02/03/2026
ජාත්‍යන්තර ගැටුම් ඇතිවූ විට දේශීය කොටස් වෙළඳපොලේ විකිණීම වැඩි වන්නේ ඇයි?
ජාත්‍යන්තර ගැටුමක් හෝ යුද්ධයක් පිළිබඳ පුවත් පළවූ විට, එය සෘජුවම ශ්‍රී ලංකාවට බලපානවාද යන්න සවිස්තරයෙන් විශ්ලේෂණය කිරීමට පෙර, මිනිසාගේ මොළය එය “අනතුරු සංඥාවක්” ලෙස හඳුනා ගනී.
මෙම අවස්ථාවේදී, මොළයේ භීතික කේන්ද්‍රය වන amygdala සක්‍රීය වී, “අවදානම අඩු කරගන්න” යන ආරක්ෂණ ප්‍රතිචාරයක් මතු කරයි. එම නිසා, ආයෝජකයා තම කොටස් විකිණීමෙන් risk එක අඩු කර ගැනීමට උත්සාහ කරයි.
ඊට අමතරව, පාඩු වළක්වා ගැනීමේ මානසික ප්‍රවණතාවය (loss aversion) නිසා, “තවත් මිල පහළ යාමට පෙර දැන් විකුණා දමමු” යන සිතුවිල්ල වඩාත් බලවත් වේ. පාඩුවක් වළක්වා ගැනීම, ලාභයක් බලාපොරොත්තු වීමකට වඩා මොළයට තදින් දැනේ.
අනෙක් ආයෝජකයන් විකිණීම ආරම්භ කරන විට, සමූහ ප්‍රවණතාවය (herd behavior) ද සක්‍රීය වේ. “අනිත් අය විකුණනවා නම්, මමත් විකුණන්න ඕන” යන සිතුවිල්ල decision එකට බලපායි.
බොහෝ අවස්ථාවල, සමාගම්වල සැබෑ වටිනාකම හෝ දේශීය ආර්ථික මූලධර්ම වෙනස් වී නැත. වෙනස් වී ඇත්තේ ආයෝජකයාගේ බිය සහ අවිනිශ්චිතභාවය පමණි.
Behavioral Economics අනුව, ජාත්‍යන්තර ගැටුම් කාලයේදී තත්‍ය තොරතුරු, දත්ත විශ්ලේෂණය, සහ විනය මත පදනම්ව තීරණ ගැනීමයි දිගුකාලීන සාර්ථකත්වයේ මූලික පියවර.
බිය තාවකාලිකයි. විනය සහ තාර්කික චින්තනය දිගුකාලීනයි.
Mental Wallet™
Behavioral Economics | Investor Psychology