ති කාමර වලට ඇතුලත් වීමට අවසර දෙනු නොලැබේ.
*ශාස්ත්ර පීඨයේ බස් රථය ලියාපදිංචිය සදහා නියමිත සෑම දිනයකම උදෑසන 7.30 සිට ක්රියාත්මක වීමට නියමිතය. ( ගලහ හන්දියෙන් )*
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
තව විශේෂ දෙයක් තියනවා... ඉස්සරහට ඔයාලට අධ්යනය කටයුතු කටන්නේ සහ සියලු තොරතුරු දැනුම් දෙන්නේ... කැම්පස් එකේ Mail එකක් හරහා..
ඒක ඔයාලා එක එක්කෙනාට GMail හරහා ඔයාලටම අනන්යය E Mail එකක් හදාගන්න ඕනී ....
****.pdn.ac.lk විදියට එන...
ඒක හදාගන්න විදියේ සම්පූර්ණ විස්තරයක් ඔයාලට ආපූ PDF එකෙ තියනවා..
GMail වලට ගිහින් Login New Account ගිහින් ඒකේ Login Details වලට ඔයාලගේ Entrollment Number එකයි
[email protected] මෙන්න මේ විදියට දීලා Password එකට ඔයාලගේ ID Number එක දීලා ඒ Email එක හදාගන්න...
මේ Email එක පුලුවන් තරම් ඉක්මනට හදාගන්න නංගි මල්ලි...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
එහෙනම් ඔයාලගේ කැම්පස් ජීවිතේට හදවතින්ම සුබ පැතුම් නංගි මල්ලි... 🖤
ඔයාල ලියාපදිංචියට එන එක සම්බන්ධව ගැටලුවක් වුණොත් පහත දුරකතන අංකවලට ඇතුමක් ලබා දෙන්න.
0778634915
0787601759